
(සුජිත් හේවාජුලිගේ)
ආන්දෝලනයට තුඩුදී ඇති විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත් පිළිබඳ ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ රහසිගත සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තාවේ.
මෙම කෙටුම්පත්වලට ජාතික ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් එතරම් කැමැත්තක් නොදක්වන බව දැනගන්නට ඇත. සහාය ලබා ගැනීමේ සාකච්ඡා ආරම්භ කර ඇත්තේ එම මන්ත්‍රීවරුන් සමග බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ සහය ගැනීමට විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් පත්කර ඇතැයිද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.
ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලය, මෙහෙයුම් මණ්ඩලය සහ ජාතික විධායක සභාවේ සාමාජිකයකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාද මෙම පනත් කෙටුම්පත්වලට ප්‍රසිද්ධියේම
විරුද්ධත්වය පළ කරන අයෙකි.
මේ අතර මෙම පනත් කෙටුම්පත් පිළිබඳ විවාදය ඔක්තෝබර් මුල පැවැත්වෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පනත් කෙටුම්පත් පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට පසුගිය 18 වැනිදා ඉදිරිපත් කෙරිණ. එ් අනුව පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතා පෙත්සම් ගොනුකිරීමට සති දෙකක කාලයක් හිමිවේ.
එම කාල සීමාවේදී පනත් කෙටුම්පත් වලට එරෙහිව ඉතිහාසයේ වැඩිම පෙත්සම් ප්‍රමාණය ඉදිරිපත් කිරීමට
දේශපාලන පක්ෂ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ සිවිල් සංවිධාන තීරණය කර ඇත.පනත් කෙටුම්පත් වලට එරෙහිව දැනටමත් පෙත්සම් හතළිහකට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇත.
සාමාන්‍ය පනත් කෙටුම්පතක්, විශේෂ පනතක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් කාරක සභා අවස්ථාවේදී හෝ තෙවැනි කියවීමේදී මන්ත්‍රීවරුන් ඡන්දය පාවිච්චි කළ යුත්තේ නම් වශයෙන් හෝ ඊට අදාළ සභානුමත ක්‍රමවේද හරහාය.එම ඡන්ද විමසීම් රහස් ඡන්ද ලෙස සිදුකිරීමට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව ඉඩක් නොමැත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ ආණ්ඩුවේ ප්‍රකාශකයකු පැවසුවේ මෙම පනත් කෙටුම්පත් සම්මත කරගැනීමට ආණ්ඩුවේ සියලුම මන්ත්‍රීවරුන් සහාය දක්වනු ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd