
(ගයාන් සූරිය ආරච්චි)
ජාතික පොලිස් කොම්ෂන් සභාවේ අනුමැතිය පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 11 දෙනෙකුට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ස්ථාන මාරු ලබා දී ඇත.
ඒ අනුව ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන ඩබ්.වී ගිනි ගේ මහතා මාතර කොට්ඨාශ බාර නිලධාරී ලෙසත් කේ.ඩී.ජේ.එල්.ඒ. ධර්මසේන මහතා මීගමුව කොට්ඨාශ භාර නිලධාරී ලෙසත්, බී.ඩී.ටී.පී.ඒ. වීරසිංහ මහතා තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, ආර්. ජී.ඒ. බී. ගුණතිලක මහතා කැලණිය කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් ස්ථාන මාරු ලබා දී ඇත.
එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්.ආර්. ගමගේ මහතා අපරාධ වින්දිතයන්ට හා සාක්කිකරුවන්ට සහායදීමේ හා ආරක්ෂාව සැපයීමේ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, ඩී.එස්.අයි.ඒ.අමරසිංහ මහතා පාර්ලිමේන්තු කොට්ඨාශ අධ්‍යක්ෂ ලෙසත්, මංගල වික්‍රමනායක මහතා මාතලේ කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් කේ.එම්.ඊ. පෙරේරා මහතා පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙසත් එච්.ජී.ඩී.එස්. අමරසිංහ මහතා අම්පාර කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් මාරු කර ඇත.
තවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්.ඒ.සෝමරත්න මහතා වවුනියාව කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් ටී.එච්.ඊ.එල්. පෙරේරා මහතා ගම්පොළ කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් ස්ථාන මාතු සිදුකොට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd