කොළඹ පෙර පාසල් ගුරු වැටුප රු. 10,000 කින් ඉහළ දමයි
කොළඹ නගර සභාව පාලනය කරන පෙර පාසල්වල ගුරුවරුන්ගේ වැටුප රුපියල් 10,000 කින් ඉහළ දැමීමට එම නගර සභාවේ මුදල් කමිටුවේ අනුමැතිය ලැබුණු බවත් ඒ අනුව නගර සභාවේ පෙර පාසල් ගුරුවරයකුගේ වැටුප රුපියල් 30,000 ක් දක්වා ඉහළ දැමූ බවත් සමඟි ජන බලවේගයේ නාගරික මන්ත්රී චමින්ද අලුත්ගෙදර මහතා ‘ලංකාදීප’යට අද (25) පැවසීය.