වැඩි මිලට සහල් විකුණූ වෙළෙඳුන් 50 කට නඩු පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කළ වෙළෙඳුන් පනස් දෙනෙකුට පමණ විරුද්ධව නඩු පැවරීමට ඊයේ (10) පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි. 11 December 2024
අඩු පිඩන කලාපය තමිල්නාඩුව දෙසට නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුළ බටහිර වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් තමිල්නාඩු වෙරළට ළඟා විමට බොහෝ දුරට ඉඩ ඇත. 11 December 2024
රට විරුවන්ට විද්‍යුත් වාහන දීමේදි අඩුපාඩු රැසක් විදෙස්ගත ශ්‍රමිකයන්ට මෙරටට විද්‍යුත්වාහන ගෙන්විමේ යෝජනා ක්‍රමය යටතේ ආනයනය කර තිබු විද්‍යුත් වාහන 510 සදහා පමණක් සුඛෝපභෝගි බදු නිදහස් සිමාව රුපියල් මිලියන 06 සිට රුපියල් මිලියන 12 දක්වා ඉහළ දැමිම හේතුවෙන් රජයට අයකරගත හැකිව තිබු රුපියල් මිලියන 1,384 ක බදු ආදායමක් අහිමිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ. 11 December 2024
සිල්ලර වෙළදුන් අධික ලාභයක් ගත්තා තමන් රතු කැකුළු සහල් කිලෝව රුපියල් 207 ගණනේ වෙළදසැල්වලට අළෙවි කළ ද බොහෝ වෙළදසල් අධික ලාබයත් තබා ගෙන එම සහල් රුපියල් 240 ට අළෙවි කළ බව බරවකුඹුකේ මධ්‍ය පරිමාන සහල් මෝල හිමිකරුවෙක් වන කේ .ඩබ්ලිවු. සමරසේකර මහතා පැවසීය. 10 December 2024
සුජීව මුදලිගේට ප්ලිමත් විශ්ව විද්‍යාලයෙන් ගෞරව උපාධිය කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රදානී සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් විශ්ව විද්‍යාලය මගින් ගෞරව ආචාර්ය උපාධිය පිරිනැමීම ප්ලිමත් සරසවියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ඩැප්රිඩ් මුවර් මහතා හෝමාගම පිටිපන එන්එස්බීඑම් හරිත සරසවියේ වාර්ෂික උපාධි ප්රදානෝත්සවයේදී අද (10) දින සිදුකෙරිණි. 10 December 2024
කතානායකගේ ආචාර්ය උපාධිය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් හැලිලා කථානායක අශෝක රන්වල මහතාගේ නමට ඉදිරියෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් කර තිබූ ආචාර්ය උපාධි නාමය අද(10) දින වන විට ඉවත්කර ඇතැයි ද මෙම කාරණයට පිළිතුරක් දෙන්නට නොහැකි නම් කථානායකවරයා වහාම ඉල්ලා අස්විය යුතුව ඇතැයි ද හිටපු අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මාධ්‍ය හමුවක දී පැවැසුවාය. 10 December 2024
කෝටි 135ක බදු පැහැරහැරි රන්දෙණිගල සමාගම් අධ්‍යක්ෂවරුන්ට අධිකරණ නියෝගයක් රුපියල් කෝටි 135 බදු නොගෙවා පැහැර හැරියේ යැයි කියන කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ හිමිකාර අධ්‍යක්ෂකවරුන්ට ලබන 17 වැනි දින අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ මහතා අද (10) නියෝග කළේය. 10 December 2024
කෘෂි, පශු , ඉඩම් සහ වාරි වැය ශීර්ෂ ගැන ජනපති සමග කතාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (10) පස්වරුවේ පැවැත්විණි. 10 December 2024
වැට් නිසා පොත් අලෙවිය අඩුවෙලා පොත් වලට වැට් බැදු පැනවීම නිසා 30% කින් පමණ පොත් අලෙවිය අඩු වී තිබෙන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ලේකම් දිනේෂ් කුලතුංග මහතා සඳහන් කරයි. 10 December 2024
පාසල් නිල ඇඳුම් රෙදි මීටර මිලියන 11,000 ක් චීනය දෙයි චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පාසල් නිල ඇදුම් තොගය චීන තානාපති කී ෂොංග් හොංග් මහතා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත සංඛේතාත්මකව කොළඹ වාරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී අද (10) භාරදුන්නේය. 10 December 2024
සිලින්ඩර් මන්ත්‍රී ධුර හොරෙන් පත් කිරීම ගැන එජාපයෙන් නිවේදනයක් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂ නායකයන්ගේ අනුමැතියකින් තොරව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම දේශපාලන හොරකමක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 10 December 2024
සෞඛ්‍ය - ජනමාධ්‍ය වැය ශීර්ෂය ගැන ජනපති කාර්යාලයේ දී කතා කරයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාව ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (10) පෙරවරුවේදී පැවැත්විණි. 10 December 2024
වැඩි මිල සහල් සොයන්න රටපුරා මෙහෙයුම් රජයේ පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළෙදුන් සොයා රට පුරා මෙහෙයුම් අද (10) ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 10 December 2024
විදුලි ‘මාෆියාව’ හොඳටම වැඩ ජල විදුලිබලාගාර ආශ්‍රීත ජලාශවල ජලය වාන්දමන සහ රටතුළ ඕනෑ තරම් ගල්අගුරු තිබෙන මේ දිනවල ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගෙන ඇති බවත් ආණ්ඩු මාරුවුවද විදුලිබල මණ්ඩලය තුළ විදුලි මාෆියාව ක්‍රියාත්මක වන බවත් ලංකා විදුලිබල මණ්ඩල තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා අද (10) පැවසීය. 10 December 2024
සිලින්ඩරේ ඉතිරි ජාතික ලැයිස්තුවත් හොරෙන්ම පත් කරයි ගෑස් සිලින්ඩරයෙන් තරග කළ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමිව තිබූ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා තිබේ. 10 December 2024
මහනුවර ජාතික රෝහල් යකා නැටූ අයෙක් අත්අඩංගුවට මහනුවර ජාතික රෝහල් පරිශ්‍රයට අනවසරයෙන් ඇතුළු වී එහි ආරක්ෂක නිලධාරීන්ට තර්ජනය කරමින් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු රෝහල් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන මහනුවර මූලස්ථාන පොලිසියට භාරදී තිබේ. 10 December 2024
උදයංගට - කපිලට ඇමරිකාවෙන් සම්බාධක දූෂණ හා වංචාවන්ට සහ මානව හිමිකම් කඩකිරීම් වලට සම්බන්ධ පුද්ගලයන් 14 දෙදෙනෙකුට ඊයේ (09) සම්බාධක සහ වීසා සීමා කිරීම් පැනවූ අතර එම ලැයිස්තුවට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග යන මහත්වරුන්ද ඇතුළත්ව සිටින බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. 10 December 2024
වෙඩි වැදී මියගිය වන අලියෙකුගේ සිරුරක් හමුවෙයි පොතුවිල් සෙල්වපුරම් කැලෑ ප්‍රදේශයේදී වෙඩි වැදී මියගොස් සිටි වන අලියෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා. 10 December 2024
‘ක්ලබ්‘ වසන්ත ඝාතන සැකකරුවන්ට ඇප අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත පුද්ගලයන් නැමැත්තා ඇතුළු දෙදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාව මත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයන් අට දෙනෙකු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ ශරීර ඇප සහ දැඩි කොන්දේසි මත මුදා හැරීමට හෝමාගම මාහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා අද (10) දින නියෝග කලේය. 10 December 2024
සෞඛ්‍ය - ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් අනිල් ජාසිංහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර ඇත. 10 December 2024
ඇල්පිටිය ප්‍රා.ස.සභාපති - උප සභාපති ඇතුළු පිරිස දිවුරුම් දෙති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ,උපසභාපතිවරයා ඇතුළු ජාතික ජනබලවේගයෙන් පත්වූ මන්ත්‍රිවරුන් 15 දෙනෙකු අද (10) පෙරවරුවේ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ඉදිරියේදී දිවුරුම් දෙනු ලැබීය. 10 December 2024
රැම්සාර් සම්මුති යෝජනාවට කැබිනට් අනුමැතිය තෙත්බිම් සම්බන්ධ අන්තර් ජාතික රැම්සාර් සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයට ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 December 2024
ඔපෙක් අරමුදලෙන් ඩොලර් මිලියන 50ක ණයක් ආර්ථික ස්ථායීකරණ හා ප්‍රතිසාධන වැඩසටහන සඳහා අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදලේ සහාය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 December 2024
ජනපතිගේ අමාත්‍යාංශ තුනක ඉහළ නිලධරයන් පත් කරයි මුදල්,ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තු වල ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 December 2024
ලංකාවට ඉන්දියාවෙන් කෝච්චි ඇන්ජින් 22ක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා ALCO ඩිසල් එන්ජින් 22 ක් ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 December 2024
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දිගු කරයි වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. 10 December 2024
බදු ගැන ඉන්දියාව සමඟ ගිවිසුමක් ද්විත්ව බදුකරණය මඟ හැරවීම සහ ආදායම් මත බදු ගෙවීම පැහැර හැරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කර ගනු ලබන ගිවිසුමේ සන්ධාන පත්‍රය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 December 2024
කුඩා ධීවර යාත්‍රා හිමියන්ට මසකට රුපියල් 9375 ක් ආර්ථික අර්බුදය හේතු කොට ගෙන ධීවර කර්මාන්තයට ඇති වී ඇති බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 December 2024
බදුල්ල දුම්රිය ස්ථානය ඉදිරිපිට නාඳුනන මළ සිරුරක් බදුල්ල දුම්රිය ස්ථානය ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසල තිබූ අභිරහස් ලෙස මියගිය නාදුනන පුද්ගලයකු ගේ මළසිරුරක් අද (10) උදෑසන සොයාගත් බව බදුල්ල පොලිසිය පවසයි . 10 December 2024
අයවැය හදන්න යෝජනා ගැනීම අරඹයි 2025 වසර අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් වන පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. 10 December 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026