මත්තල ගුවන් තොටුපළ පාඩුව කෝටි 6600 ක් මත්තල ගුවන් තොටුපළ ආරම්භයේ සිට (2013සිට) මේ දක්වා කෝටි 6600 ක පාඩුවක් ලබා ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 24 November 2025
අය්.එම්.එෆ්. මීළඟ වාරිකය ගැන 15 තීරණය ගනී මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ පස්වැනි සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කර අනුමැතිය ලබාදීම සඳහා විධායක කමිටුව එළැඹෙන 15 වැනිදා රැස්වීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ප්‍රකාශ කළේය. 24 November 2025
ප්‍රතිකාර ගන්න ආ කතකට දොස්තරගෙන් කරදරයක් කහතුඩුව වෑතර දිසා රෝහලතුළදී 26 හැවිරිදි තරුණ කතකට ලිංගික අතවර කළැයි කියන 40 හැවිරිදි වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. 24 November 2025
පහේ දරුවා වෑන් රථයට බිලි සිය සහෝදර සහෝදරියන් සමග කෙලි දොළින් සෙල්ලම් කරමින් සිටි 5 හැවිරිදි කුඩා දරුවෙකු වෑන් රථයක ගැටී මිය ගොස් ඇතැයි මාලිගාවත්ත පොලිසිය කියයි. 24 November 2025
විද්‍යුත් කාඩ් ගෙවීම් ක්‍රමය දිනෙන් දින දියුණු කරනවා විද්‍යුත් කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ වැඩපිළිවෙළ ඉදිරි දින කිහිපයේදී සමීපව නිරීක්ෂණය කරන බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 24 November 2025
පොල් ගෙඩි කෝටි 420 ක ඉලක්කයක් ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් අස්වැන්න ඉදිරි වසර දෙක තුළ පොල් ගොඩි මිලියන 4,200 ක් හෙවත් ගොඩි කෝටි 420 ක් දක්වා ඉහළට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පැවසීය. 24 November 2025
රියැදුරන් වෙරිවීලාදැයි බලන්න ඡංගම වෛද්‍ය රථයක් මගී බස් රථ වල සිටින රියදුරු සහ කොන්දොස්තරලා මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබේද යන්න පරීක්ෂා කිරීමේ ජංගම බස් රථයක් හදුන්වාදීම අද (24) දින ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී ආරම්භ විය. 24 November 2025
මැකො නිලධාරී හතළිහක් පුහුණුවකට ඉන්දියාවට මැතිවරණ කොමිසමේ නිලධාරීන් හතළිස් දෙනකු මැතිවරණ පුහුණුවක් සඳහා ඉන්දියාවට පිටත්ව ගිය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය. 24 November 2025
ගම්පහට සුළු ගංවතුර තත්වයක් ඉහළ ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් සාමාන්‍ය ජල ගැලීම් මට්ටමකට පත්ව ඇති බැවින් පහත් බිම්වල ජනතාවට විමසිලිමත්වන ලෙසට වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරයි. 24 November 2025
ආණ්ඩුවේ බාඳුරා මලක් ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් පාර්ලිමේන්තුවේදී ප්‍රවීණ මාධ්‍යවේදනීයකට නියෝජ්‍ය අමාත්‍යවරයකුගෙන් සිදුවූ වාචික සහ මානසික හිංසනයක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියගේ අවධානයට යොමු කරවන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද (24) කීවාය. 24 November 2025
කන්දකැටිය අයවැය දෙවැනි වරටත් පරදී ජාතික ජනබලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය දෙවන වරටත් අද (24 ) වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්විය. 24 November 2025
බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර දිවි රඟ මඩලට සමුදෙයි ප්‍රවීණ බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර අභවාප්‍රාප්ත විය.මිය යන විට ඔහු 89 වියේ පසු විය. 24 November 2025
තරුණයකු ඝාතනයට දස දෙනෙක් පෝරකයට වසර දාහතරකට පෙරදී තරුණයකු අමානුෂික අයුරින් ඝාතනය කළ කාන්තාවන් තිදෙනකුට සහ පිරිමින් හත්දෙනකුට ඇඹිලිපිටිය පූර්වගාමි මහධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා අද මරණ දඩුවම නියම කළේය. 24 November 2025
’ගල පුපුරවන්න බැරි අවදානමක් : මං තීරුවක් අද හෙටම විවෘත කරනවා’ ගල් පර්වතයක් කඩා වැටීමෙන් අවහිර වුණු කඩුගන්නාව නුවර මාර්ගයේ එක මං තීරුවක් අද හෙටම විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය 24 November 2025
ඉන්දියාවේ මහා අනතුරක් තමිල්නාඩුවේ තෙන්කාසි දිස්ත්‍රික්කයේ අද (24) දින පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් 28 දෙනෙකු තුවාල ලබා තිබේ. 24 November 2025
’’කැබ් එක’’ එපා යැයි ජගත් විතාන ලියුමක් දෙයි තමාට ලැබීමට නියමිත කැබ් රථය ගෙන්නන්නට එපා යැයි ලිඛිතව දැනුම් දුන් බව කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 November 2025
හිරණ ගින්නක් පානදුර හිරණ ප්‍රදේශයේ මෙට්ට නිෂ්පාදන කර්මාන්ත ශාලාවක විශාල ගින්නක් හට ගෙන ඇති බව හිරණ පොලිසිය පවසයි. ගිනි නිවිමේ රථ මේ වන විට ගින්න නිවීම සඳහා යොදවා තිබේ. 24 November 2025
මත් සැකකරුවෝ 1038 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 1038ක් ඊයේ (23) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 24 November 2025
විපක්ෂයේ නායකයෝ ආයෙත් රැස් වෙති ලංකාව පාලනය කරන දේශපාලන පක්ෂය හැර ලියාපදිංචි දේශපාලන පක්ෂ 67 සහ ලියාපදිංචි වීමට ඉල්ලුම් කර තිබෙන දේශපාලන පක්ෂ 15 රටේ අනාගතය සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් එකට එකතුව ක්‍රියා කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද(24) පැවසීය. 24 November 2025
හරිනි-ජුලී චං හමුවක් ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලීචං මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු විය. 24 November 2025
සාමදාන විනිසුරුවන් දූෂණයට එරෙහි පළමු පලිහයි කිසිදු විටක සාම විනිසුරු ක්‍රමය දේශපාලනීකරණය කරන්නේ නැතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය. 24 November 2025
සෞඛ්‍ය විභාගයක් කල් දමයි ඉගැන්වීම සහ අධීක්ෂණය (මාස 12) හා වින්නඹු කර්මය / මානසික හෙදකම (මාස 06) අඩංගු අවුරුදු 01 ½ ක ඩිප්ලෝමා පාඨමාලාව සඳහා පශ්චාද් ප්‍රාථමික හෙද පුහුණුවට බඳවා ගැනීම - 2023 සීමිත ලිඛිත තරඟ විභාගය කල් දැමූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි. 24 November 2025
ජනවාරි සිට පාසල් වාහන වලට සී.සී.ටී.වී අනිවාර්යයි ජනවාරියේ සිට පාසල් වාහන සඳහා සී.සී.ටී.වී අනිවාර්ය කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 November 2025
හපුතලේ යහලබැද්ද මාර්ගය අවහිර වෙයි හපුතලේ යහලබැද්ද - කොළතැන්න මාර්ගයේ එකොළොස්වන කිලෝමීටර් කණුව අසල මාර්ගයට අද (24) දැවැන්ත ගසක් සමග පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගය අවහිර වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 24 November 2025
මාධ්‍ය වාරණයකට ලෑස්ති වෙන්න එපා රටේ හතරවන ආණ්ඩුව ලෙස සැලකෙන මාධ්‍යය වාරණයකට සූදානම් වන්නට එපා යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රිනී එස්.එම්. මරික්කාර් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 24 November 2025
ඉඟිනිමිටියේ වාන්දොරටු හයම විවෘත කරයි මහ වැසිත් සමඟ ඉහළ ජලධාරා ප්‍රාදේශ වලින් දැවැන්ත ජල කදක් ගලා ඒමත් සමඟ ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු හයම විවෘත කිරීමට කටයුතු කල බව පුත්තලම වාරි මාර්ග කාර්යාලය පවසයි. 24 November 2025
බලංගොඩ කස්සප හිමිට නොතීසී ත්‍රිකුණාමලය, කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට අයත් ඉඩමක බුදු පිළිමයක් තැන්පත් කිරීමට යෑමේදී ඇති වූ සිද්ධියට පොලිසියට ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කළ බලංගොඩ කස්සප හිමියන්ට ලබන දෙසැම්බර් 10 දිනට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එන්.එම් සන්සුදීන් මහතා නොසිති නිකුත් කළේය 24 November 2025
මඩකළපුවේ පුරාවිදු බිම්වල නාමපුවරු ගැලවීම ගැන විමර්ශනයක් මඩකළපුවේ පුරාවිද්‍යා ස්ථානවල නාම පුවරු ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 24 November 2025
දොස්තරලා 2842ක් රට හැර ගිහින් පොදුවේ වෛද්‍යවරුන් 2842ක් පසුගිය කාලයේදී රට හැර ගොස් ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 November 2025
මුළු මැතිසබයම තැඹිලි පාට වෙයි ස්ත්‍රී පුරුෂ භාවය සමාජ භාවය මත පදනම් වූ හිංසනයට එරෙහි ගෝලීය ක්‍රියාකාරීත්වයට සහාය දැක්වීමක් ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් මෙන්ම කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් තැඹිලි පැහැති ඇඳුමෙන් පාර්ලිමේන්තුවට අද පැමිණ සිටීම විශේෂ සිද්ධියක් විය. 24 November 2025
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025