IMG-LOGO

ජනපති මාලිනියට අවසන් ගෞරව දක්වයි

(අංජුල මහික වීරරත්න)

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්විය.

මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය තැන්පත් කර ඇති ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාව වෙත ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.

එම අවස්ථාවට එක්ව සිටි කලාකරුවන් සමඟද සුහද කථා බහක නිරත වූ ජනාධිපතිවරයා ශ්‍රී ලාංකේය සිනමාව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඔසවා තැබූ සන්නාමය වූ කීර්තිමත්, ප්‍රවීණ රංගවේදිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ අභාවය පිළිබඳ සිය සංවේගය කලා ක්ෂේත්‍රයේ සියලුදෙනා වෙත පළ කළේය.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (5)

ජනපති මාලිනියට අවසන් ගෞරව දක්වයි

රම්බොඩ Monday, 26 May 2025 09:31 AM

රණවිරු සැමරුමට නම් ඇදගෙන නෙ ගියේ. මේකට එහෙම අවුලක් නෑ. මොකද කොටින්ට හිත රිදෙන්නෙ නෑනෙ.

:       25       19

Shuman Monday, 26 May 2025 09:57 AM

Ramboda, මේකටත් මේ අය කලින් කෙඳිරි ගාලා තියෙනවා. ජනාධිපති අරමුදලින් සල්ලි ලක්ෂ 50ක් දුන්නා කියලා. දැන් මතක නෑ වගේ යනවා.

:       11       15

රම්බොඩ ගොනා Monday, 26 May 2025 10:07 AM

අනේ මම උඩින් කියලා තියෙන දේ ගැන වැඩිය හිතන්න එපා. පුරුද්දට කියවුනේ. මම තාම හාමුලගේ අසූචි කනවනේ.

:       14       9

රනේ Monday, 26 May 2025 10:51 AM

විවිධ අඩපාඩු සහිත අය සමාජයේ අගතිය වෙනුවෙන් වචනයෙන් හෝ කලහැකි දේ කරනවා. ඔවුන් ඉක්මන් සුවයට, සැපතට පැමිනේවා!

:       5       5

Nishan Tuesday, 27 May 2025 05:18 AM

ඇයගේ පිළිකා ප්‍රතිකාරවලට ජනාධිපති අරමුදලෙන් ආධාර ගත් එකට විරුද්ධව පාර්ලිමේන්තුවේ නොහොබිනා විදියට කතා කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහින් පැමිණිලි කරලා ඇයට කරපු ලොකුම අපහාසය සහ හානිය කලේ මේ ආණ්ඩුවම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 30 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 623 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 341 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site