
(ඩී.ජී.සුගතපාල)
බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන රවිදු සංකද සිල්වා හෙවත් බූරු මූණා යන රැදවියා සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් අතර ඇතිවු ගැටුමකදි තුවාල ලැබු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් දෙදෙනකුද බූරු මුණා ද ප්‍රතිකාර සඳහා අද දහවල් කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
බුරු මුණාට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට ස්කයිප් තාක්ෂණය මගින් ඉදිරිපත් කිරිම සඳහා සිර මැදිරියෙන් පිටතට ගත් අවස්ථවේ ගැටුම හටගෙන ඇත.
සිර මැදිරියෙන් පිටතටගෙන ඔහු පරික්ෂා කිරිමේදි කොණ්ඩය ලිහන ලෙස පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් පවසා ඇති අතර එම අවස්ථාවේ ඇති වූ බහින් බස්විමක් දුරදිග ගොස් මෙම ගැටුම සිදුව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයුධ පෙන්නන්න එක්කරගෙන යන්න බැරිද? එතකොට ඔය ප්‍රශ්න ඔක්කොම ඉවරයි.
නම දාපු කෙනා අරිසෙන් අහුබුදු මහත්තයාටත් වඩා දක්ෂයෙක් වගේ.
මෙයා හොයන්නෙත් සාමය වෙන්න බැරිද?