
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරට වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසුව ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක වාහන මෙරටට ආනයනය කර තිබෙන බවත් මෙරටට වාහන ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 450 ක ණයවර ලිපි විවෘත කර තිබෙන බවත් ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප‍්‍රකාශ කළේය.
ණයවර ලිපියක් විවෘත කර පසු මෙරටට වාහනයක් ආනයනය කිරීමට කාලයක් ගතවන බවත් ඉදිරියේදී එම වාහන ශ‍්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය. වාහන ආනයනය කිරීම ආරම්භ කිරීමෙන් පසුව මෙරට ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වන බවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6.9ක ජංගම ගිණුම් අතිරික්තයක් මෙම වසරේදී ශ‍්‍රී ලංකාව වාර්තා කරනු ඇතැයි මහ බැංකුව පුරෝකතනය කර ඇති බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප‍්‍රකාශ කළේය.
ඒ අනුව ශ‍්‍රී ලංකා ඉතිහාසයේ වසර තුනක් පිටපිට ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කළ ප‍්‍රථම අවස්ථාව මෙය වනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.
ශ‍්‍රී ලංකා මහ බැංකුවේදී එක්දින ප‍්‍රතිපත්ති පොලී අනුපාතය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙම අදහස් පළ කළේය.
රුපියල සම්බන්ධයෙන් එහිදී මහ බැංකු අධිපතිවරයා අදහස් ප‍්‍රකාශ කළ අතර පිටපිට වසර දෙකක් ශ‍්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වීමෙන් පසුව මෙම වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට ඊයේ දක්වා කාලයේදී රුපියල ඩොලරයට සාපේක්ෂව සියයට 2.4 කින් අවප‍්‍රමාණය වී තිබෙන බවද මහ බැංකු අධිපතිවරයා ප‍්‍රකාශ කළේය.
එසේම ශ‍්‍රී ලංකා මහ බැංකුව මෙම වසර ආරම්භයේ සිට ඊයේ දක්වා කාලෙය්දී ශුද්ධ පදනම මත මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 850 ක් මිලදීගෙන තිබෙන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුරගේ පාලනය යටතේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්ට, විශේෂඥයින්, ටියුෂන් මාස්ටර් වැනි බදු පැහැර හරින්නන්ට ඉතා මිල අධික වාහන ගෙන ඒමට අවස්ථාවක් ලබා දී ඇත. ඇත්ත වශයෙන්ම, ඕනෑම ධනවත් ව්‍යාපාරිකයෙකුට සහ බදු පැහැර හරින්නන්ට, රනිල්, මහින්ද හෝ අනුර වේවා, මෙම පාලන ආකෘතියෙන් උපරිම ප්‍රයෝජන ලැබේ. කෙසේ වෙතත්, මධ්‍යම පාන්තික වෘත්තිකයෙකු එන්පීපී පාලනය සුඛෝපභෝගී යැයි හඳුන්වන වාහනයක් මිලදී ගැනීමට දිගු කාලයක් බලා සිටීමෙන් දුක් විඳිනවා. අගේ සමහර විට මෙම බ්ලොග් අඩවියෙන් ප්‍රකාශයට පත් නොකෙරේ.
කොච්චර වාහන ගෙන්නුවත් පොඩි මිනිහට ගන්න පුළුවන් මිලකට එකක්වත් නෑ. මෝටර් බයික් එකක් ලක්ෂ 8, ත්‍රීවිල් ලක්ෂ 20යි. එතකොට රෝද හතරේ වාහන ගැන කියන්න ඕනේ නෑනේ.
ලංකාවේ කොහෙද පොඩි මිනිස්සු? ඔක්කොම ඉන්නේ ලොකු මිනිස්සු. එකම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ආදායම බෙදීයාමේ විෂමතාව මත.
කොයි ආණ්ඩුවත් කරන්නේ ධනපතියා රකින එක. එහෙම නේ. මේ ණයවර නිකුත් කරන්නේ මාෆියා කාරයන්ට. කවදාවත් සිහින වාහන සිහිනයක්ම පමණයි.
අපේ රටේ මිල අඩුම බ්‍රෑන්ඩ් නිව් කාර් රථය ලක්ෂ 70 යි මිල. රුපියල් ලක්ෂයක් වැටුපක් ගන්න මනුස්සයෙක් අවුරුදු 6ක් තිස්සේ නොකා නොබී ඉතිරි කළොත් ඕක ගන්න පුළුවන්. ලීසිං කරලා ගන්නත් බැහැ, මොකද කිසිම ලීසිං කොම්පැනියක් අවුරුදු 6කට ලීසිං දෙන්නෙත් නැහැ, ලීසිං වාරිකය විදියට වැටුප ඔක්කෝම වැය කරන්න දෙන්නෙත් නැහැ, ඒ කියන්නේ මේ වාහන ගන්න එක සාමාන්‍ය මනුස්සයෙක්ට සිහිනයක් විතරයි. අතිරේක ආදායමක් තියෙන යමක් කමක් ඇති මිනිස්සුන්ට විතරයි වාහනයක් ගන්න පුළුවන්, හරියට 50 ගණන් වල වගේ...