
(සුමිත් පොතුපිටිය )
පානදුර පින්වත්ත ප්‍රදේශයේ දී පැවැති සාදයකදී ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් මන්නයකින් මිතුරාගේ පාදය වෙන්වෙන්න කපාදැමූ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බවත්, පාදයේ කපාදැමූ කොටස අද(08) උදැසන වටවිටත් සොයාගැනීමට නොහැකිවූ බවත් පින්වත්ත පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර , පින්වත්ත ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
තුවාලකරු සහ සැකකරු පින්වත්ත දුම්රිය මාර්ගය ආසන්නයේ මත්පැන් පානය කරමින් සිට ඇති බවත් ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් මන්නයකින් පාදයට සහ උරහිසට පහරදී ඇති බවටත් මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය කීය.
පහරදීම සිදුකිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් බව කියන මන්නා පිහියද පොලිස් භාරයට ගෙන ඇත.තුවාල කරු පානදුර මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතා බහ දුරදිග ගිහින් මන්නයකින් මිතුරාගේ පාදය වෙන් කරලා
Thilina Wednesday, 08 January 2025 11:47 AM
මී හරක් එක්ක බොන්න එපා කියන්නෙ ඕකයි.