තලංගම ත්‍රිරෝද රියදුරු ඝාතනයට අයෙක් අල්ලයි තලංගම අරුක්පිටියත්රිරෝද රථ අලුත්වැඩියා කරන ස්ථානයක් ඉදිරිපිටදී ත්‍රිරෝද රථ රියදුරෙකුගේ ගෙල කපා ඝාතනය කල සැකකරු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි 19 August 2024
පළාත් තුනකට තද වැසි බස්නාහිර,සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 August 2024
නිකිණි පොහොය අදයි නිකිණිපුර පසළොස්වක පොහොය දිනය අදට (19) යෙදී තිබේ. මෙම පොහොය දින බෞද්ධාගමිකයිනට ප්‍රධාන සිදුවීම් කීපයක් නිසා වැදගත් වේ. 19 August 2024
‘‘ගොවියා ශක්තිමත් කිරීම අපේ අරමුණයි‘‘ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍යය කෘෂිකර්මාන්තය විනාශ කිරීම වුවත් ගොවියා ශක්තිමත් කිරීම තම අරමුණ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 18 August 2024
බුලත්සිංහලට නාවික හමුදාව කැඳවයි ඇදහැලෙන අධික වර්ෂාපතනය සමග, කළුතර බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ග හා අතුරු මාර්ග රැසක් ජලයෙන් යටව පවතින බව ආපදා කළමනාකරණ මාධ්‍යස්ථානය කියයි. 18 August 2024
ප්‍රසංග තහනමෙන් පිරිසක් අසරණ වෙලා ප්‍රසංග සහ සැණකෙළි පැවැත්වීමට මැතිවරණය අවසන් වනතුරු පොලිසිය අවසර නොදීම හේතුවෙන් රට පුරා ප්‍රසංග සංවිධායකවරුන් තුන්දහසකට ආසන්න පිරිසක් සහ මෙම කර්මාන්තය මත යැපෙන ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන්, වේදිකා නිර්මාණකරුවන් සහ වෙළෙඳුන් ඇතුළු ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති. 18 August 2024
කැළණි ගඟට අපද්‍රව්‍ය මුදා හැරීමෙන් ජනතාව පීඩාවට නෝටන්බ්‍රීජ්, අළුඔය ප්‍රදේශයනේ කැළණි ගඟට සත්ව අපද්‍රව්‍ය මුදා හැරීම හේතුවෙන් ගංඟාවේ ජලය පරිහරණය කරන තමන්ගේ සෞඛ්‍යට මෙන්ම පරිසර දූෂණයටද දැඩි තර්ජණයක් එල්ලවී ඇති ප්‍රදේශවාසීහු කියති. 18 August 2024
තොණ්ඩමන්ගේ තීරණය නිල වශයෙන් කියයි ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දිමට එම පක්ෂයේ ජාතික සභාව අද තිරණය කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය. 18 August 2024
ලක්ෂ 20 ක සැර බීම රේගු වාහනයෙන් මතු වේ රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනාකමින් යුත් විදේශ මත්පැන් බෝතල් තොගයක් රේගු දෙපාර්තමේන්තුවට අයත් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී වරාය ආරක්ෂක අංශය අද (18) බාරයට ගත් බව වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 18 August 2024
රංගන ශිල්පී ජීවන්ගේ සහය රනිල්ට හිටපු අමාත්‍යවරයකු වන ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත 18 August 2024
මාලඹෙි නිවසක මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් මාලබේ පිට්ටුගල කහන්තොට පාර ෆැන්ටසි ඇවනිව් හි දෙමහල් නිවසක ශීතාගාර තුල පවත්වාගෙන ගිය ‘කුෂ් ‘ නැමැති මත්ද්‍රව්‍ය නිශ්පාදනාගාරයක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත අංක 11 කණ්ඩායම පවසයි. 18 August 2024
සිසුවෙක් අපයෝජනය කළ කත අත්අඩංගුවට කල්පිටිය කන්දකුලියවැල්ල කස කැලය ප්‍රදේශයේදී සිසුවකුට බරපතළ ලිංගික අපයෝජන කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි. 18 August 2024
ජැක්සන් ඇන්තනීගේ බිරිය සජබට එක්වෙයි ප්‍රවීණ නළු, අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි සඳලතා මුණසිංහ මහත්මිය ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය. 18 August 2024
තිස්සමහාරාමේදී අයෙක් කපා කොටා මරලා තිස්සමහාරාම කතරගම මාර්ගයේ පුබුදුගම, කොහොඹගහ පෑලැස්ස ප්‍රදේශයේදී ඊයේ (17) පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කොට ඇති බව තිස්සමහාරාම පොලීසිය කියයි. 18 August 2024
හිස් වැසුමකින් ගසා අයෙක් මරණයට පත් කළ අඹු-සැමි යුවළ අල්ලයි මිල්ලනිය දෙල් දොර වත්ත ප්‍රදේශයේදී 13 හැවිරිදි දියණිය ඉදිරිපිට දී පියෙකුට අමානුෂික ලෙස ආරක්ෂක හිස් වැස්මකින් සහ කුරුඳු පොල්ලකින් පහර දී ඝාතනය කර පලාගොස් සැඟව සිටි අඹුසැමි යුවළ අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි. 18 August 2024
ඡන්දදායකයෙක්ට රුපියල් 20 ක් ප්‍රමාණවත් ජනාධිපතිවරණයේදී ඡන්දදායකයෙක් වෙනුවෙන් වියදම් කරන මුදල රුපියල් 20 ක උපරිමයකට යටත් කරන ලෙස ඉල්ලා ජනාධිපති ධූර අපේක්ෂක ජනක රත්නායක මහතා මැතිවරණ කොමිසමට ලිපියක් භාරදුන්නේය. 18 August 2024
නාමල් තිස්සමහාරාමය වැදපුදා ගනී ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා තිස්සමහාරාම රජමහා විහාරස්ථානයට පැමිණ වැඳ පුදා මහා සංඝරත්නයේ ආශිර්වාද අද (18) පෙරවරුවේ ලබාගත්තේය. 18 August 2024
ඛනිජ තෙල් ලොක්කෙක් වාකරේදී බිමට වෙඩි තියලා මඩකලපුව වාකරේ පුදුර් කදිරවේලි ප්‍රදේශයේ පිහිටි ඉඩමකදී පිරිසක් සමඟ ඇති වූ ආරවුලක දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියකු වෙඩි තැබීමක් සිදුකර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 18 August 2024
විශ්‍රාම දීමනාව ඔක්තෝබර් සිට රජයේ සියලුම විශ්‍රාමිකයන් සඳහා අතුරු දීමනාව ඔක්තෝබර් මාසයේ සිට ලබාදෙන බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන දේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර ඇත. 18 August 2024
අලියාට වෙඩි තැබූ පොලීසියේ තිදෙනොගේ වැඩ තහනම් බකමුණු, ප්‍රදේශයේදී වන අලියකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇති බව පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය කියයි. 18 August 2024
ත්‍රිරෝද රියදුරාගේ ගෙල කපා මරලා තංලංගම අරුප්පිටිය ප්‍ර දේශයේ ත්‍රීවිල් ගරාජයකදී තිබුණු ආයුධයකින් ගෙල කපා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය පවසයි. 18 August 2024
යාපනය බන්ධනාගාර රැදවියෙක් මරුට යාපනය බන්ධනාගාරයේ රැදවියකු හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් ඇතැයි යාපනය පොලිසිය කියයි. 18 August 2024
කාර් කාර් ගැටී හතක් රෝහලේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල මොළගොඩ ප්‍රදේශයේ දී අද (18) දහවල් කාර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් හත් දෙනෙක් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය පැවසීය. 18 August 2024
ජාතික ධජය මැතිවරණ කටයුතුවලට ගන්න එපා ජාතික ධජය මැතිවරණ ප්රචාරක කටයුතු සදහා යොදා ගත්තොත් නීතිය ක්‍රියාත්මක කරන බවත් , මෙහෙම ගියොත් තව ටික දිනකින් ජාතික ගීය පක්ෂයේ ගීතය බවට පත්වේවි යැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කොළඹ දි පැවසීය . 18 August 2024
ග්‍රාම නිලධාරී වර්ජනය අවසන් ග්‍රාම නිලධාරීන් ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සහ කළු විරෝධතා සතිය අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර මැතිවරණය නිමාවට පත්වනතුරු සාමාන්‍ය පරිදි ග්‍රාම නිලධාරී සේවාවන් ලබාදීමට කටයුතු කරන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමීති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා අද (18) දින පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය 18 August 2024
‘ජෝයි‘ කල්ලියේ තුනක් තියුණු ආයුධ සමඟ අත්අඩංගුවට යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ නිවසකට ඇතුළුවී පෙට්‍රල් දමා යතුරු පැදි ඇතුළු රථ වාහන ගිනිතබා නිවසට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනයේ ක්‍රියාත්මක ‘ජෝයි ගෘප්‘ නැමති මැරකල්ලියක තිදෙනකු තියුණු ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ සමඟ අත්අඩංගුවටගත් බව යාපනය පොලිසිය කියයි. 18 August 2024
සැමියා ප්‍රෙටල් දමා බිරියට ගිනි තියලා වෙන්නප්පුව සින්ද්‍රාන්තිය ප්‍රදේශයේ සිවු දරු මවකගේ සිරුරට සාමියා පෙට්‍රල් හලා ගිනිතැබීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ එම මව මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි. 18 August 2024
ඡන්දෙ ඉල්ලන් එන අයට නාවුල ගමකින් රතු එළියක් මෙවර ජනාධිපතිවරණ ඡන්දයේ දී ඡන්දය ඉල්ලා ගමට පැමිණෙන පිරිස්හට අසුචි ප්‍රහාර එල්ලකරන බවට මාතලේ - නාඋල ,අදාවල ගම්මානයේ වැසියෝ දැන්වීම් ප්‍රදර්ශනය කර තිබේ. 18 August 2024
අවුරුදු 25 කට පසු ගාසාවේ පෝලියෝ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, මිහිපිට අපායක් බවට පත් වුණු ගාසා තීරයෙන් වසර 25 කට පසු පෝලියෝ ආසාදිතයකු හමුවුණු බව පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනවයක දැක්වෙයි. 18 August 2024
රුසියාවට ප්‍රබල භූමි කම්පාවක් රික්ටර් පරිමාණයේ ඒකක 7 ක ප්‍රබලත්වයක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් නැගෙනහිර රුසියාවේ, කම්චැට්කා අර්ධ ද්වීපය කැලැඹිණි. 18 August 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026