
(නිමල කොඩිතුවක්කු)
එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් පවතින වියලි කාලගුණයෙන් පවුල් 25628 කට අයත් පුද්ගලයන් 81865 කට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම තත්ත්වය දිස්ත්‍රික්ක 7 කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23 කට බලපා ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව මොනරාගල, අම්පාර, බදුල්ල, මඩකලපුව, පොලොන්නරුව, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා මින් වැඩි බලපෑමක් එල්ල කර ඇත.
එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් පවුල් 23048 කට අයත් පුද්ගලයින් 72153 කට පානීය ජලය බෙදා හරින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd