
(මනෝප්‍රිය ගුණසේකර)
ජනාධිපති මන්දිරය ජනාධිපති ලේකම් කාර්යාලය මහ බැංකුව ආදී ප්‍රදේශවලට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මහත්මිය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට නියෝගයක් නිකුත් කළාය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් ජනාධිපති මන්දිරය පිහිටි අධි ආරක්ෂිත කලාපයට ඇතුළු වී උද්ඝෝෂණය කිරිමට සුදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කියමින් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, මැදිරිගිරියේ ධම්ම හිමි, උදාර රණසිංහ, චමෝද් රණසිංහ ඇතුළු පිරිතක් ප්‍රමුඛ, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින්ට එරෙහිව අදාළ තහනම් නියෝගය නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තරේ හොරිකඩයින්...
දැන්වත් තේරුණොත් ඇති. ඕවා කරන්න හොඳ නැහැ කියලා.
අනේ මන්දා.. මාස තුනක් තිස්සේ මම හිතාගෙන හිටියේ ක්‍රමය දැන් වෙනස් වෙලා කියලා...
ආණ්ඩුවට එනකම් අන්තරේ අවුස්ස අවුස්සා ඕනෑ එකටයි, එපා එකටයි පාරට බැස්සුවා. දැන් තේරෙයි අන්තරේ කියන්නේ කාලකණ්ණි කොටසක් කියලා...
රජයට විරුද්ධව ජනමතයක් නැත. ඒ නිසා මේ කැරැළි නිකං පුස් වෙඩි වගේ…
ඉතින් තහනම් නියෝග ගත්තු එක හරිනේ. දැන් jvp එක නෑනේ. ඉතිං එහෙනම් කොහේ ද අන්තරායක්. අර කවු ද කීවා නේද සියලු වෘත්තිය සමිති විසුරුවා හරිනවා කියලා. දැන් ගෙදර යන්න හොඳ ළමයි වගේ...!
අන්තරේ කියන උන් රටට සාපයක්..මේ වගේ කඩාකප්පල් කාරයෝ ඉන්නකම් රටට හොන්දක් වෙයිද? මේ වගේ උන් ලෝකෙම නැතුව ඇති .
මාර වැඩක්නේ ! මේ අය බැරිවෙලාවත් කවදා හරි ඔවුන්ගේම ආණ්ඩුවක් පත් කර ගත්තත් ඒකටත් විරුද්ධව ඔවුන්ම පාරට බහීවි නොවැ...
JVP, පෙරටුගාමී, අන්තරේ කියන තුනම එකම කල්ලියක්. මුලින්ම තිබුනේ JVP විතරයි. අන්තරේ කියන්නේ JVP බළල් අතක්. තමන්ගේ දේශපාලන වැඩ වලට කඩේ යවන කල්ලිය තමයි අන්තරේ කියන්නේ. 1980/1990 කාලේදී ලංකාවේ විශ්ව විද්‍යාල වල හිටපු අය මේ ගැන හොඳට දන්නවා. විශ්ව විද්‍යාල පද්ධතිය සහ අධ්‍යාපනය ස්ම්පූර්නයෙන්ම කඩා කප්පල් කරපු තකතීරු රැලක් තමයි JVP/අන්තරේ කියන්නේ. 2012 දී JVP එක දෙකට කැඩුනා. ඒ කෑල්ල තමයි පෙරටුගාමී කියන්නේ. මෙතැනදී අන්තරේ පාලනය JVP එකෙන් පෙරටුගාමී එකට ගියා. දැන් අන්තරේ මෙහෙයවන්නේ කුමාර් ගුණරත්නම්ගේ නායකතත්වයෙන් තියෙන පෙරටුගාමී පක්ෂය. මේ ඔක්කොම එකයි. ඉල්ලන හැමදේම දුන්නත් ස්ට්‍රයික් කරනවා, රට අඩාල කරන එක මොවුන්ගේ එකම පරමාර්ථයයි. රටේ බොහෝමයක් දෙනා විශ්ව විද්‍යාලවල වෙන දේවල් ගැන දන්නේ නැහැ. කරුණාකර මේ ගැන අවදානයෙන් ඉන්න. මොවුන්ට අනුකම්පා කරන්න එපා.
පිටිගල, ආන්ඩුවට විරුද්ධව ඉක්මනට ජනමතයක් එනවා. තව තවත් බොරු කියන්න ඉඩදෙන්නේ නැත.