IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අශෝභන ලෙස රාජකාරී කළ පොලීසියේ තිදෙනකුගේ වැඩ තහනම්

(ගයාන් සූරියආරච්චි)

පොලිස් හිස්වැසුම් නොමැතිව, කහට පැල්ලම් සහිතව බුලත්විට කමින් මහජනයාට අශෝභන ලෙස මාතර වැල්ලමඩම ප්‍ර දේශයේ ක්ෂණික මාර්ග බාධක රාජකාරියේ යෙදී  සිටි මාතර පොලිසියේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩතහනම් කළ බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

මෙම නිලධාරීන් තිදෙනා මාතර මහ රෝහල අසල ක්ෂණික මාර්ග බාධක රාජකාරියේ යොදවා සිටියද එම නියෝගවලට පටහැනිව මාතර තංගල්ල මාර්ගයේ වැල්ලමඩම ප්‍රදේශයේ රැදී සිට ඇති බව පොලිසිය කියයි.

එම අවස්ථාවේදී මාතර හම්බන්තොට දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා රාජකාරී කටයුත්තක් සදහා වැලිගම ප්‍ර දේශයට ගමන් කරමින් සිටියදී මෙම නිලධාරීන් තිදෙනා හිස්වැසුම් නොමැතිව කතාබහක යෙදී සිටින අයුරු දැක ඇති බව පොලිසිය පවසයි.

එම නිලධාරීන්ට ලබාදී තිබූ ස්වයංක්‍රීය ගිනි අවිය කිසිවකු අත තිබී නොමැති අතර එය ජංගම සංචාර රථය තුළ තිබෙනු දැක ඇති අතර රියැදුර වශයෙන් කටයුතු කළ කොස්තාපල්වරයා රියැදුරු ආසනයෙන් බැස එක් පාදයක් කැබ් රථයේ පිටුපස බඳ මත තබා නිල ඇදුමේ ගෞරවය නැතිවන ආකාරයට හැසිරී ඇති බව පොලිසිය පවසයි.

එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් එම නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කළ බව පොලිසිය පවසයි.



අදහස් (1)

අශෝභන ලෙස රාජකාරී කළ පොලීසියේ තිදෙනකුගේ වැඩ තහනම්

රසික Wednesday, 08 January 2025 12:34 PM

දෙන්නම එපා ඕකුන්ට රස්සාව. හොඳට ජොබ් එක කරන අයටත් නිගාවක්. නියමයි තීන්දුව.

:       9       45

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site