කාන්තා හිංසනයට එරෙහිව බ්‍රිතාන්‍යයේ නව නීති කාන්තාවන්ට එරෙහිව සිදුවන කුරිරු ප්රචණ්ඩ ක්‍රියා, ත්‍රස්ත ක්‍රියා ලෙස සැලකීමේ නව නීති හඳුන්වා දීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් වෙයි. 18 August 2024
බස්නාහිරට - සබරගමුවට අදත් තද වැසි බස්නාහිර, සබරගමුව සහ වයම පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 August 2024
ගවයන් බඳින්න ගිය වඩු කාර්මිකයා ගසාන ගිහින් මීගහතන්න, පැලවත්ත, ගොරකදුව ප්‍රදේශයේ පුද්ගලයකු පසුගිය (16) දා අළුයම සිය ගවයන් බැඳීමට නිවසින් පිටත්ව ගොස් අතුරුදහන්වූ වඩු කාර්මිකයා ගංවතුර හසුව මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි. ඔහුගේ මළ සිරුර හමුවී තිබේ. 18 August 2024
සැලසුම් කර පොලිසියට ගහලා නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමක් පිළිබඳව ලද තොරතුරක් මත හදිසි මාර්ග සෝදිසියක ගිය ගොකරැල්ල පොලිසියේ තිදෙනෙකුට මැල්සිරිපුර බස් නැවතුම්පල අසලදී පිරිසක් විසින් වට කර සිදුකළ පහර දීමක් හේතුවෙන් එම නිලධාරින් තුවාල ලබා රෝහල් ගත කළ බව ගොකරැල්ල පොලිසිය කියයි. 17 August 2024
අල්ලස් ගත් බෙන්තොට පොලිසියේ තුනක් අත්අඩංගුවට කසිප්පු ජාවාරම්කරුවෙකුගෙන් රුපියල් හය දහසක අල්ලසක් ලබා ගත් බෙන්තොට පොලිසියේ නිලධාරින් තිදෙනෙකු කොස්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අද (17) සවස අත් අඩංගුවට ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 17 August 2024
‘‘තරුණයෙක් හැටියට ආගම දහම ආරක්ෂා කිරීම වගකීමක්‘‘ මෙරට සංස්කෘතිය සහ ආගම දහම ආරක්ෂා කිරීමේ වගකීමක් තරුණ දේශපාලනඥයකු ලෙස තමන්ට තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලබාගැනීමට මහනුවරට පැමිණියේ එම නිසා යැයි නාමල් රාජපක්ෂ මහතා අද (17) පැවසීය. 17 August 2024
දිලිත් යාපනයෙන් වැඩ අරඹයි ජනාධිපතිවරණයට තරුව ලකුණෙන් තරග කරන ’’සර්වජන බලය’’ දේශපාලන එකමුතුවෙහි අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතාට සහයෝගය පළ කිරීමේ මහජන රැලිය යාපනය රක්ක පාර ක්‍රීඩාංගණයේදී අද (17) පැවැත්විණි. 17 August 2024
‘‘බඩගින්නට කන බත් පතටත් වැට් ගහලා‘‘ සැප්තැම්බර් 21 වැනිදායින් පසු බිහි වන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ජල හා විදුලි හා ඉන්ධන මිල ගණන් අඩු කරනවා. ආහාර, ඖෂධ,රසායනාගාර පරීක්ෂණ හා පාසල් උපකරණ වැට් බද්දෙන් නිදහස් කරනවා යැයි ජාතික ජන බලවේගයේ නායක හා ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද මාතර දී පැවසීය. 17 August 2024
‘‘අරගලය වෙලාවේ රට බාර ගන්න කීවත් සජිත් මග හැරියා‘‘ ගෝඨාභය ජනාධිපතිවරයා පළා ගිය විට රට බාරගන්නා ලෙස සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට යෝජනා කළ අවස්ථාවේ ඔහු වගකීමෙන් බැහැර වූ නිසා සජිත් සමග ගමනක් නැති බව තමන් තීරණය කළා යැයි , ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ගම්පහ දී අද (17) පැවසීය. 17 August 2024
‘‘මිනිසා නොහදා රට හදන්න බෑ‘‘ මිනිසා නොහදා රට හදන්න බෑ යනුවෙන් මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් පැවසුවත් අද සිදුව ඇත්තේ රට හදනවා කියා ආර්ථික දියුණුව ඇති කරනවා කියා ජනාධිපතිවරයා ප්රමුඛ පාලකයන් සමඟ ගජමිතුරු කණ්ඩායමක් එකට එකතු වී ඔවුන්ගේ සුරසැප ජීවිත ශක්තිමත් කිරීම බවත් සංවර්ධනය හා දියුණුව ලෙස සමගි ජන බලවේගය අදහස් කරන්නේ ලක්ෂ 220ක් ජනතාවගේ සංවර්ධනය බවත් දියුණුව ලෙස ඉලක්කම් ඉදිරිපත් කිරීමෙන් ඵලක් නොවන බවත් එය සෑම පුරවැසියකුටම දැනිය යුතු බවත් ඒ සුබසාධන ප්‍රතිලාභය බුක්ති විඳිය යුතු බවත 17 August 2024
කුරගල රක්ෂිතයේ කදු මුදුනේ ගින්නක් බලන්ගොඩ කල්තොට කුරගල රක්ෂිතයේ කදු මුදුනේ මේ වන විට විශාල ගින්නක් පැතිරෙමින් තිබෙන බව පොලිසිය පවසයි. 17 August 2024
කරුණාදාසගේ සහය සජිත්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. 17 August 2024
‘‘අපේ ආණ්ඩුවකින් කාටවත් හානියක් නෑ‘‘ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බලයේ පිහිටවූ පසු වෙනත් පාක්ෂිකයකුට නියපොත්තකින් හෝ සීරුමක් නොවෙන්න කටයුතු කළ යුතුයි.අපට අනෙක් පාක්ෂිකයන්ගෙන් පලිගන්න උවමනාවක් නැහැ. අනෙක් පාක්ෂිකයා ගැන වෛරී චේතනාවක් අප ළඟ නැහැ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. 17 August 2024
දිස්ත්‍රික්ක 6 කට අනතුරු අඟවයි පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිතුක් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. 17 August 2024
’මිනිස්සු අමාරුවේ වැටුනාම සජිත්-අනුර හැංගුන තැන වහා හෙළි කරන්න’ ඉන්ධන ගෑස් විදුලිය නැතිව ජනතාව දුක් වින්ද කාලයේ ඔවුන් බේරා ගැනීම සඳහා ඉදිරිපත් නොවී සැඟවී සිටියේ කොහේදැයි යන ප්‍රශ්නයට මහා පිළිතුරු දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේදී අද(17) අභියෝගයක් කළේය. 17 August 2024
ඡන්දෙදි සල්ලි වැඩියෙන් විසි කළොත් පුටුව නැතිවෙයි ජනාධිපතිවරණයේ ප්රචාරක වියදම් අනුමත සීමාව ඉක්මවා දැරුවහොත් ජනාධිපති ධුරයට පත්වන තැනැත්තාගේ එම ධුරය අහිමි කිරීමට පවා නීතිමය ප්‍රතිපාදන ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. 17 August 2024
අනුර බෞද්ධ, හින්දු ආගමික නායකයෝ අතර හමුවක් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (17) පෙරවරුවේ කොළඹ ප්‍රදේශයේ බෞද්ධ සහ හින්දු ආගමික නායකයෝ හමුවූහ. 17 August 2024
ගජමුතු විකුණන්න බැරි වේ රුපියල් කෝටි එකකයි ලක්ෂ 30 අලෙවි කිරිමට ගිය ගජ මුතු 03 ක් සමග සැකකරුවන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම විශේෂ කාර්ය බළකාය කදවුර කියයි. 17 August 2024
සුළඟකින් පුත්තලමට බර හානි පුත්තලම ප්‍රදේශයට ඇද හැළුණු වර්ෂාවත් සමග හමා ගිය සුළගින් විශාල ගොඩනැගිලි රැසකට අළාභ හානී සිදු වී ඇති බව පුත්තලම අපදා කළමණාකරණ ඒකකය සදහන් කරයි. 17 August 2024
ජනපති ශ්‍රී මහා බෝධිය වඳී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය. 17 August 2024
හරකා ඇඟේ වැදි තරුණයෙක් මරුට වාහල්කඩ පොලිස් බල ප්‍රදේශයට අයත් වැලිවැව දී යතුරුපැදියක් මී ගවයකුගේ ගැටීමෙන් යතුරු පැදිකරු මියගොස් ඇති බව වාහල්කඩ පොලිසිය පවසයි. 17 August 2024
බොරැල්ලේ පාරක් ගිලා බහී බොරැල්ල පොලිස් වසමේ පාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී.එස්. හංදිය අසල ටිකල් පාර ආසන්නයේ මාර්ගය ගිලා බැසීමක් හේතුවෙන් එය යථාවත් කිරීම සඳහා අද දින සිට දින 20 ක කාලයක් කොළඹට ඇතුළුවන මංතීරු දෙකම වසා දමා සංවර්ධන කටයුතු සිදුකිරීමට සැළසුම් කර ඇත. 17 August 2024
හොර සල්ලි මිටියක් අරන් රන් මාලයක් ගන්න ඇවිත් රන් මාලයක් මිලදී ගැනීම සඳහා රත්නපුර නගරයේ ස්වර්ණාභරණ ආයතනයක ආ පුද්ගලයකු 5000 හොර නෝට්ටු 102 සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 17 August 2024
තරුණියකට අසැබි වීඩියෝ යවා අමාරුවේ වැටේ 23 හැවිරිදි අවිවාහක මුදල් අය කැමිවරියට වට්සැප් තාක්ෂණය ඔස්සේ ඇසැබි වීඩියෝ දසුන් යොමු කර අපහසුතාවයට පත් කළ 24 හැවිරිදි විකුණුම් උපදේශකවරයකු මොරටුව පෞද්ගලික සමාගමක් තුළදී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ විමර්ශන අංශය කියයි. 17 August 2024
මුදලාලි ගෝලයා ගැටුමින් ගෝලයා මරුට වෙළඳසල් හිමිකරුවකු සහ සේවකයකු අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් වෙළෙන්සල් හිමිකරු දුන් පහරකින් සේවකයාට මිය ගොස් ඇති බව වැල්ලවත්ත පොලිසිය පවසයි. 17 August 2024
බය අපේක්ෂකයන්ට ලොකු ආරක්ෂාවක් ජීවිත තර්ජන පවතින ජනාධිපති අපේක්ෂකයන්ට විශේෂ ප්‍රභූ ආරක්ෂාව ලබාදීමට රජය තීරණය කර ඇත. 17 August 2024
බුලත්සිංහල පහත් බිම් යට වේ කළුතර ප්‍රදේශයට ඇද ඇළෙන තද වර්ෂාව හේතුවෙන් අද (17) උදෑසන 6,30 ට කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග එහි බුලත්සිංහල ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇතැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි. 17 August 2024
වතු නිවාස 17ක් ගිනි බත් වේ පුඬළුඔය, ෂීන්වත්තේ වතුයායේ වතු නිවාස පෙළක හටගත් ගිනි ගැනීමකින් වතු නිවාස 17ක් විනාශයට පත්ව තිබේ. 17 August 2024
යුක්රේනයට උදව් කළ රුසියා නර්තන ශිල්පිනිය වසර 12ක් හිර ගෙට යුක්රේනයට ආධාර කරන පුණ්‍යායතනයකට ඩොලර් 51ක් පරිත්‍යාග කිරීමට වරදකරු වූ ආධුනික නර්තන ශිල්පිනී ක්සෙනියා කරෙලිනා රුසියානු අධිකරණයක් විසින් වසර 12 ක සිර දඬුවමක් නියම කරනු ලැබුවේය. 17 August 2024
‘‘තාක්ෂණික විප්ලවයක් ඇති කරනවා‘‘ තමන් ජයග්‍රහණය කිරීමෙන් පසුව මේ රටේ තාක්ෂණික විප්ලවයක් ඇති කරන බව පොදු පෙරමුණු ජනාධිපති අපෙක්ෂක නාමල් රාජපක්ෂ මහතා දඹුල්ලේ දී පැවැසීය. 17 August 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026