
පක්ෂ නායකත්වය හා ඉහළ තනතුරු දරන නිලධාරීන්ගේ අකටයුතුකම් හේතුවෙන් සමගි ජනබලවේගය පක්ෂයේ ආසන සංවිධායකවරුන් පස් දෙනකු එම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපි පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත භාරදී ඇතැයි එම පක්ෂ අභ්‍යාන්තර කටයුතු ආරංචි මාර්ග කියයි.
මාතලේ රත්තොට ආසන ප්‍රධාන සංවිධායක හා එම පක්ෂයේ උප සභාපතිවරයකු වන හිටපු අමාත්‍ය රංජිත් අලුවිහාරේ, දඹුල්ල ආසන ප්‍රධාන සංවිධායක නීතිඥ චම්පික විජේරත්න, සමගි ජන බලවේග හොරොව්පොතාන ආසන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී අනුර බුද්ධික මහතා, ගාල්ල ආසන සංවිධායක ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලලාල් බණ්ඩාරිගොඩ ,නුවරඑළිය ස.ජ.බ සම ආසන සංවිධායක හා තලවාකැලේ ලිදුල නගර සභාවේ හිටපු නගරාධිපති අනගිපුර අශෝක සේපාල සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බණ්ඩාරවෙල ආසන සංවිධායක චමින්ද විජේසිරි යන මහත්වරු මෙලෙස සිය අස්විමේ ලිපිය පක්ෂ නායකත්වයට සහ මහලේකම්වරයා යවා ඇත.
මෙම ඉල්ලා අස්වීමේ ලිපි භාරදුන් සංවිධායකවරුනට අමතරව මාතලේ ආසනයේ ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ද ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණ ද පසුව එම තීරණය වෙනස් කරගෙන තිබේ.
මෙම ඉල්ලා අස්වීමට ප්‍රධානම හේතුවක් ලෙස ඔවුන් විසින් දන්වා ඇත්තේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්හි පක්ෂයට ලැබුණු ඡන්ද මත නියෝජිතයන් පත් කිරීමේදී තම හඬට ඇහුම්කන්නොදී පක්ෂයේ විවිධ පුද්ගලයන්ට අවශ්‍ය පරිදි මන්ත්‍රීවරුන් පත් කිරීමට කටයුතු කිරීම හා එම නියෝජිතයන් පත් කිරීම සඳහා පක්ෂය විසින් නම් කර තිබූ කමිටුව හා එක්කඟ වූ කරුණු පසුව වෙනස් කිරීම බව ඉල්ලා අස්වීම් ලිපි භාරදුන් සංවිධායකවරු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායකයා කවුරුන් වුවද පවතින ගැටළුවලට විසඳුම් ලබාදීමට නොහැකි නම් ඔහු අසමත් නායකයකු වනවා සේම නායකයා සමග පැමිණෙන හෝ එක්වන අන් සියළු දෙනා හටද නිදසුන් තිබිය යුතුවේ...
අවලංගු කාසිනේ මේ...
ඉස්සර වගේ නං පාලක පක්ෂෙට පනින්න තිබුණා, දැං එහෙමත් බෑනේ අප්පා. සෙට් වෙන්න වෙන්නේ තවත් ලොසෙකුටම තමයි...!
වෙන දූපතකට වත් යන්න බලන්න..
පක්‍ෂ සම්මේලනයක් පවත්වා නායකත්වය සහ අනෙක් තනතුරුවලට සුදුසුකම ඇති සහ බහුතරයේ සහයෝගය ඇති අය පත්කර ගැනීම එකම විසඳුම. අනික ජාතික මට්ටමේ මැතිවරණයක් පැරදුන විට නායකත්වය අතහැරීමට එකඟ වීම වැදගත්ම කාරණයක්....