(අංජුල මහික වීරරත්න)
මෙරටට ලුණු ආනයනය කිරීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කිසිදු බාධාවක් පනවන්නේ නැතැයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටී.බී ආනන්ද ජයලාල් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම නිවේදනය නිකුත් කරන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ලුණු ආනයනයට විවිධ බාධා පමුණුවන බවට පළ කෙරුණු පුවතක් පිළිබඳව අදහස් දක්වමිනි.
මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරන වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලුණු ආනයනය කිරීමට අපේක්ෂාවෙන් අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයට 2025.05.22 දින වන විට ආනයනකරුවන් 117 දෙනෙකු ඉල්ලීම් ලිපි ඉදිරිපත් කර ඇති බවයි.
එමෙන්ම ඉහත ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලීම පරිදි ලුණු මෙට්‍රික්ටොන් 150,000 කට අධික ප්‍රමාණයක් ඊයේ (22) වනවිට ආනයනයට පහසුකම් ලබා දී ඇති බව ද වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටී.
මෙම ලුණු තොග වරායට ළඟා වූ පසු කඩිනමින් මුදාහැරීම සදහා ද අවශ්‍ය පහසුකම් සැලසීමට ද මේ වනවිටත් කටයුතු සුදානම් කර ඇති බවත්, කිසිදු ප්‍රමාදයක් සිදුවීමට ඉඩ තබා නොමැති බවත් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටී.බී ආනන්ද ජයලාල් මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටී.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
’’ලුණු ආනයනයට අපෙන් බාධා නෑ’’
don Friday, 23 May 2025 10:03 PM
මමත් ලුණු ආනයනය කරන්න කැමැතියි. ඔය ලයිසන් එක ගන්නේ කොහොමද? දෙන්නේ කාටද?