
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිනුවන්ගොඩ රුපියල් කෝටි 7- 1/2 කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
එම සැකකරුවන් සන්තකයේ තිබී කොල්ල කන ලද මුදලින් රුපියල් ලක්ෂ 40 කට ආසන්න මුදලක් හා හොරයින් මත්කුඩු මිලිග්‍රෑම් 6000 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.
විවිධ බැංකුවල ඒ ටි එම් යන්ත්‍ර සඳහා තැන්පත් කිරීම සඳහා මුදල් ප්‍රවාහනය කරන ආයතනයක වෑන් රථයක විය යුතු රියදුරු ලෙස සේවය කළ ප්‍රධාන සැකකරු ඉකුත් 18 වෙනි දින මිනුවන්ගොඩ නගර මධ්‍යයේදී වෑන් රථය සමග මුදල් කොල්ලකා පලා ගොස් තිබිණි.
.පසුව ප්‍රධාන සැකකරු එම වෑන් රථය අත්හැර රුපියල් කෝටි 7 -1/2 අඩංගු අඩංගු කර මලු හතරක බහා තිබූ මුදල් තොගය රැගෙන අනෙක් සැකකරු සමග යතුරු පැදියකින් පළා ගොස් තිබිණි.
කොල්ල කන ලද මුදලින් රුපියල් කෝටි තුනකට අධික මුදලක් ගායකකුගේ සහෝදරයෙකුට ලබාදී තිබු අතර ඔහු එම මුදලුත් රැගෙන ඉකුත් 23 වෙනි දින විදේශගතව තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
348
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෝටි 7 කොල්ලයේ ප්‍රධාන සැකකරුවෝ මාට්ටු