
(යොහාන් භාසුර)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි.
රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සහ විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.
ඊජිප්තුවේ තානාපති අදිල් ඊබ්‍රිහිම්, ඉරානයේ තානාපති, ආචාර්ය අලිරිෂා ඩෙල්කොෂ්, ජපානයේ තානාපති ඉසමොටා අකිරො සහ වතිකානුවේ තානාපති වන අතිඋතුම් රදගුරු මොන්සිග්නොර් බ්‍රයන් උඩයිග්වේ යන විදෙස් තානාපතිවරු මෙලස අගමැතිවරිය හමුවී සාකච්ඡා කළහ.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඇතුළු තානාපති කාර්යාලවල ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතිකානුවේ තානාපති ගන්න වෙබ් එක තමයි ලොකුම දේ… නේද අද කාලේ…? අනේ බෞද්ධයින්ට ගිය කළ ලන්කාවේ…