IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාලිනී බලන්න කොළඹට ජන ගගක්

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජිණ මාලිනී ෆොන්සේකා මහත්මියට සිය අවසන් ගෞරව දැක්වීම සඳහා ජාතික චිත්‍රපටි සංස්ථාවේ තරංගනී ශාලාවට දිවයිනේ නන් දෙසින් දහස් සංඛ්‍යාත පිරිසක් අද (25) වැල නොකැඩී පැමිණියහ.

ඇයට ගෞරව දැක්වීම සඳහා පැමිණි අය අතර මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන හිටපු ජනාධිපතිවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල දේශපාලනඥයන්ද රංගන ශිල්පීන් ශිල්පිනියන් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් නිෂ්පාදකවරුන් සාහිත්‍යවේදීන් සහ විවිධ විද්වතුන් ඇතුළු විශාල පිරිසක්ද වූහ.

එසේ පැමිණි සමහර කලාකරුවෝ සහ දේශපාලනඥයෝ ඒ ස්ථානයේ සිට මාධ්‍ය වලට අදහස් පළ කරමින් මාලනියගේ ගුණ වර්ණනා කළෝය.

මාලනීට ගෞරව දැක්වීමට පැමිණි ඇතැම් රසික රසිකාවියෝ දැඩි ශෝකයෙන් යුතුව මාලනියගේ දේහය වැළඳගෙන හඬා වැළපුණහ.

මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය රැගත් රථ පෙරහැර මාදිවෙල පිහිටි ඇයගේ නිවසෙන් ඊයේ (25) පෙරවරු 10.00 ට පිටත් විය. පෙරහර ගමන් කළ මග දෙපස රැස්ව සිටි ජනතාවද මාලනීගේ දේහයට මල් ඉසිමින් ගෞරව දැක්වූහ.

මාලනීගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඈත දුරබැහැර ප්‍රදේශ වලින්ද බාල තරුණ මහලු විශාල පිරිසක් තරංගනී ශාලාවට ඊයේ පැමිණ සිටිනු දැකගත හැකිවිය.

දේහයට ගෞරව දැක්වීම සඳහා අද දිනයේත් දහස් සංඛ්‍යාත පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මාලනි ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ අද(26) උදෑසන දක්වා තැන්පත් කෙරේ.

ඊට පසු දේහය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ තැන්පත් කිරීමෙන් අනතුරුව අවසන් කටයුතු එම පරිශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව අද පස්වරු 6.00 ට සිදුකිරීමට නියමිතය.

 

 



අදහස් (2)

මාලිනී බලන්න කොළඹට ජන ගගක්

Nandalal de Silva - France Sunday, 25 May 2025 10:00 PM

මැදමූලන රංචුවෙන්ම දෙන්නයි...හොර අබ්බගාත නාමලාට මාලිනී අමතක වෙලා වගෙයි !!

:       3       0

Rasika Monday, 26 May 2025 09:22 AM

ඔබට නිවන් සුව

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 338 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site