
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මහරගම පතිරගොඩ ප්‍රදේශයේ ජල බස්නා කානුවක තිබී මිලිමීටර් නමය වර්ගයේ උණ්ඩ හැටක් සමග උණ්ඩ එකසිය පහළොවක් සොයා ගත් බව මහරගම පොලිසිය පවසයි.
මහරගම පොලිසියට ලද තොරතුරකට අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රන්ජන් එදිරිසිංහ මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් මහරගම පතිරගොඩ ප්‍රදේශයේ ජල බස්නා කානුවක් පරීක්ෂා කිරීමේදී සැකකටයුතු පාර්සලයක් සොයාගෙන තිබේ.
පසුව එම පාර්සලය පොලිස් භාරයට ගෙන පරීක්ෂා කිරීමේදී එහි තිබී මිලි මීටර් නමය වර්ගයේ උණ්ඩ හැටක්, ටී 56 වර්ගයේ උන්ඩ 45 , රිවෝල්වර් සඳහා භාවිතා කරන උණ්ඩ දහයක් ඇතුළු උණ්ඩ එකසිය පහලවක් සොයා ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්නපු කන්ටේනර් 323 ආපු බඩු වෙන්නත් පුළුවන්...!