IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


රන් පැහැති ගිනි අවියට දුමින්ද අත්අඩංගුවට

(යොහාන් භාසුර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී පොලිස් භාරයට ගත් ටී56 ගිනිඅවිය සම්බන්ධ සිද්ධියට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (23) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම ගිනි අවිය ඔහුට අයත් එකක් නොවන බවත් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත් ප්‍රකාශ කර ඇතැයි දැන ගන්නට ඇත.

රන් ආලේපිත ටි 56 එම ගිනි අවිය කොටස් එකලස් කර තනන ලද එකක් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම ගිනි අවිය අපරාධයන් සඳහා යොදාගත් එකක් ද යන්න අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක වෙතද යොමු කිරීමට නියමිතය.

කොළඹදී විශේෂ පොලිස් කණ්ඩායමක් ඒ මහතා අත්අඩංගුවට ගත් බව කී පොලිසිය කණ්ඩායම් හතරක් සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන බව ද පොලිසිය කීය.

 



අදහස් (19)

රන් පැහැති ගිනි අවියට දුමින්ද අත්අඩංගුවට

බේරේ ගඳ නෑරේ Friday, 23 May 2025 11:06 AM

ජාතිය බේරගත්ත තව විරුවෙක්.

:       5       67

ජිල්බු Friday, 23 May 2025 02:06 PM

ජාතිය බේරගත්ත උපකරණත් එක්කම මාට්ටු.

:       2       31

මහසෙන් Friday, 23 May 2025 11:40 AM

බොහෝ රහස් එළියට එයි වගේ...!

:       5       57

ඒ.එම්.ඒ. කුමාර Friday, 23 May 2025 12:12 PM

දැන් "මෙන්න පලිගන්නවෝ" කියලා කෑගහන්න පටන් ගනී.

:       4       41

සංඛ Friday, 23 May 2025 12:19 PM

ඔන්න සිරිසේන සහ රාජපක්ෂ යුගයේ ගෝල බාල ඇමතියන්ගේ වැඩ. මෙයා සබීතගෙ බිල්ඩීමට කෝටි ගණන් රජයෙන් මූදල් ගෙවලා තිබුණ නිකම්ම කිසිම ප්‍රයෝජනයක් නොමැතිව. මෙවා සහ ගහන අපරාධ.

:       5       53

ජයනාත් Friday, 23 May 2025 12:24 PM

මුන් දැන් වෙඩි තියන්නෙ රත්‍රන් තුවක්කුවලින් , රත්‍රන් උන්ඩ දාලද.. සල්ලි වැහි වැහැල . සබීතා බිල්ඩිම මතක් වෙනවා. ආ... තව එකක් ..පහුගිය කාලේ රත්‍රන් උන්ඩ ගැනත් කතා කළා මෙයත් ඒවට සම්බන්ධ ද?

:       3       41

saman Friday, 23 May 2025 12:29 PM

මේක නම් හොඳ වැඩක්. ගෝඨව කාපු කාලකන්නියෙක්.

:       1       30

කජු සීයාගේ මාද්‍ය ප්‍රකාශක Friday, 23 May 2025 12:49 PM

පොදු විපක්ෂය විසින් බන්දනාගාරයේ බලය අල්ලයි , බන්දනාගාර රෝහලේ 2/3 බලය දැටමත් පොදු විපක්ෂයට"

:       5       46

HafeelFriday, 23 May 2025 01:07 PM

දැන් ඉතින් මහින්දානන්ද මස්සිනාත් එක්ක කාලය ගත කරන්න

:       2       40

රුවන් Friday, 23 May 2025 01:09 PM

ඉස්සර හොලිවුඩ් චිත්‍රපටියක තිබ්බා සලාඩින් කියලා ඒකාධිපතියෙක්, එයාගේ රත්තරන් තුවක්කු වගේ මේකත්. කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි කොහෙන්ද ඇමතිට?

:       1       22

සන්ක Friday, 23 May 2025 01:29 PM

තව ටිකක් එන්න තියෙනවා..... ජොනී, බැසිල්, කුට්ටි ,රත්නරන් සහ රනිල්වත් CB වංචාවට??? NPP එකෙන් හොඳ වැඩක්,කම්බ හොරු රැළම කූඩුවට.ඉක්මනින් මේ වාචාල චාමරව වැලිකඩට ගෙනියන්න.මෙච්චර කාලයක් මුන් හොරා කෑවා මහජන මුදල් වලින් සූර සැප වින්දා. දැන් ඉතින් වමාර පල්ලා.

:       3       30

අරවින්ද මොණරවිල Friday, 23 May 2025 01:31 PM

දැන් අල ගිය තැන් වැල ගිය තැන් වගේම මුල ගිය තැනුත් හොයා ගන්න පුළුවන් වෙයි, රාජපක්ෂ වික්‍රමසිංහ කල්ලිය අනිවාර්යයෙන්ම ඕකට සමිබන්ධ ඇති.

:       6       28

Ekanayake Friday, 23 May 2025 02:03 PM

මෙයා අත්අඩංගුවට ගැනීම NPP වැඩක් නොවේ. පොලිසියේ හොඳ වැඩක්.

:       5       20

සෙනෙවිරත්න Friday, 23 May 2025 02:47 PM

ඒකනායක, මොලේ මෙහෙයවන්න, අනුර නොවෙයි තමයි අත්අඩංගුවට ගත්තේ, ඒත් ඔය ජනතාව බලය දුන්නා කියන ඊනියා පොදු විපක්ෂයේ එක පක්ෂයක්වත් බලයේ හිටියා නම් ඔය අත්අඩංගුවට ගැනීම වෙනවාද? එන් පී පියට එරෙහිව ලුණු හොයන අය මේවාට කතා නැහැ....

:       6       15

pjFriday, 23 May 2025 03:17 PM

මොළය හරියට මෙහෙයවනවා...

:       4       0

pj Friday, 23 May 2025 03:35 PM

මොළය හරියට මෙහෙය වනවි නම් රිමාන්ඩ් කර කර නොහිද තුනෙන් දෙකේ බලය භාවිතයෙන් විශේෂ අධිකරණ පිහිටුවලා දින දෙක තුනකින් වැරැදිකරුද නිවැරැදි කරුද කියලා තීරණය කරන්න හැකියාව තිබිය දී ඇයි මේ මාධ්‍ය සංදර්ශන... මහජන බදු මුදල් නාස්තියක් පමණයි. අන්තිමට සිදුවන්නේ... හරි විදිහට නම් ඒන්පීපී ජපන් ආචාර්ය වරයාත් ඉන්න ඕනේ හිරේ...

:       15       8

පොඩිඑකාFriday, 23 May 2025 04:19 PM

අර කලින් තිබ්බ ඔහෙලගෙ ආණ්ඩු කලා වගේද පීජේ?

:       2       8

pjSaturday, 24 May 2025 06:05 AM

විමර්ශන අවසන් කළාට පසුව දියුණු රටවල නම් නඩු බොහෝමයක් දිනයක් හෝ දෙකක් තුළ දී අසා අවසන් කරන අතර වැඩි විස්තර ඉගෙන ගන්න අවශ්‍ය නම් බංකුවක් රැගෙන මාලි හමුවී බලවා ගන්න.

:       0       0

සමන්ත Friday, 23 May 2025 04:18 PM

දුමින්දට බංකුවක් දීලා ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්න බංකුබංකු ඇමති ගාවට යවන්න.

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31352 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13570 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site