
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රැපියල් 3600ක් දක්වා ඉහළ දැමුණු පාර්ලිමේන්තු සාමාන්‍ය සේවකයන්ගේ මාසික කෑම බිල රුපියල් 2500ක් දක්වා රුපියල් 1100 කින් අඩු කිරීමට පාර්ලිමේන්තු ගෘහ්‍ය කාරක සභාව අද (23) තීරණය කළේය.
පාර්ලිමේන්තු සේවකයන්ගේ මාසික කෑම බිල ඊයේ (22) වනතුරු පැවැතියේ රුපියල් දහසක් වශයෙනි.
එම මුදල රුපියල් 3600ක් දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඊයේ (22) තීරණය කළේය.
මාසික කෑම බිල එපමණ ප්‍රමාණයකින් වැඩි කිරීමට පාර්ලිමේන්තු සේවකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වීම හේතුවෙන් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඊයේ හදිසියේ රැස්වී එම මුදල රුපියල් 1100 කින් මෙසේ අඩු කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තු සේවකයන්ගේ සහ නිලධාරීන්ගේ මාසික කෑම බිල වැඩි කිරීමට පෙරේදා යෝජනා කර ඇත්තේද පාර්ලිමේන්තු නිලධාරීන් විසිනි.
කෙසේ වෙතත් රුපියල් 1500 සිට 4000 දක්වා වැඩි කෙරුණු පාර්ලිමේන්තු විධායක නිලධාරීන්ගේ කෑම බිල වෙනස් නොකිරීමටද තීරණය කර ඇත
මාධ්‍යවේදීන්ට සහ පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරීන්ගේ කෑම බිලද වෙනස් නොකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිං පඩි කාරයන්ට පිනට දන්සල්...
ඕවා සටන් නොවෙයි මහ දවල් බලහත්කාරයෙන් මහජන මුදල් මංකොල්ල කෑම්! ආණ්ඩු පුරවැසියන්ගේ බදු මුදල්වලින් වරප්‍රසාද ලත් තක්කඩි රැලකට අල්ලස් දෙමින් මහජනයා රවට්ටනවා!!
මොකක් හරි අංචියක් ඇදලා..., මැති සබේ සේවකයින්ට මාර පරිප්පුවක් කවලා, පාර්ලිමේන්තු කාරක සභාව... ඔවුන්ගේ බත්පතට ගහන්න හදපු එකෙන් එම සේවකයන් ජයගැනීම අගය කළ යුතුය.
මාසෙකට 3600යි. දවස් 21ක් වැඩට ගියොත් එක දවසකට වෙන්නේ 175/- වේල් එකකටද? නැත්නම් උදේ දවල් හවස තුනම දෙනවද? කාවද මේ රවටන්නේ?
අපේ සල්ලි වලින් පිණට කන බඩජාරියෝ. මොවුන්ට ලැජ්ජා නැති හැටි...!
මාධ්‍යවේදීන්ටයි, පොලීසියටයි දෙන්නේ කීය ගානේද ?කියලා දාන්න පුළුවන් කම්. මම අභියෝග කරනවා.
මාසයකටම රුපියල් 1000 යි ? හිතන්නටත් බැරි ගානක්නේ, 1000/30= 30.33.
අපි පත් කරලා යවන අය නිකම් කන්න දෙන්න ඕනෑ මදිවාට ඒ තැන සේවකයින්ටත් නිකම් කන්න දෙන්න වෙලා රටේ මිනිස්සුන්ට...
අසාධාරණ ගණන් වලට මෙහෙම කන අයට යන කෑම දිරවන්නේ නැතුව බඩ යන්න ඕනෑ...
වියදම පියවා ගැනීමට මිල තීරණය කිරීම එයාලට අදාළ නැද්ද එතකොට...?
ගෙදරින් කෑම ගේන්න බැරිද ඔහෙලාට...? හැමෝම මෙහෙම මහජන මුදලින් පිනට ගිලිනවද? අනේ අම්මපා මේ අයට ලැජ්ජාවක් නැති හැටි.
ආහාර සඳහා යන වියදමට අනුව මිල නියම කළ යුතුයි. ජනතාව සෑම දෙයකටම මිලක් ගෙවනවා. පාර්ලිමේන්තු සේවකයින්ට විතරක් වෙනස් වෙන්න බැහැ.
ප්‍රවාහන සහ සියලු පහසුකම් සලසා දී තිබියදී පැය 8ක සේවය සහ අතිකාල දීමනාත් ගෙවා කන්නත් දෙන්නේ මන්ද? මහජන බදුමුදල් එසේ නම් සියලු රාජ්‍ය සේවකයින්ට එක හා සමානව සැලකිය යුතුයි. ආහාර දීමනාව වැටුපට එකතුකළ යුතුයි. මෙය බලවත් අසාධාරණයක්... එමෙන්ම මැති සබේ පවතින්නේ කී දවසක්ද?