මැණික් ගඟේ දිය නෑ අයෙක් කිඹුලාට බිලි කතරගම මැණික් ගගේ දිය නෑමට ගිය පුද්ගලයෙකු කිඹුලෙකුගේ ප්‍රහාරයට ලක්ව දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය . 07 July 2024
කතරගම පෙරහරේ අලියා කුලප්පු වී 13 ක් රෝහලේ රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහැර ආරම්භ වී සුලු මොහොතකට පසු පෙරහරේ ගමන් ගත් අලියෙකු කුලප්පු වීමෙන් ඇති වූ කලබලයේදී පෙරහැර නැරඹූ පුද්ගලයින් 13 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි කතරගම පොලිසිය පැවසීය . 07 July 2024
කතරගම ඇසළ සැනකෙළිය ඇරැඹේ ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ පළමු පෙරහැර අද දින අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය. 06 July 2024
කලාවැව උද්‍යානයෙන් අභිරහස් සිරුරක් කලාවැව ජාතික උද්‍යානය තුළ ඇති ඇළ මාර්ගයක තිබී අභිරහස් ලෙස මිය ගිය පිරිමි පුද්ගලයකුගේ නරක් වූ මළ සිරුරක් ගල්කිරියාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද(06) සොයා ගනු ලැබීය. 06 July 2024
78ආච්චි දූෂණය කළ 17 කොල්ලා රිමාන්ඩ් බළංගොඩ දොරවෙළ ඔයේදිි ඉකුත් (27) වැනිදා 78 හැවිරිදි විවාහක කාන්තාවක දුෂණය කර අභිරහස් ලෙස මරණයට පත් කිරිමෙිි සිද්ධියක් සමිබන්දයෙන් 17 හැවිරිදි පාසල් සිසුවකු ලබන 8 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඩි එමි. චන්ද්‍රසේකර මහතා නියෝග කළේය. 06 July 2024
රට ආරක්ෂාකරන තාක්කල් පොහොට්ටු සහාය රනිල්ට රටත් ජනතාවත් ආරක්ෂා කරන තාක් කල් පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනපතිට ශක්තිය සහ සහයෝගය ලබා දෙන බව පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. 06 July 2024
ලැරීට ප්‍රතිවාදියෙක් ! මැතිවරණ ජයෙන් පසු කියෙර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඩවුනිං වීදියේ අංක 10 බලා පැමිණියේය. පසුගිය කාලය පුරාවට, අගමැතිවරුන් ආවා ගියත්, ඩවුනිං වීදියේ අගමැති නිවසේ හිමිකරුවෙක් සිටී. ඒ, ලැරී නමැති බළල් සුරතලාය. 06 July 2024
විදුලි සංදේශ පනත 9 වැනිදා විවාදයට ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත ලබන 9 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය 06 July 2024
කළුගල් ලොරිය කැලණි ගඟේ පාදුක්ක මීපේ සිට කොළඹ වරාය බලා කලු ගල් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් හංවැල්ල ඇඹුල්ගම මංසන්ධිය ආසන්නයේ දී පාලමක ආරක්ෂිත ඇදි වැටක් කඩා ගෙන කැළණි ගගේ අතු ඇළකට පෙරලී අද (06) අනතුරක් සිදු වූ බව හංවැල්ල පොලිසිය පවසයි. 06 July 2024
ඉරානයේ නව ජනපති මසූද් පෙසෙෂ්කියන් ඉරාන ජනාධිපතිවරණයේ අවසන් දෙවැනි වටය ජයගත්, හෘද ශල්‍ය වෛද්‍යවරයකු වූ මසූද් පෙසෙෂ්කියන් ජයග්‍රහණය කළේය. ඉරාන ජනාධිපතිවරණය පැවැත්වූයේ පළමු වටයෙන් වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනාගත් මසූද් පෙසෙෂ්කියන් සහ සයීඩ් ජලිලි අතරේය. 06 July 2024
පාඨලී හිරුණිකා බලන්න යයි බන්ධනාගාර ගත කෙරුණ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බැලීම සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පක්ෂ සාමාජිකයෝ පිරිසක් වැලිකඩ බන්ධනාගාරයට අද ගියහ. 06 July 2024
දයාසිරිගෙන් පොලිසියට පැමිණිල්ලක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා මරදාන පොලිසියට අද පැමිණිල්ලක් කළේය. 06 July 2024
අල්ලස් ගත් පොලිසියේ දෙකක් රිමාන්ඩ් අත්අඩංගුවට ගත් පුද්ගලයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් 454,200ක මුදලක් ලබා ගත්තේ යැයි කියන කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරක සහ කොස්තාපල්වරයා ලබන 08 දින දක්වා බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනීය පතිරාජ මහත්මිය අද(06) නියෝග කළාය. 06 July 2024
අරුණ දර්ශනට පැරිස් ඔලිම්පික් වරම් ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර අරුණ දර්ශන පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ බව ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමය උසස් නිලධාරියෙක් පැවසීය. 06 July 2024
මන්ත්‍රී 100ක් අල්ලස් කොමිසමට කතානායකවරයාට වත්කම් බැරකම් ප්‍රකාශ බාර දිය යුතු මන්ත්‍රීවරුන් 169 දෙනාගෙන් එම ප්‍රකාශ ඉදිරිපත් කර ඇත්තේ මන්ත්‍රීවරුන් 69 දෙනෙකු පමණක් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. 06 July 2024
රනිල් ජනපතිවරණයට එන බව රුවන් නිවේදනය කරයි රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා ගාල්ලේදී අද ප්‍රකාශයට පත් කළේය. 06 July 2024
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල හා දියතලාව අතර පීලි පැනීමට ලක් වූ රාත්‍රී තැපැල් දුම්රිය අද (6) අලුයම පීලි ගත කර මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කෙරුණු බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි. 06 July 2024
වැඩිම වියදම ආරක්ෂක අංශවලට පසුගිය වසරේ මධ්‍යම ආණ්ඩුවේ සෙසු සියලු සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කළ මුදලට ආසන්න මුදලක් පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ වැටුප් සඳහා වැය කර ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල සඳහන් වන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවසීය. 06 July 2024
හදන්න ගත් තට්ටු ගොඩනැගිල්ල නාය යයි මිල්ලගහමුල ප්‍රදේශයේ ඉදි කරමින් තිබු තෙමහල් ගොඩනැගිල්ලක් අද දින අලුයම 3.45 ට පමණ නායගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය කියයි. 06 July 2024
මහල් නිවෙසින් වැටුන සිසුන් දෙදෙනාගේ දුරකතන වාර්තා ඉල්ලයි කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ ජංගම දුරකතනවල ඇතුළත් කර තිබූ සිම් කාඩ්පත්වලට අදාළ දුරකතන ඇමැතුම් දත්ත වාර්තා කොම්පඤ්ඤවීදිය පොලිසියට ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා අදාළ දුරකතන සේවා සපයන සමාගම්වලට නියෝග කළේය. 06 July 2024
පාරෙන් පිට පැන්න බසය බැද්දේවෙල සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංගම බස් රථයක් අද (6) උදෑසන හල්පේ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක් තුලට කඩා ගෙන යාමෙන් පස්දෙනකු තුවාල ලබා දෙමෝදර රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය පවසයි . 06 July 2024
තැනින් තැනට තද වැසි බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 July 2024
’පක්ෂයට පෙර රට’ මැතිවරණය ජය ගනිමින්, බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා බවට පත් වුණු කම්කරු පක්ෂ නායක කියේර් ස්ටාර්මර් බිරිඳ වික්ටෝරියා ද සමඟ, අංක 10 ඩවුනිං වීදියේ පිහිටි අගමැති නිල නිවසට පැමිණ ජාතිය ඇමැතුවේය. 06 July 2024
ඔන්ලයින් ජාවාරමට දොස්තර සහ පුතා රිමාන්ඩ් දේශීයව හා විදේශීයව රුපියල් කෝටි ගණනක ජනතා මුදල් වංචා කිරීමේ ඔන්ලයින් ජාවාරම මෙරට සිට මෙහෙය වූ විදේශීය සයිබර් අපරාධ සැකකරුවන්ට සහය දක්වමින් කෝටි ගණනක් මුදල් ඉපවූයේ යැයි කියන මහනුවර මහා රෝහලේ වෛද්‍යවරයෙකු ඔහුගේ පුතා සහ කැකිරාවේ පුද්ගලයකු ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (05) නියෝග කළේය. 05 July 2024
බදුලු රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය මීට ස්වල්ප වේලාවට පෙර අද ((5) රාත්‍රි පිලිපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 05 July 2024
අල්ලස් ගත් පොලිසියේ දෙකක් මාට්ටු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකර සිටීමට බව පවසා රුපියල් ලක්ෂ 3 ක මුදලක් පළමුව ලබාගෙන එහි දෙවන කොටස වන රුපියල් 154,200/= ක මුදලක් කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකකය තුළදී ලබා ගනිද්දී පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස්සො දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 05 July 2024
රනිල් මකුලෑවේ මහා නා හිමි බැහැ දකී නියමිත වේලාවට ජනාධිපතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දැනුම් දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මකුලෑවේ විමල රාමඤ්ඤ මහා නිකායේ මහා නා හිමියන්ට අද දැනුම් දුන්නේය. 05 July 2024
පියුමි තවත් පැටලැවිල්ලක රුපියල් කෝටි හයකට අධික වටිනා කුශ් හා කොකේන් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ නාවල දෙමහල් නිවසේ ගරාජයේ තිබී නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මහත්මියගේ නමට ලියාපදිංචි කරන ලද බී.එම්. ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් හමුවූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 05 July 2024
අනධ්‍යයන සේවකයන්ට දෙමසක වැටුප්- අතිකාල දීමනා විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ මාස දෙකක වැටුප් සහ අප්‍රේල් මාසයට අදාල අතිකාල දීමනා ලබා දෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය. 05 July 2024
ධීවරයකුගේ සිරුරක් යාපන වෙරළට ගොඩ ගසයි යාපනය වේලනෙයි වෙරළ තීරයට ධිවරයකුගේ මෘත දේහයක් ගොඩ ගසා තිබියදී හමු වූ බව ඌ(ර්)කාවතුරේ පොලිසිය සදහන් කරයි. ඒ අනුව අදාළ මෘත දේහය අද (05) වේලනෙයි ප්‍රදේශයේ සුරුවිල් වෙරළට මෙසේ ගොඩගසා තිබියදී හමුව තිබේ. 05 July 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026