IMG-LOGO

හෙද සේවයට අලුතින් 3147ක්

(අංජුල මහික වීරරත්න)

හෙද සේවය සඳහා බඳවාගත් 3147 දෙනෙකුට ලබන සෙනසුරාදා(24) පත්වීම් ලිපි ප්‍රදානය කරන බව සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

හෙද සේවා ඉතිහාසයේ මෙපමණ ප්‍රමාණයකට එකවර පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලබන පළමුවන අවස්ථාව මෙය බවත් මෙහිදී හෙද සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනකු සඳහා උසස්වීම් ප්‍රදානය කිරීමටද නියමිත බවත් අමාත්‍යාංශය කියයි.

පත්වීම් ලිපි ප්‍රදානය කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව ඇත.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වෙති.



අදහස් (2)

හෙද සේවයට අලුතින් 3147ක්

අන්දරේ-npp Friday, 23 May 2025 02:58 PM

තනිකරම වේලි වේලි හිටපු ජ වි පෙ හෙන්චයියන්ට දෙන දේශපාලන පත්වීම්. මම දන්නා කෙනෙකුටත් ලැබෙනවා. එකම සුදුසුකම ඉල්මහ එක්කෙනෙක් වීම. ඔන්න ඔහොමයි සිස්ටම් එක චේන්ජ් වුනේ...

:       4       2

නාලක ගුණවර්ධන Saturday, 24 May 2025 05:21 AM

මෙම හෙද සිසුන් පූහුණුවට බඳවා ගත්තේ 2021 දී අවූරුදු 3 පූහුණුව අවසන් කරලා 2024 නොවැම්බර් විභාග වලට පෙනී ඉඳලා පත්වීම් ලැබෙන්නේ 24 දින. විශේෂ ශ්‍රේණියේ තනතුරු උසස්වීම් ලබන අය හෙද සේවාවේ අවුරුදු 25 ක් පමන සේවය කරන අය. මේ කිසිවක් දේශපාලන පත්වීම් නොවේ. නියමිත අධ්‍යාපන සුදුසුකම් ඇති අයට දෙන පත්වීම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 626 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site