යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි. 09 October 2024
ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10 දෙනෙකුට එක් පාදයක් හෝ පාද දෙකම අහිමිවී ඇති බවත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. 09 October 2024
හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල් මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. 09 October 2024
පළාත් කීපයකට අදත් තද වැසි බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 October 2024
විත්තියේ විරෝධතා විසිවේ:ශෂීගේ නඩුව විභාගයට ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය එරෙහි නඩුවේ විත්තියේ විරෝධතා ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා නඩු විභාගය ජනවාරි 28 වෙනි දින ආරම්භ කරන බව අද (08) නියෝග කළේය. 09 October 2024
දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂම ලෙස ඝාතනය කොට කෝටි සියයකට අධික දේපළ පවරා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවකු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහෙස්ත්‍රාත් මහේන්ද්‍ර රාජා මහතා අද(08) නියෝග කළේය. 08 October 2024
විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් වීමට සිප් කිරි පෙවූ සියලුම ගුරුවරුන් වෙනුවෙන් නොමිලයේ වෛද්‍ය සායනයක් ධර්මාශෝක විදුහල් මුදලිදු එස්.තෝමස් ද සිල්වා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. 08 October 2024
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. 08 October 2024
ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. 08 October 2024
ළිඳක තරුණයකුගේ සිරුරක් ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි. 08 October 2024
උපුල් තරංගට විවෘත වරෙන්තුවක් හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමට මාතලේ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා අද (08) වන දින නියෝග කළේය. 08 October 2024
ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි . 08 October 2024
’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉඳිපොළගේ මහතා නිවේදනය කරයි. 08 October 2024
පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත. 08 October 2024
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ. 08 October 2024
ඓතිහාසික බුවනෙකබා රාජසභා මණ්ඩපය ප්‍රතිසංස්කරණයට අවසර මීට වසර හතරකට පෙර බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් කඩා දැමුණු කුරුණෑගල ඓතිහාසික බුවනෙකබා රාජසභා මණ්ඩපය යලිත් එම ස්ථානයේ ප්‍රතිසංස්කරණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කොට තිබේ. 08 October 2024
හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (08) නියම කළේය. 08 October 2024
වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය. 08 October 2024
ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08) නියෝග කළේය. 08 October 2024
පාස්කු වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක් පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. 08 October 2024
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසර අවසානයට පෙර රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම වසර අවසන් වීමට පෙර පැවැත්වීමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා අද (08) පැවසීය. 08 October 2024
පුංචි සිඟිත්තියක් ඇළට බිලි දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ ගිලීමෙන් මියගොස් ඇති බව දංකොටුව පොලිසිය කියයි. 08 October 2024
අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ. 08 October 2024
චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. 08 October 2024
ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවේ පැවසීය. 08 October 2024
අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය. 08 October 2024
බඹරු ඇන 6 ක් රෝහලේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇත. 08 October 2024
මානව හිමිකම් සැසියේ ලංකාව ගැන කෙටුම්පත රජය ප්‍රතික්ෂේප කරයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයේ යෝජිත කෙටුම්පත තරයේ ප්‍රතික්ෂේප කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල සැලකිල්ලට ගෙන තිබේ. 08 October 2024
විෂ පොල්තෙල් වෙළඳපොළේ විෂ කාරක පොල්තෙල් (ලූස් තෙල්) වෙළඳපොළේ සුලභව පැතිර ඇති හෙයින් ඒ ගැන දැඩි විමසිල්ලෙන් පසු වන්නැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 08 October 2024
දේශගුණ බලපෑම් අවම කරන්න කලාපීය ගිවිසුමක් දේශගුණික විපර්යාස වල තීව්ර වන බලපෑම් මඟින් අවදානමට ලක්විය හැකි ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රජාවගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා වන කලාපීය ව්‍යාපෘතිය සඳහා වන ගිවිසුමට අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 October 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026