යෝධ ඇලට වැටී කාන්තාවක් මරුට මින්නේරිය නගරයේ යෝධඇලට වැටී කාන්තාවක් මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. 16 August 2024
පක්ෂ -සන්ධාන 34ක් රනිල්ට සහාය දෙන ගිවිසුමක් අත්සන් කරයි ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් ’’පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් මීට සුළු මොහොතකට පෙර බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේ දී අත්සන් තැබීය. 16 August 2024
රනිල් මෛත්‍රීගේ සහය එපා කියලා ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීමට කැමැති යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පණිවුඩකරුවන් යවා තිබෙන නමුත් ජනාධිපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 16 August 2024
බඹරු ඇන 18ක් රෝහලේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 18 දෙනෙකු තුවාල ලබා ඉන් කාන්තාවන් හය දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය. 16 August 2024
පොලිස් වෙඩිල්ලෙන් අලියාට දිවි අහිමි වෙයි දඹුල්ල - බකමූණ ප්‍රධාන මාර්ගයේ දම්පුරගම මංසන්ධියේදී පොලිසියේ නිළධාරින් කීපදෙනෙකු සිදු කරන ලද වෙඩි ප්‍රහාරයකින් වන අලියෙකු මියගොස් ඇති බව ඇලහැර වනජීවී කාර්යාලය පවසයි. 16 August 2024
වැස්ස වැඩිවන ලකුණු දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් අද සහ හෙට දිනයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 August 2024
කුරුමානම මාරු වී ගොවි තරුණයා මරුට සිය බිරිය සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයකු ඝාතනය කිරීමට දුන් කොන්ත්‍රාත්තුවක් වැරදී යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු කළ වෙඩි තැබීමකින් ශ්‍රී පුර, කාවන්තිස්සපුර ප්‍රදේශයේ තරුණයකු අද (16) අලුයම එම ස්ථානයේදීම මියගොස් ඇති බව ඇතැයි ශ්‍රී පුර පොලිසිය පවසයි. 16 August 2024
‘‘ජනතාව සමග සම්මුතියක් ඇති එකම පක්ෂය ජාජබ යයි‘‘ ජනතාව සමඟ සම්මුතියක් ඇති එකම පක්ෂය ජාතික ජන බලවේගය යැයි එහි නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා රාජගිරියේදී පැවසීය 16 August 2024
‘‘අහිංසක බලාපොරොත්තු ඉටු කිරීම වගකීමක්‘‘ මෙරට ජනතාවගේ අවශ්‍යතාවයන් සහ අහිංසක බලාපොරොත්තු ඉටුකිරීම සිය වගකීම ලෙස සලකන බවත් අහිංසක දෙමව්පියන්ගේ මෙන්ම තරුණයන්ගේ බලාපොරොත්තු ඉටු කළ හැකි දැවැන්ත වැඩපිළිවෙළක් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින බවත් එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 16 August 2024
පොදු ජන යුගයක් බිහි කරනවා පොදුජන යුගයක් බිහි කිරීමට එක්වන්නැයි ප්රජාතන්ත්රවාදය අගය සියලුම ජනතාවට ආරාධනා කරන බව සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 16 August 2024
‘‘ඔබෙි අනාගතය රකින්න වරම දෙන්න‘‘ රටේ නව ආර්ථික සහ දේශපාලන පරිවර්තකයක් කිරීමට තමා ආරම්කර තිබෙන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් මෙරට සියලු ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ජනවරම තමා වෙත ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමස්ත රටවැසි ජනතාවගෙන් ඉල්ලා සිටියේය. 16 August 2024
ස්වීඩනයෙන් පළමු වඳුරු උණ රෝගියා හමුවෙයි ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්තවීමට ඉඩ ඇති ’එම් පොක්ස්’ හෙවත් වඳුරු උණ වයිරස ආසාදිතයකු ස්වීඩනයෙන් හමුවුණු බව පැවැසෙයි. ස්වීඩනය යුරෝපා රාජ්‍යයකි. 16 August 2024
ජනපති සටනට කාන්තා පුලුටක් නෑ ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනකු ඉදිරිපත් වුවත් මෙවර ද කාන්තාවන් කිසිවකුත් ඉදිරිපත් නොවීම විශේෂත්වයකි. 16 August 2024
අතවර සිද්ධිය වසන් කළැයි නි. විදුහල්පතිනිය අත් අඩංගුවට මාතලේ මහවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන දොළොස් වියැති සිසුවියක ගුරු විවේකාගාරය තුළදී බරපතළ අපයෝජනයකට ලක් කළේ යැයි කියන ගුරුවරයෙක් සහ සිද්ධිය වසන් කර ඊට ආධාර අනුබල දුන් බව කියන විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරිය මහවෙල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (15) සවස අත්අඩංගුවට ගනු ලැබූහ. 15 August 2024
පළමු රන්දෝලිය ගමන් අරඹයි මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ පළමු රන්දෝලි පෙරහර මේ වන විට වීදි සංචාරය කරයි . පළමු රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍ය හිමි වූයේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් ඇත් පන්තියේ මංගල හස්තියා වන ඉන්දි රාජා හස්තියාටය . 15 August 2024
බීලා පිස්සු නටලා නාගදීප පොලිස් මුරපොළේ ලොක්කා කුඩුවේ යාපනය නාගදීප පොලිස් තනිකඩ බට නිවාසයේ අරක්කු පානය කර එහි සෙසු පොලිස් නිලධාරීන්ට පීඩාවක් වන ආකාරයට හැසුරුණේ යැයි කියන නාගදීප පොලිස් මුරපොළේ ස්ථානාධිපති තනතුර හොබවන පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව කයිට්ස් මූලස්ථාන පොලිසිය පවසයි. 15 August 2024
මියන්මාරයේ සිර වූ 20ක් මුදා ගැනේ මිනිස් ජාවාරම්කරුවන්ට හසුවී මියන්මාරයේ පරිගණක අපරාධ බහුලව සිදුවන ප්‍රදේශයක සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 54 දෙනාගෙන් 20 දෙනකු මුදා ගැනීමට හැකියාව ලැබුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 15 August 2024
ජනපති දළදා වඳී ජනාධිපතිවරණය සඳහා අද (15) නාම යෝජනා පත්‍ර බාරදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. 15 August 2024
ගීතා කේන්තියෙන් ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් කොතරම් පම්පෝරි ගැසුවත් කාන්තා නියෝජනයකට ඉඩ නොදීම දැඩි කනගාටුවට කරුණක් බව ළමා සහ කාන්තා කටයුතු ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය කීවාය. 15 August 2024
එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපති සහ ලේකම් රිමාන්ඩ් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටීම සඳහා පක්ෂය මගින් නාම යෝජනා භාර දීමට රුපියල් ලක්ෂ 300ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපති හා ලේකම්වරයා ලබන 27වැනි දින දක්වා බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා නියෝග කළේය. 15 August 2024
මඩු මංගල්‍යට මහ සෙනඟක් මන්නාරම,මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මන්නාරම දිසාව භාර රඳගුරු එමානුවෙල් ප්‍රනාන්දු පියතුමන් හා හලාවත දිසාව භාර රඳගුරු විමල්සිරි ජයසූරිය පියතුමන් ඇතුළු කිතුණු පුජකතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් අද (15) උදැසන අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. 15 August 2024
ප්රජාතන්ත්රවාදය රකින්න උපරිමයෙන් කැපවෙනවා තම රජයක් තුළ ප්රජාතන්ත්රවාදී අයිතිය උපරිමයෙන් සුරක්ෂා කිරීමට කැපවන බව - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොලඹදී පැවසීය. 15 August 2024
විසක් නිසා විසිඑකක් ක් රෝහලේ අනුරාධපුර, තිරප්පනේ විදුහලක සිසුන් විසි එක් දෙනෙකු ශරීරයේ කැසීම නිසා අද (15) මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව මරදන්කඩවල පොලිසිය කියයි. 15 August 2024
වැඩපිළිවෙළ අඛණ්ඩව ගෙනයන්න වරම දෙන්න රට තුළ නව ආර්ථික සහ දේශපාලන පරිවර්තනයක් සිදු කිරීම සඳහා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් මෙරට සියලු ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ජනවරම සැප්තැම්බර් 21 වනදා තමන් වෙත ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමස්ත රටවැසි ජනතාවගෙන් ඉල්ලා සිටියේය. 15 August 2024
රිෂාඩ්ගේ පක්ෂයේ තුන් දෙනෙක් ජනපතිට රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් ජනාධිපතිට සහය දෙන බවට අද ප්‍රතිඥා දුන්හ. 15 August 2024
මැතිවරණ දූෂණ දඩුවම මැකෝ කියයි ඇතැම් මැතිවරණ දූෂණ සහ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් දෙන දඬුවම අපේක්ෂකයන් තේරී පත්වීම නතර කිරීම හෝ ප්‍රජා අයිතිය නතර කිරීම දක්වා බරපතළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය. 15 August 2024
ගුවන්තොටේ සිට සුඛෝපභෝගී සීඝ්‍රගාමී බස් සේවාවක් ශ්‍රී ලංකා ගුවන් සේවා ඉතිහාසයේ මෙතෙක් පැවති විශාලතම ගැටළුවකට විසදුමක් ලෙස කටුනායක ගුවන් තොටුපොළ සිට කොළඹ , කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මා කුඹුර බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථානය කරා නව සුඛෝපභෝගී බස් රථ සේවාවක් (Air Port Terminal Shuttle Service ) අද(15) ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා විසින් කටුනායක ගුවන් තොටුපොළෙන් ආරම්භ කළේය . 15 August 2024
දූනගහ අනතුරකින් තිදෙනෙක් මරුට දිවුලපිටය - මීගමුව මාර්ගයේ දූනගහ නගරයේ දී ටිපර් රථයක් සහ ත්‍රීරෝද රියක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රියේ ගමන් ගත් තිදෙනකු මියගොස් තවත් එක් අයකු තුවාල ලබා ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි. 15 August 2024
ෆොන්සේකා ලන්තෑරුම ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද ලකුණ ලෙස “ලන්තෑරුම” ලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබා දුන්නේය. 15 August 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026