
(යොහාන් භාසුර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී පොලිස් භාරයට ගත් ටී56 ගිනිඅවිය සම්බන්ධ සිද්ධියට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (23) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම ගිනි අවිය ඔහුට අයත් එකක් නොවන බවත් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත් ප්‍රකාශ කර ඇතැයි දැන ගන්නට ඇත.
රන් ආලේපිත ටි 56 එම ගිනි අවිය කොටස් එකලස් කර තනන ලද එකක් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම ගිනි අවිය අපරාධයන් සඳහා යොදාගත් එකක් ද යන්න අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක වෙතද යොමු කිරීමට නියමිතය.
කොළඹදී විශේෂ පොලිස් කණ්ඩායමක් ඒ මහතා අත්අඩංගුවට ගත් බව කී පොලිසිය කණ්ඩායම් හතරක් සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන බව ද පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිය බේරගත්ත තව විරුවෙක්.
බොහෝ රහස් එළියට එයි වගේ...!
දැන් "මෙන්න පලිගන්නවෝ" කියලා කෑගහන්න පටන් ගනී.
ඔන්න සිරිසේන සහ රාජපක්ෂ යුගයේ ගෝල බාල ඇමතියන්ගේ වැඩ. මෙයා සබීතගෙ බිල්ඩීමට කෝටි ගණන් රජයෙන් මූදල් ගෙවලා තිබුණ නිකම්ම කිසිම ප්‍රයෝජනයක් නොමැතිව. මෙවා සහ ගහන අපරාධ.
මුන් දැන් වෙඩි තියන්නෙ රත්‍රන් තුවක්කුවලින් , රත්‍රන් උන්ඩ දාලද.. සල්ලි වැහි වැහැල . සබීතා බිල්ඩිම මතක් වෙනවා. ආ... තව එකක් ..පහුගිය කාලේ රත්‍රන් උන්ඩ ගැනත් කතා කළා මෙයත් ඒවට සම්බන්ධ ද?
මේක නම් හොඳ වැඩක්. ගෝඨව කාපු කාලකන්නියෙක්.
පොදු විපක්ෂය විසින් බන්දනාගාරයේ බලය අල්ලයි , බන්දනාගාර රෝහලේ 2/3 බලය දැටමත් පොදු විපක්ෂයට"
ඉස්සර හොලිවුඩ් චිත්‍රපටියක තිබ්බා සලාඩින් කියලා ඒකාධිපතියෙක්, එයාගේ රත්තරන් තුවක්කු වගේ මේකත්. කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි කොහෙන්ද ඇමතිට?
තව ටිකක් එන්න තියෙනවා..... ජොනී, බැසිල්, කුට්ටි ,රත්නරන් සහ රනිල්වත් CB වංචාවට??? NPP එකෙන් හොඳ වැඩක්,කම්බ හොරු රැළම කූඩුවට.ඉක්මනින් මේ වාචාල චාමරව වැලිකඩට ගෙනියන්න.මෙච්චර කාලයක් මුන් හොරා කෑවා මහජන මුදල් වලින් සූර සැප වින්දා. දැන් ඉතින් වමාර පල්ලා.
දැන් අල ගිය තැන් වැල ගිය තැන් වගේම මුල ගිය තැනුත් හොයා ගන්න පුළුවන් වෙයි, රාජපක්ෂ වික්‍රමසිංහ කල්ලිය අනිවාර්යයෙන්ම ඕකට සමිබන්ධ ඇති.
මෙයා අත්අඩංගුවට ගැනීම NPP වැඩක් නොවේ. පොලිසියේ හොඳ වැඩක්.
ඒකනායක, මොලේ මෙහෙයවන්න, අනුර නොවෙයි තමයි අත්අඩංගුවට ගත්තේ, ඒත් ඔය ජනතාව බලය දුන්නා කියන ඊනියා පොදු විපක්ෂයේ එක පක්ෂයක්වත් බලයේ හිටියා නම් ඔය අත්අඩංගුවට ගැනීම වෙනවාද? එන් පී පියට එරෙහිව ලුණු හොයන අය මේවාට කතා නැහැ....
මොළය හරියට මෙහෙය වනවි නම් රිමාන්ඩ් කර කර නොහිද තුනෙන් දෙකේ බලය භාවිතයෙන් විශේෂ අධිකරණ පිහිටුවලා දින දෙක තුනකින් වැරැදිකරුද නිවැරැදි කරුද කියලා තීරණය කරන්න හැකියාව තිබිය දී ඇයි මේ මාධ්‍ය සංදර්ශන... මහජන බදු මුදල් නාස්තියක් පමණයි. අන්තිමට සිදුවන්නේ... හරි විදිහට නම් ඒන්පීපී ජපන් ආචාර්ය වරයාත් ඉන්න ඕනේ හිරේ...
දුමින්දට බංකුවක් දීලා ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්න බංකුබංකු ඇමති ගාවට යවන්න.