ට්‍රම්ප්ගේ දිවුරුම් දීම අද
ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) දිවුරුම් දෙයි. සාමාන්‍යයෙන් ඇමෙරිකන් ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නේ වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට එළිමහනේ වුවත්, මේ වනවිට වොෂින්ටන් අගනුවරට බලපා ඇති දැඩි ශීත කාලගුණය හේතුවෙන්, දිවුරුම් දීමේ උත්සවය කැපිටල් ගොඩනැගිල්ලේ රොටුන්ඩා ශාලාවේ දී පැවැත්යීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.