(ෂේන් සෙනෙවිරත්න සහ  ජේ.ඒ. එල්. ජයසිංහ)

මහනුවර ඇසළ පෙරහැරේ දෙවන රන්දෝලි පෙරහර මීට සුළු වේලාවකට පෙර වීදි සංචාරය කිරීම ආරම්භ  කළේය.

දෙවෙනි රන්දෝලි පෙරහරේ ,පෙරහර සධාතුක කරඬුව සිංහ රාජා මංගල හස්තියා වැඩම කළ අතර දැලේ හස්තීන් ලෙස මියන්රාජා ,සහ පුලතිසි රාජා යන ඇතුන් දෙදෙනා ගමන් කළහ,

නැගෙනහිර දිශාභිමුඛව පෙරහර රාත්‍රී 07 පසුවී ,විනාඩි 01 ට ,  පිටත්වූ අතර දළදා වීදීය ,ඩී එස් ,සේනානායක වීදීය , කොළඹ වීදීය , යටිනුවර වීදීය , ,රජ වීදීය , ඊ එල් සේනානායක වීදීය , හරස් වීදීය ඩී එස් සේනානායක වීදීය , ඔස්සේ රජ විදීයෙන් ඉහළට විත් ,ශ්‍රී දළදා මාළිගාවට ගෙවැදීමට නියමිතය.