IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තුසිත හල්ඔලුවට වෙඩි තැබීම ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධීකරණ අධ්‍යක්ෂක තුසිත හල්ලොලුව මහතා ගමන් ගත් සුඛෝභෝගී ජීප්රථයට වෙඩි තබා ඔහුට සහ නීතිඥවරයාට පහරදී ලිපිගොනුවක් පැහැර ගෙන පලා ගිය බව කියන සිද්ධිය රුපියල් ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවක් මත සිදු කළ බව අත්අඩංගුවට ගත් පැදිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යයි කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය කියයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් යතුරුපැදියේ පැදිකරු ඇතුළු තිදෙනකු පෙරේදා වත්තල හුණුපිටිය ප්‍රදේශයේදී (27) අත්අඩංගුවට ගත් අතර මේ වන විට කාන්තාවක් ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි .

සෙසු සැකකරුවන් දෙදෙනා අතර යතුරුපැදිය සැපයූ පුද්ගලයා සහ පැදිකරුට නවාතැන් පහසුකම් ලබා දුන් පුද්ගලයන්ද වන බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පැදිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන චමිල නමැත්තෙකුගේ උපදෙස් මත තමන් යතුරුපැදිය පදවාගෙන පැමිණි බවත් වෙඩික්කරු තමන් වෙත උපදෙස් ලබා දී තිබුණේ තුසිත හල්ලොලුව මහතා සතුව ලිපි ගොණුවක් ඇතිබවත් ඔහු වෙඩි තබන අවස්ථාවේදී එය පැහැරගන්නා ලෙසත්ය.



අදහස් (14)

තුසිත හල්ඔලුවට වෙඩි තැබීම ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවක්

යෝගා Wednesday, 28 May 2025 12:56 PM

මාලිමා ආණ්ඩුව පාතාලය මර්දනය නොකරන්නේ ඇයි කියලා දැන් තේරෙනවා. මහ මොළකරු කවුද කියලා හිතාගන්න පුළුවන්...

:       72       26

මෝඩ හුටන්ලාWednesday, 28 May 2025 01:52 PM

ඉතා බුද්ධිමත් යෝගා වෙඩිතියලා පැනල ගිය හැටි දැක්කාද? වැටෙයි කියලා හිමින් බයිසිකලේට ගොඩවෙලා, සිග්නල් ලයිට් දාලා, පාර අද්දර නවත්තලා පාරේ දෙපැත්තම බලලා පරිස්සමින් පලාගියා...

:       8       54

ලලනිWednesday, 28 May 2025 02:22 PM

හලෝ යෝගා, මහ මොලකරු කව්ද කියලා ඔයාට හිතාගන්න පුලුවන් වගේම, මොලේ නැති කොමෙන්ට් කාරයා ඔයා කියලා අපිටත් හිතාගන්න පුළුවන්...!

:       8       25

PoddaWednesday, 28 May 2025 07:19 PM

හාල්ඔලුවගේ නීතිඥයා ඩුබායි චමිලට කියලා වැඩේ කරවන්න ඇති. ඒකයි පොර ෆෝන් එක පොලිසියට දෙන්ඩ බෑ කියන්නේ. නැතුව ඩුබායි චමිලට දිවැස් තියනවයැ ඔය පාරෙන් ඔය ෆයිල් එකම අරන් එද්දී වෙඩි තියන්න...

:       0       0

බණ්ඩාර Wednesday, 28 May 2025 01:18 PM

මොවුන් මොන හිඟන වැඩ ද මේ කරන්නේ... රුපියල් ලක්ෂ දෙකකට මිනී මරන්න තරම්... මිනිහෙක්ගේ ජීවිතයක වටිනාකමක් නොදන්නා හිඟන්නෝ. දැන් ඉතිං විඳවපංකෝ. මොවුන් දවසක මැරෙනවා කියලා හිතෙන්නේ නැද්ද? කුලී වැඩක් කෙරුවා නම් බයක් හැකක් නැතිව ජීවත් වෙන්න පුළුවන්නේ...

:       1       22

sena Wednesday, 28 May 2025 01:20 PM

ඉතිං පැහැරගත්තු ලිපි ගොනුව කෝ අනිත් අපරාධ කරුවන් අත් අඩංගුවට ගන්නේ නැත්තේ මොකද?

:       3       19

බකල ජයා Wednesday, 28 May 2025 02:40 PM

පැහරගත්තු ලිපිගොනුව අඳුනන තුවක්කු කරුවන්ගෙන් සුපර් මෑන් ඇවිල්ලා අරගෙන ගිහින් ලොයිස් ලේන්ට දීලා තිබුණා. ඊට පස්සේ ලෙක්ස් ලූතර් ඇවිල්ලා ඒක පැහැරගෙන ගියා. දැන් සුපර්මෑන් වැඩ ඇරිලා ආවාම ලොයිස් කියයි වෙච්චි දේ. සුපර්මෑන් මහන්සි නොබලා ඒක හොයාගෙන ඇවිත් වැඩබලන ගමන් බලන්න කියලා ලිපිගොනුව වැඩබලන පොලිස්පතිට දෙයි...

:       3       27

ජෝ කුමාරතුංග ෆොන්සේකාWednesday, 28 May 2025 03:47 PM

බකලේ, ෆිල්ම් එකක් කරමුද?

:       1       14

වින්සන්ට් කජ්ජාThursday, 29 May 2025 09:29 AM

අඳුනන තුවක්කුකරුවෝ හින්ද හොඳයි. නැත්තම් වාහනේ ඔක්කොම අය මේ වෙනකොට අපායේ බෝඩිම් හොයනවා. වාහනවලට වෙඩිතියන වීඩියෝ සියගානක් දැකල තිබුණත් වෙඩිතියපු ගමන්ම වාහනේක දොරවල් තුන හතරක් ඇරෙනවා දැක්ක පළවෙනි වීඩියෝ එක මේක වෙන්න ඕන. ස්පෙෂල් ෆෝසස් වලටත් වඩා ඉහල ට්‍රේනින් එකක් ඇතුලේ හිටපු ඔක්කොටම ලැබිල තියෙනවා.

:       0       2

කුකුල් චමින්ද Wednesday, 28 May 2025 02:13 PM

මහ මොළකරු "යෝගා ඩෝබි"...

:       4       13

පොඩිඑකා Wednesday, 28 May 2025 02:19 PM

මෙම ජාතක කතා වස්තුවේ ඩුබායි චමිල නම්, හල්ලොලුව නම් වූ මංම වේදැයි….!

:       3       9

මහමොලයා Wednesday, 28 May 2025 03:23 PM

එතකොට එදා ඒ වෙලාවට, ඒ කාර් එකේ, ඒ ෆයිල් එකම අරගෙන, ඒ පාරෙම හල්ඔලුව යනවා කියලා දන්නේ හල්ඔලුවම නේ. එතකොට ඩුබායි චමින්ද කියන්නේ කවුද කියලා අපේ යෝගා වගේ ‘නෝ ඔලුව’ ලාට නොතේරුණාට, මොලේ කළඳක් ඇති ඕනෑම මනුස්සයෙකුට තේරෙනවා...!

:       3       15

Gayan Wednesday, 28 May 2025 04:13 PM

කුකුල් හොරත් ඩෝබියෙක් තමයි.

:       7       3

අරවින්ද මොණරවිල Wednesday, 28 May 2025 06:35 PM

මේක තමයි ලොකුම විහිළුව, අදාල ලේඛනවල මුල් පිටපත්ම අරගෙන හල්ලොලුව වට වන්දනාවේ ගිහිල්ලා, ඒ යන ගමන් ඩුබායි ඉන්න චමිලට කෝල් එකකුත් අරගෙන. සමහර විට ලෝකේෂන් එහෙමත් ෂෙයා කෙරුවාද දන්නේ නැහැ. වාහනයේ ෆොටෝ එහෙමත් යවන්න ඇති. මේ විස්තර සියල්ල හරියටම දන්නේ යෝගා විතරක් වෙන්න ඇති. ඒ නිසා පොලිසියට මුලින්ම කරන්න තිබුණේ යෝගාව අත්අඩංගුවට ගන්න එකයි...

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site