
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
කටුනායක වසා දමන ලද ඇඟලුම් කම්හලේ සේවකයන් සඳහා සේවය අවසන් කිරීමේ පනතේ සඳහන් මුදල ඉක්මවා යන වන්දියක් ලබාදීමට අදාල ආයතනය තීරණය කර තිබෙන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
"සේවක කාල සීමා අනුව අමතර වන්දි දෙන්නත් ඔවුන් තීරණය කර තිබෙනවා.අප දිගින් දිගටම සේවක අයිතිය රකින්න මැදිහත් වෙනවා.අපි වැඩ කරන ජනතාවට වග කියන ආණ්ඩුවක් යනුවෙන්ද කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද රාජපක්ෂ යුගයේ කටුනායක රෙදි කම්හලක හිටිය අහිංසක කොල්ලව මතක් වුණා.
මේ ආණ්ඩුව යටතේ අධික නිශ්පාදන වියදමක් සහිතව පවත්වාගෙන යනවට වඩා කර්මාන්ත ශාලාව වහලා ලොකු වන්දියක් ගෙවන එක ලාබයි. ඒ බව කළමනාකාරිත්වය කලින්ම කිව්වා. මේ විදියට අනික් ආයෝජකයොත් රටින් යන්න පටන් ගත්තොත්?
දැන් මේක විතරද විසඳුම? ඉදිරියේදි මේ විදියට කම්හල් වහන එක වලක්වගන්න විසඳුම් සෙවීම නේද වැදගත්?
වහන්න හේතු? ඒව ගැනත් සතුටින්ද? (අඩන්නයි තියෙන්නේ, හිනාවෙන්න නෙමෙයි)
ඕක ආරම්භය විතරයි. ජුලි මාසේ මැදක් වෙද්දී කව හුඟක් ඒවා වැහෙන්න ගන්නවා. ඩොලර් එකත් රුපියල් 400ට වගේ යනවා.
නව ආයෝජකයින් පෝලිමේ එන නිසා ඉන්න ඉන්න ආයෝජකයන් තම ව්‍යාපාර වසා දමනු ඇත. ව්‍යාපාරය කරගෙන යෑමට නොහැකිව වසා දමා ඇති බැවින් ඔය කියන වන්දිය ගෙවන්න වෙන්නේ එහෙම කියන කෙනාටමයි.
සිනාසෙමින් කියන දෑ දැක්කාම මේ වනදේ බරපතලකම තේරෙනවා ද සිතෙනවා.
නවතම තියරි එක , ආයතන වහලා උපරිම වන්දි ගැනීම, මේ වගේ රජයකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ...
ලංකාවට ගෙනඑන අමුද්‍රව්‍ය ඇතුළු සියලුම දෙයට අධික තීරු බදු අයකිරීම නිසා රටේ ජීවන වියදම ඉහළ ගොස් ඇත. එම නිසා එයට සමගාමීව රජය විසින් පුද්ගලික අංශයේ වැටුප් ඉහළ දමා ඇත. එම නිසා මිල අධික වැටුප්, විදුලිය සහ අමුද්‍රව්‍ය නිසා ඉහළ යන නිෂ්පාදන වියදම මත අපේ භාණ්ඩ මිල ඉහළ ගොස් ඇත.. ලෝක වෙළඳපලේ අපට තරගයක් දෙන්න බැරිවී මෙම සමාගම් අඩු නිෂ්පාදන වියදමක් ඇති බංගලාදේශේ, අප්‍රිකා රටවල් වලට සංක්‍රමණය වීම ආරම්භ කර ඇත...