IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගුවන් සේවා - ධීවර - ආයෝජන හිටපු සභාපතිවරුන්ට නඩු

(මනෝප්‍රිය ගුණසේකර)

අල්ලස් චෝදනා යටතේ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු  සභාපතිවරයාට, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයාට සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු  අධ්‍යක්‍ෂ  ජනරාල්වරයාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද (23) නඩු පැවරීය.

වසර 10කට පමණ පෙර එනම් 2014 සහ 2015 යන කාලයේ කළ ක්‍රියා සම්බන්ධයෙන් මෙලෙස නඩු පවරා ඇත්තේ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු සභාපතිවරයා වු ප්‍රසන්න ජයලත් එදිරිසිංහ, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා වු අමරානන්ද අබේගුණසේකර සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු  අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වු ජයන්ත  එදිරිසිංහ මහත්වරුන්ට එරෙහිවය.

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු සභාපතිවරයා වු ප්‍රසන්න ජයලත් එදිරිසිංහ මහතාට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත්තේ 2014 නොවැම්පර් 03 වැනිදාත් 2014 දෙසැම්බර් 19 වැනිදාත් අතර කාලයේදි රජයට අයුතු සහගත පාඩුවක් කිරිමේ චේතනාවෙන් ගුවන් සේවා සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනුමැතියෙකින් තොරව සමාගමේ මුදලින් රුපියල් ලක්ෂ 125ක මුදලක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත මුදාහැරීමට ගුවන් සමාගමේ මුදල් අංශ ප්‍රධානි ලයනල් දහනායක මහතා පෙළඹ වු බවටය.

ශ්‍රී ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා වු අමරානන්ද අබේගුණසේකර මහතාට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත්තේ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ 2015 අප්‍රේල් 10 වැනිදාත් 2015 අගෝස්තු 30 වැනිදාත් අතර කාලයේද රජයට අයුතු  සහගත හා නිති විරෝධී පාඩුවක් කිරිමේ චේතනාවෙන් පුරප්පාඩුව නොතිබු  සංස්ථාවේ කළමනාකරණ සහකාර තනතුරු සදහා  විධිමත්  හා නිත්‍යානුකූල ක්‍රමවේදය අනුගමනය නොකර පුද්ගලයන් බඳවා ගැනීමෙන් රජයට පාඩු කළ බවටය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ  හිටපු  අධ්‍යක්ෂ  ජනරාල් ජයන්ත  එදිරිසිංහ මහතාට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත්තේ සිය අධ්‍යක්ෂ  ජනරාල් ධුරය නිති විරෝධී අන්දමින් භාවිත කර වැට් බදු සදහා ලියාපදිංචි වි නොතිබු හම්බන්තොට ‘කන්සිලිව්-2014’ ව්‍යාපෘතියේ කළමනාකරු ලෙස කටයුතු කළ ආයතනයට වැට් බදු වශයෙන් රුපියල් 21,91,000/-ක මුදලක් ගෙවිමට ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂකවරයා පෙළඹ වු බවටය.

මෙම ක්‍රියා හේතූවෙන් විත්තිකාර ප්‍රසන්න ජයලත් එදිරිසිංහ, අමරානන්ද අබේගුණසේකර සහ ජයන්ත එදිරිසිංහ මහත්වරු අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය යුතු වැරදි කර අතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.



අදහස් (1)

ගුවන් සේවා - ධීවර - ආයෝජන හිටපු සභාපතිවරුන්ට නඩු

සිරි Friday, 23 May 2025 05:38 PM

මතකද අර ලිපිගොනු මිටිය? ඒවා තමයි ඔය එක එක එළියට එන්නේ...!

:       4       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site