IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විදුලි සැර වැදීමෙන් දෙදරු මවක් මරුට

(කුෂාන් ජයවර්ධන)

සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.

සිය නිවසේ ඇද තිබූ විදුලි රැහනකින් ඇයට මෙලෙස  විදුලිසැර වැදී ඇතැයි සිදුකළ මූලික විමර්ශණ වලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

විදුලි සැර වැදීමකට ලක්ව මෙලෙස මියගොස් ඇත්තේ පුබ්බෝගම කටුපත්තාගම ප්‍රෙද්ශයේ පදිංචිව සිටි අබේකෝන් සෙනවිරත්න පණ්ඩිත මුදියන්සේලාගේ ගෙදර උපේක්ෂා ප්‍රසංගනී පාලනී  නමැති 31 හැවිරිදි දෙදරු මවක බවත් අනතුර සිදුවන අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ ඇය හා ඇයගේ කුඩා දරුවන් දෙදෙනා පමණක් බවත් පොලිසිය කියයි. 

විදුලිසැර වැදීමෙන් බරපතල තත්වයේ සිටි එම දෙදරු මව ප්‍රතිකාර සදහා කඩිනමින් දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමට අසල්වාසීන් එක්ව කටයුතු කළද  දඹුල්ල  රෝහලට ඇතුළත් කිරීමෙන් පසු  මියගොස් ඇති බව පොලිසිය කියයි.  

මියගිය කාන්තාවගේ සිරුර දඹුල්ල රෝහලේ තැන්පත් කර තිබූ අතර ගල්කිරියාගම පොලිස් ස්ථානය මඟින් සිද්ධිය සම්බන්ධයෙන්  වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබේ. 

 



අදහස් (0)

විදුලි සැර වැදීමෙන් දෙදරු මවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site