රාජ්‍ය සේවකයෝ කොළඹ විරෝධයේ වැටුප් ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් රාජ්‍ය සේවකයන් අද (8) ආරම්භ කළ අසනීප නිවාඩු දැමීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් රාජ්‍ය ආයතන රැසකම වැඩකටයුතු සම්පූර්ණයෙන් අඩාල විය. 08 July 2024
වර්ජක ඉල්ලීම් දුන්නොත් වැට් බදු 20% - 21% කරන්න වෙයි වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත් දැනට පනවා තිබෙන 18%ක්ව පවතින වැට් බද්ද 20% - 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය . 08 July 2024
මැකෝ ලොක්කන් කැඳවයි ජනාධිපතිවරණයට අදාළ කරුණු සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලාධිපතිනිය, පොලිස්පති සහ තැපැල්පති ඇතුළු ප්‍රධානීන් ලබන සතියේ කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ .එල් රත්නායක මහතා පැවසීය. 08 July 2024
දුම්රිය ටිකට් විද්‍යුත් ක්‍රමයට මෙම වසර අවසන් වීමට පෙර දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහ මහතා පැවසීය. 08 July 2024
බංගලා කුලිය පඩියෙන් කපාගන්න කියයි මධ්‍යම පළාත් සභාවේ මහනුවර නිල නිවස සඳහා කුලිය තම මන්ත්‍රී වැටුපෙන් කපා ගැනීමට කැමැත්ත පළ කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් එවා ඇත. 08 July 2024
ඒ 9 මාර්ගය වසා උද්ඝෝෂණයක් යාපනය චාවකච්චේරි මූලික රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරිවරයා අත්අඩංගුවටගැනීමට හෝ එම රෝහලෙන් ඉවත් නොකරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් යාපනය නුවර ඒ 09 මාර්ගය අවහිරකරමින් අද (08) විරෝධතාවක නිරත වූහ. 08 July 2024
ජනපතිවරණයට එරෙහි පෙත්සම විසි වේ ජනපතිවරණයට එරෙහි පෙත්සම නඩු ගාස්තුවලට යටත්ව නිෂ්ප්රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළුවේලාවකට පෙර තීරණය කළේය. 08 July 2024
වෙඩික්කරුවන් ආ වාහනය හමුවෙයි අතුරුගිරිය ඔරුවල සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට වෙඩික්කරුවන් පැමිණි බව කියන මෝටර් රථය කොරතොට ප්‍රදේශයේ අතහැර දමා තිබිය දී සොයාගත් බව පොලිසිය කියයි. 08 July 2024
මන්ත්‍රී විස්සක් පිල් මාරුවට පස්ස ගහලා විවිධ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න සංඛ්‍යාවක් විවිධ කරුණු කාරණා හේතුවෙන් පක්ෂ මාරු කිරීමේ තීරණය ගැනීමට දෙගිඩියාවක සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. 08 July 2024
අම්බානී මංගල උත්සවයට ජස්ටින් බීබර් ඇවිල්ලා ආසියාවේ අංක එකේ ධනවතා වන මුකේෂ් අම්බානීගේ පුතු අනන්ත් අම්බානී සහ රධීකා මර්චන්ට්ගේ විවාහ මංගල උත්සවය ඉන්දියාවේ ප්‍රධාන වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන මුම්බායි නුවර පැවැත් වෙයි. ඒ, බොලිවුඞ් නළු නිළියන් සහ ජාත්‍යන්තර සුපිරි තරු පිරිවරාගනිමිනි. 08 July 2024
වත්කම් නොදෙන මන්ත්‍රීන්ට වසරක හිර දඬුවමක් වත්කම් බැරකම් ප්‍රකාශ සැප්තැම්බර් මස 1 වැනිදා දක්වා යැවීමට අපොහොසත් වන මන්ත්‍රීවරයකුට වසරක කාලයක් දක්වා සිර දඬුවම් සහ මාස දොළහක වැටුපට සමාන දඩ මුදලක් අය කිරීමට නව දූෂණ විරෝධී පනතින් විධිවිධාන සැලසී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. 08 July 2024
සිව් හැවිරිදි දරුවාගේ දිවි බේරූ 15 හැවිරිදි වීරයා අසල්වැසි නිවසකට ගොස් එමින් සිටියදි ගෙවත්තේ තිබූ ළිඳට වැටුණු අවුරුදු හතරක් වයසැති පුතෙකුගෙ දිවි බේරීමට සිය දිවි ද නොතකා කටයුතු කළ 15 හැවිරිදි පුතෙකු පිලිබදව පුත්තලම මහකුඹුක්කඩවල කිවුල ගම්මානයෙන් වාර්තා වී ඇතැයි පොලීසිය කියයි. 08 July 2024
රට ගොඩනැගිය හැකි එකම පුද්ගලයා මම රටේ ආර්ථිකයේ ගොඩනගන ක්‍රමය පිළිබඳව කිසිදු දේශපාලන පක්ෂයක් විසින් ජනතාවට ප්‍රකාශ නොකිරීම හේතුවෙන් සියයට 44% ක් දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම මෙතෙක් තීරණය කර නොමැති බවත් සියලු පක්ෂ නායකයින්ගේ අදහස් ක්‍රියාත්මක සිස්ටම් එකක් අනුව රට ගොඩනැගිය හැකි එකම පුද්ගලයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. 08 July 2024
ගල්කිස්ස පොලිස් අධිකාරී කාර්යාලයේ ගින්නක් ගල්කිස්ස කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගොඩනැගිල්ලේ පහත මහලේ පිහිටි පොලිස් අධිකාරී (එක) කාර්යාලයේ හදිසියේ ඇතිවූ ගින්නකින් එහි දේපළ රැසකට හානි සිදුවී ඇත . 08 July 2024
පුටින්ගේ භෝජන සංග්‍රහය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්වීය. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා මොස්කව් අගනුවරට ගිය අවස්ථාව්දීය. 08 July 2024
ඔරුවල වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත ඇතුළු දෙකක් මරුට අතුරුගිරිය ඔරුවල සිදු වූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකුවූ ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු මියගොස් ගායිකාවක ඇතුළු සිවු දෙනකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 08 July 2024
ප්‍රංශ අගමැති අතාල් ධුරයෙන් ඉවත් වෙයි ප්‍රංශ අග්‍රාමාත්‍ය ගෙබ්‍රියෙල් අතාල් සිය ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කළේය. 35 හැවිරිදි අතාල් ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු ළාබාලතම පුද්ගලයාය. 08 July 2024
කළුතර -රත්නපුර ප්‍රා.ලේ කොට්ඨාස 11කට නාය යාමේ අනතුරු ඇඟවීම් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින අධික වැසි හේතුවෙන් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 කට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවීම අද( 08) පස්වරුව දක්වා බල පැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි. 08 July 2024
සිඟිත්තා ජල ටැංකියට බිලි අවුරුදු තුනක් වයසැති සිගිති දරුවෙකු නිවසේ ජල ටැංකියට ඇද වැටී දියේ ගිලී මියගොස් ඇතැයි මිද්දෙනිය පොලිසිය පැවසීය . 08 July 2024
මේ වැස්ස ඉදිරි දිනවලත් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය අද දිනත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 08 July 2024
ප්‍රාදේශීය ලේකම්වරු ‘අස්වැසුම’ රාජකාරිවලින් ඉවත් වෙති ප්‍රාදේශීය ලේකම්වරු සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරු ‘අස්වැසුම’ වැඩසටහනට අදාල සියලුම රාජකාරිවලින් හෙට (8) සිට ඉවත් වන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පැවසීය. 07 July 2024
සම්පන්දන් පෙනී සිටියේ ලාංකිකයන් වෙනුවෙන් ආර්. සම්පන්ධන් ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නායකයෙක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඔහු නිරතුරුවම නොබෙදුනු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැප වූ බවද ජනාධිපතිවරයා කීය. 07 July 2024
පෝනා සමග කුඩු බෙදූ නෝනා පොලිසියට වෙඩි තැබීමට උත්සාහ දැරීමේදී පොලිස් වෙඩි ප්‍රහාර මධ්‍යයේ පලායාමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පෝනාගේ බිරිඳ අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව පොල්ගස්ඕවිට හල්පිට පාසල් මාවතේ නිවසක ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 50 කට අධික විවිධ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව කැස්බෑව පොලිසිය කියයි 07 July 2024
කෙහෙලියගේ වටේ අයගෙත් ගිනුම් ගැන සොයයි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වත්කම් පිළිබඳව සිදුකරන විමර්ශන කටයුතු පුළුල් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කළේය. 07 July 2024
මඩකළපු නියෝජ්‍ය පොලිස්පති වැඩ බාරගනී මඩකලපුව දිසාව භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් ජගත් විශාන්ත මහතා වැඩ භාරගත්තේය. 07 July 2024
කොරියා ගිය ගුවන් යානයක කාර්මික දෝෂයක් දකුණු කොරියාවේ ඉන්චියොන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා පැය දෙකක පමණ ගුවන් ගමනකින් පසුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ ගොඩ බැස්සවීමට කටයුතු කළ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . 07 July 2024
කොළඹ වරාය පුළුල් කිරීමට දෙන මුදල් අඩු කරයි කොළඹ වාරයේ පර්යන්ත ධාරිතාව පුළුල් කිරීම සඳහා ආයෝජනය කිරීමට පොරොන්දු වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 60 දක්වා අඩු කිරීමට චයිනා මර්චන්ට් පෝට් සමාගම තීරණය කර ඇත. 07 July 2024
සී.අයි.ඩීය මට ඉන්න දෙන්නේ නෑ ‘සී.අයි.ඩීයෙන් නම් මට ඉන්නම දෙන්නේ නෑ. මොන කරුමයක්ද මන්දා. මට තිබුණ මානසික නිදහසත් නැතිව ගියා’’ යැයි නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇයගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත. 07 July 2024
කළු බළෙක් ගෙනත් අහුවෙලා අප්‍රිකානු කැළෑ බළළෙකු ( African Serval Cat ) නිසි අවසරයකින් තොරව රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත ගෙනැවිත් තිබේ . 07 July 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026