අනුර අටමස්ථානයට ජාතික ජන බලවේගයේ ජනපති ධූර අපක්ෂක කරන අනුර කුමාර දිසානායක මහතා අද (19දා) පස්වරුවේ අමටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමියන් බැහැ දැක, අනතුරුව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය. 19 August 2024
දුප්පත්කම නැති කරන්න වැඩසටහන් ක්‍රියාවට නංවනවා දුප්පත්කමින් පෙලෙන රටේ බාගයක් ජනතාවගේ දුප්පත්කම නැති කරන්න නව වැඩසටහනක් ක්‍රියාවට නංවනවා. දිගින් දිගටම සහනාධාර දෙන ක්‍රමය නවතා ජනසවිය වැනි ක්‍රමයක් ක්‍රියාවට නැංවිය යුතුවා යැයි සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මීරිගම දී පැවසීය. 19 August 2024
ගමන මෙතැනින් නතර කළොත් කඩා වැටීම ෂුවර් කිසිවෙකුට විසඳිය නොහැකි යැයි පැවසු ආර්ථික අර්බුදය විසඳීමට තමන් සමත් වුවත් නිසි ආර්ථික පරිවර්තනයක් සිදු නොකර මෙම වැඩපිළිවෙළ අතරමග නතර කළහොත් යළිත් රටේ ආර්ථිකය කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 19 August 2024
දිලිත්ට දමිල පක්ෂයක් එක්වෙයි සර්වජන බලය ජනාධිපතිවරණ අපේක්ෂක ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතාට සහයෝගය පළ කරමින් නැගෙනහිර දමිළ ජනතාව නියොජනය කරන ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ නායක තංගරාජා විශ්නු කාන්තන් මහතා සර්වජන සන්ධානයට සහයෝගය දැක්වීමට ඉදිරිපත් විය. 19 August 2024
ඡන්ද වැඩට රාජ්‍ය සේවකයෝ දෙලක්ෂයක් මෙවර ජනපතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයත්, දෙලක්ෂ විසි පන් දහසත් අතර සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි. 19 August 2024
’’මඩ ගැහුවට රැවටෙන්න එපා’’ මේ වන විට ජාතික ජන බලවේගයට එරෙහිව විවිධ අසත්‍යය චෝදනා සහ මිථ්‍යා කථා සමාජය තුළ පැතිරවීමට ඇතැම් පිරිස් කටයුතු කරන බැවින් ඒවාට අසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව එම පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද(19) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය 19 August 2024
රොෂාන් රණසිංහ මෛත්‍රී මුර්ති හිමි බැහැදැකයි මෙවර ජනාධිපති වරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා බලන්ගොඩ ශ්‍රී ධමිමානන්ද පිරිවෙනේ විහාරස්ථානයට අද (19) දා පස්වරුවේ පැමිණ අමරපුර නිකායේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මුර්ති හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. 19 August 2024
නාමල් ජනපති වෙන්න භාරයක් වෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා නවගමුව ශ්‍රී පත්තිනි දේවාලයට පැමිණ ජනාධිපතිවරණය වෙනුවෙන් අද (19) දින භාරයක් වීම සිදු කරන ලදී. 19 August 2024
මුතුහෙට්ටිගම - ඉෂාක් රහුමාන්ටත් එජාප සංවිධායක ධුර එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක තනතුරු ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිට කෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (19) සිදු කෙරුණු අතර එහිදී සමගි ජන බලවේගයේ සිට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතාට අනුරාධපුර දිස්ත්‍රික් එජාප සංවිධායකවරයෙක් ලෙස පත්වීම ප්රදානය කෙරිණි. 19 August 2024
අපේක්ෂකයෝ මහ රොත්තක් විනෝදයට ඡන්ද බිමේ ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ගෙන් සියයට අනූවක්ම ඉදිරිපත්ව සිටින්නේ ජයග්‍රහණය නොව වෙනත් වෙනත් පෞද්ගලික අරමුණු සහ බලාපොරොත්තු ඉටුකර ගැනීමට බව පෙනී යන්නේ යැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි. 19 August 2024
වරෙන්තුකරු පී.සීගේ අත සපා පැනයයි මාවනැල්ල ප්‍රදේශයේදී විවෘත වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී නිවැසියන් ගෙදර සිටි සුනඛයා උසිගන්වා පසුව වරෙන්තුකරුවන් විසින් කොස්තාපල්වරයකුගේ අත සපා කා අත්අඩංගුවෙන් මිදී පලා යාම සම්බන්ධයෙන් කාන්තාවක සහ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය පවසයි. 19 August 2024
’’රනිල් ජනපති කරන්නේ කාන්තාවන් මුල් වෙලා’’ මෙරට කාන්තාවන් ස්ථිර වශයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනපති ජයග්‍රහණය කරා ගෙනයන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන මහත්මිය පැවැසුවාය. 19 August 2024
ආගම ජාතිය මැතිවරණෙට ගාවගන්න එපා මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු භාවිත කිරීම සපුරා තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි 19 August 2024
තරු හෝටලයේ ජීව උණ්ඩයක් කොළඹ තරු පහේ හෝටලයක පිවිසුම් දොරටුව අසල තිබී ජීව උණ්ඩයක් හමුවූ බව කොටුව පොලිසිය කියයි. 19 August 2024
යාපනයේ තිස්ස විහාරය ඉදිරිපිට විරෝධතා යාපනය, ඓතිහාසික තිස්ස විහාරය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස බල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්න් ඇතුළු පිරිසක් අද (19) විහාරය ඉදිරිපිට විරෝධයක නිරත වූහ. 19 August 2024
ලොරිය කොච්චියේ හැපී අයෙක් මරුට:අයෙක්ට බරපතලයි මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කොස්ගොඩ ඉදුරුව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී අද(19) දහවල් දර පටවාගෙන ගිය ලොරි රථයක් දුම්රියක ගැටී එහි ගමන්ගත් දෙදෙනාගෙන් එක් අයෙක් මරුමුවට පත්වී අනෙක් තැනැත්තා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව කොස්ගොඩ පොලීසිය කියයි. 19 August 2024
රට ගමන් සීමා කරන්න: පක්ෂ නායකයන් මන්ත්‍රීන්ගෙන් ඉල්ලයි ඉදිරි මාසයේදී අත්‍යවශ්‍යම කටයුත්තකට හැරෙන්නට විදේශගත වීමෙන් වළකින්නැයි ආණ්ඩුව සහ විපක්ෂයේ නායකයන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත. 19 August 2024
ජනපති ජාත්‍යන්තර සමුළුවක් අමතයි ඉන්දියාව සමඟ සමීප ආර්ථික ඒකාබද්ධතාවයක් ඇති කර ගනිමින් ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් වලට එළඹීම ශ්‍රී ලංකාවේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 19 August 2024
හරීන්ට සහ මනූෂට උපදේශක තනතුරු දෙකක් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මහත්වරුන්ට විශේෂ ජනාධිපති උපදේශක දුර දෙකක් ලබා දී තිබේ. 19 August 2024
හිමාල කන්දෙන් පැනලා හිමාල කඳු මුදුනේ අඩි 18,753 ක් උසක සිට, හිම මත ලිස්සා යමින්, පැරෂූට් ආධාරයෙන් පැන (ski-base jumping) ලෝක වාර්තාවක් පිහිටුවීමට 34 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ජෝෂුවා බ්‍රෙග්මන් සමත් විය. 19 August 2024
ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂයින් 6ක් මුහුණට මුහුණ විවාදයක් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් හය දෙනෙකුගේ සහභාගිත්වයෙන් මුහුණට මුහුණ විවාදයක් ලබන සැප්තැම්බර් මස 07 වන දින පැවැත්වීමට සංවිධානය කර ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. 19 August 2024
ඉන්දියානා ජෝන්ස් තොප්පියට ඉහළ මිලක් මෙරට නළු නිළියන් බොහෝ දෙනකුගේ රංගනයෙන් හැඩ වුණු ’ඉන්දියානා ජෝන්ස්’ දෙවැනි චිත්‍රපටය වන, ’ටෙම්පල් ඔෆ් ඩූම්’ චිත්‍රපටය සඳහා ඉන්දියානා ජෝන්ස් පැලඳි තොප්පිය ඇමෙරිකන් ඩොලර් හය ලක්ෂ තිස් දහසක මුදලකට වෙන්දේසි වු බව විදෙස් මාධ්‍ය පවසයි. 19 August 2024
කොළඹ පුත්තලම පාරේ ගමනාගමනයට බාධා කොළඹ පුත්තලම මාර්ගය මහවැව නගරය ආසන්නයෙන් ජලයෙන් යටවි තිබිම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බවඅද( 19 ) පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි. 19 August 2024
තංගල්ලේ පීසී ඝාතනයට සම්බන්ධ තුනක් අත්අඩංගුවට තංගල්ල කදුරුපොකුණ ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකු පොල්ලකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය . 19 August 2024
බදියුදීන්ගේ ව්‍යාපෘති නවතයි සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා දිස්ත්‍රික්ක 6 ක ආරම්භ කර ඇති රුපියල් මිලියන 200 කට වඩා වැඩි වටිනාකමකින් යුත් සංවර්ධන ව්‍යාපෘති කීපයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ මාර්ගෝපදේශ මත නවතා දමා ඇත. 19 August 2024
දිස්ත්‍රික් හතකට නාය අනතුරු ඇඟවීම් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 34 කට අද (19) පස්වරුව දක්වා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ. 19 August 2024
තලංගම ත්‍රිරෝද රියදුරු ඝාතනයට අයෙක් අල්ලයි තලංගම අරුක්පිටියත්රිරෝද රථ අලුත්වැඩියා කරන ස්ථානයක් ඉදිරිපිටදී ත්‍රිරෝද රථ රියදුරෙකුගේ ගෙල කපා ඝාතනය කල සැකකරු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි 19 August 2024
පළාත් තුනකට තද වැසි බස්නාහිර,සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 August 2024
නිකිණි පොහොය අදයි නිකිණිපුර පසළොස්වක පොහොය දිනය අදට (19) යෙදී තිබේ. මෙම පොහොය දින බෞද්ධාගමිකයිනට ප්‍රධාන සිදුවීම් කීපයක් නිසා වැදගත් වේ. 19 August 2024
‘‘ගොවියා ශක්තිමත් කිරීම අපේ අරමුණයි‘‘ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍යය කෘෂිකර්මාන්තය විනාශ කිරීම වුවත් ගොවියා ශක්තිමත් කිරීම තම අරමුණ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 18 August 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026