මාස දෙකකදී 1802 ක් ඊශ්‍රායලයට මේ වසරේ දෙසැම්බර් සහ 2025 ජනවාරි යන මාස දෙක ඇතුළත ඊශ්‍රායල් රැකියා සඳහා විදේශ ගත වීමට නියමිත පිරිස 1802 ක් බව විදේශ සේවා කාර්යාංශය සදහන් කරයි. 09 December 2024
ඇමරිකා දූතයෝ කතානායක හමු වෙති ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා ප්රමුඛ එක්සත් ජනපද ඉහළ පෙළේ නියෝජිතයෝ කථානායක අසෝක රන්වල මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී හමුවූහ. 09 December 2024
වායු ගුණත්වය යළි අහිතකර මට්ටමකට දිවයිනේ නාගරික ප්‍රදේශවල වායු ගුණත්වය අද(9) දිනයේ සිට සුළු වශයෙන් අහිතකර මට්ටමකට පත්ව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 09 December 2024
නාවිකයන් 2138කට උසස් වීම් නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 2138 කට ක්‍රියාත්මක වන පරිදි උසස්වීම් ලබාදී ඇත. 09 December 2024
බෝක්කු වහලා ගමක් මාස දෙකක් යටවෙලා මුන්දලම විරුතෝඩේ ගම්මානයෙ ජලය බැස යන ප්‍රධාන කානු පද්ධතියක් හා බෝක්කුවක් වසා දැමිමේන් තම නිවාස මාස දෙකකට ආසන්න කාලයක් ජලයෙන් යටවි ඇති බව එම ජනතාව චෝදනා කරතී. 09 December 2024
කූලී වාහන වැඩි මිලට විකිණු හොර දොස්තර අත්අඩංගුවට වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කුලී පදනම මත වාහන ලබාදෙන ස්ථානවලින් අති සුඛෝපභෝගී වාහන ලබාගෙන ඒවාට වංචනික ලෙස ව්‍යාජ සහතික සකසා අධික මිල ගණන් වලට අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ හෝමාගම උප ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. 09 December 2024
ලොහාන් ප්‍රසිද්ධියේ සමාව ගනියි බීමතින් ඩිෆෙන්ඩර් ජීප් රථයක් පදවා මෝටර් රථයක් හප්පා අනතුරක් සිදුකර එහි ගමන් ගත් නීතිඥවරයකුට බැන මරණීය තර්ජන සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එලෙස බැන තර්ජනය කළ නීතිඥවරයාගෙන් අද (09) විවෘත අධිකරණයේදී ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේය. 09 December 2024
අයිස් සමග ඇල්ලූ ධීවරයින් 11 රිමාන්ඩ් ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඉන්දිය නාවික හමුදාව ඒකාබද්ද මෙහෙයුමකින් පසුව ඇම්පිටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 356 ක් සමග අරාබි මුහුදේ දී අත්අඩංගුවට ගත් සැකකාර ශ්‍රී ලංකීය ධීවරින් එකොළොස් දෙනා ලබන 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(09) නියෝග කළේය. 09 December 2024
විදුලිබල සේවකයන්ට ප්‍රසාද දීමනාව නෑ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනා මෙම වසරේ ද නොදීමට එම මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය තීරණය කළ බව එහි උසස් නිලධාරියෙක් පැවසීය. 09 December 2024
ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලිය 0.6කින් පහළට රාජ්‍ය බැංකු රැසක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ගෙවන පොලිය සියයට 7.5 ක් දක්වා පසුගිය සතියේ තව දුරටත් අඩු කළ බව ප්‍රධානම රාජ්‍ය බැංකුවක උසස් නිලධාරියෙක් පැවසීය. 09 December 2024
ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කරනවා ක්‍රීඩාවෙන් දේශපාලනය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කරා සියලුම ක්‍රීඩාව රැගෙන යාමේ සැළසුම් 2025 ජනවාරි මාසේ මුල් සතියේ ආරම්භ කරන බවත් ඒ අනුව 2028 වසර ඔලිම්පික් බලාපොරොත්තු තබාගත හැකි වසරක් ලෙස බලාපොරොත්තුවක් තැබිය හැකි බවත් නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න මහතා අද (9) පැවසීය. 09 December 2024
හෙම්බිරිස්සාව සෑදී නිවසේ සිටි බිලිඳිය මිය ගිහින් සෙම්ප්‍රතිශ්‍යාව වැළදී නිවෙසේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 3 ක බිළිදියක මියගොස් ඇති බව මාරවිල පොලිසිය පවසයි. 09 December 2024
සුරා බලපත් විකුණා මාස 9ට බිලියන 3.1ක් හෙව්වා සියලු සුරා බලපත්‍ර නිකුත් කර ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නීති රීති සහ නියමිත ක්‍රමවේදයට අනුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 09 December 2024
පොඩි ලැසීට ඇප අරුමාහන්දි ජනිත් මධුසංක නොහොත් පොඩී ලැසී නමැත්තාට අද බලපිටිය මහේස්තාත් ආර්.ඩී.ජානක මහතා ඇපමත මුදාහරින ලෙස නියෝග කළේය. 09 December 2024
උතුරු මැද සංචාරක ව්‍යාපාරයට දුන් කෝටියකට වැඩි මුදලක් පිල්ලි ගහලා උතුරු මැද පළාතේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය උදෙසා වාර්තාමය විඩීයෝ වැඩ සටහනක් නිෂ්පාදනය කිරිම ඇතුළු කාර්යන් කිහිපයකට පුද්ගලික සැපයුම් කරුවෙකුට 2016 වසරේදි පළාත් සභාවෙන් රුපියල් එක්කෝටි විසිඑක් ලක්ෂයකට අධික මුදලක් ගෙවා තිබුනද එකී කාර්ය වසර ගනනාවක් ගතව ගියත් මෙතෙක් ඉටුවි නොමැති බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ විගණන වාර්තාවකින් හෙළිදරව් කොට තිබේ. 09 December 2024
තුත්තුකුඩියෙන් සහල් ටොන් 10,000 එයි ඉන්දියාවේ තුත්තුකුඩිය වරායෙන් පැටවූ සහල් මෙට්‍රික්ටොන් 10,000 කට අධික තොගයක් කොළඹ වරායට ළගාවී ඇතැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති. 09 December 2024
ධීවර අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක මහතා පත් කර ඇත. 09 December 2024
ස්පා කොල්ලකරුවන් අත්අඩංගුවට තියුණු ආයුධ රැගෙන.සොරා ගත් යතුරුපැදි වලින් ගොස් සම්බාහන ආයතන වලට කඩා වැදී එහි රැඳී සිටින තරුණියන් ගේ දේපළ කොල්ලකෑමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි . 09 December 2024
බස්නාහිර පුස්තකාල සේවක ගැටලු ඉක්මණින් විසඳන්න උසස්වීම් නොලැබීම ඇතුළු ගැටලු රැසකට මුහුණ දී සිටින බස්නාහිර පළාත් පුස්තකාල සේවකයන්ගේ ගැටලුවට වර්තමාන ආණ්ඩුව විසඳුම් දෙනු ඇතැයි විශ්වාසයක් ඇති බවත් බස්නාහිර පුස්තකාල සේවකයන්ට උසස්වීම දීමට මීට මාස හකට පමණ පෙර පැවැත්වූ තරග විභාගයේ ප්‍රතිඵල මේ දක්වා නිකුත් කර නොමැති බවත් බස්නාහිර පළාත් පුස්තකාල වෘත්තීය සංගමයේ සභාපති හසිත ප්‍රදීප් තරංග මහතා පැවසීය. 09 December 2024
පොඩි ලැසීගේ සිරමැදිරිය පිටුපසින් තහනම් භාණ්ඩ බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රඳවා සිටින. විශේෂ ගණයේ. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසී නමැත්තා රඳවා සිටින විශේෂ සිරකුටිය පිටුපස කඩා විනාශ කරන ලද ජංගම දුරකථනයක්, සහ දුරකථන උපාංග කොටස් සඟවා තිබියදී සොයා ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 09 December 2024
බ්‍රසීල ගිනි අවියක් කන්ටේනර් පෙට්ටියක් යට වැල්ලම්පිටිය මීතොටමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ගොඩනැගිල්ල පිටුපස කන්ටේනර් පෙට්ටියක් යට සඟවා තිබූ බ්‍රසීලයේ නිෂ්පාදිත පිස්තෝල ගිනි අවියක් සහ මැගසින් දෙකක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි . 09 December 2024
පා.මන්ත්‍රී රියේ ගැටුණු කාාන්තාවක් මරුට සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතා ගමන්ගත් ජිප්රථයේ වෙන්නප්පුව ප්‍රදේශයේදී පදික කාන්තාවක් ගැටී බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි. 09 December 2024
තැනින් තැන අදත් වැසි වාර කිහිපයක් උතුරු සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 December 2024
හිටපු පා.මන්ත්‍රීගේ එකලස් කළ ලොරියක් පොලිස් බාරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට අයත් නීති විරෝධී ලෙස කොටස් මෙරටට ආනයනය කර එකලස් කර ඇති බවට සැකකරන ඉසුසු වර්ගයේ ලොරියක් සිය භාරයට ගත් බව වලාන මධ්‍යම දුෂණ වර්ධන ප්‍රහාරක බලකාය කියයි 09 December 2024
රටින් පැන්න සිරියා ජනපති රුසියාවේ විපක්ෂ ක්‍රියාකාරීන් සහ සන්නද්ධ කැරැලිකරුවන්, බලය අල්ලා ගනිද්දී රටින් පලා ගිය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සහ පවුලේ සාමාජිකයන් රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණ ඇත. 09 December 2024
ව්‍යාපෘති කාර්යාල 38ක් ජනපති ලේකම් කාර්යාලයෙන් ඉවතට ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටා තිබූ අමාත්‍යාංශ ව්‍යපෘති කාර්යාල 38 ක සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරී සංචිතයට අනියුක්ත කරමින් ස්ථාන මාරු කිරීමේ නියෝගයන් නිකුත් වී ඇතැයි රජයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය. 09 December 2024
සහල් පාලන මිල රුපියල් 10කින් ඉහළට වහාම ක්‍රියාත්මක වන පරිදි සහල් පාලන මිල සංශෝධනය කිරීමට රජය අවසරදී ඇතැයි පැවැසෙයි. ඒ අනුව තෝරාගත් ප්‍රභේද සඳහා සහල් කිලෝ ග්‍රෑමයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 10 කින් ඉහළ යනු ඇත. 09 December 2024
18 තරුණයා ළිඳට බිලි යතුරුපැදිය සේදීමට ළිදට ගිය තරුණයකු අද(08) පස්වරුවේ ළිදේ වැටී මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි. 08 December 2024
ආවා කල්ලියේ නායකයා කැනඩාවේදී අත්අඩංගුවට යාපනය කේන්ද්‍ර කරගනිමින් භීෂණය පතුරුව වන ’ආවා’ නැමැති කල්ලියේ නායකයා බව පැවසෙන අජන්තන් සුබ්‍රමනියම් නැමැත්තා කැනඩාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. 08 December 2024
මෙවර සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 18 පනී විදෙස් සංචාරකයින් ලක්ෂ 18 කට අධික සංඛ්‍යාවක් මේ වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනට පැමිණි ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 08 December 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026