IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘හරක් කටා‘ගේ නඩුවට දින දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

රහස් පොලිසිය භාරයෙන් පලායාමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින ‘හරක් කටා‘ ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුව ජුනි 09 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා අද (28) නියම කළේය.

පොලිස් විශේෂ කාර්්‍ය බළකා නිලධාරීන්ට සහ රහස් පොලිස් නිලධාරීන්ට පහරදී කුමන්ත්‍රණකාරීව පළා යෑමට තැත් කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට සහ හිටපු පොලිස් කොස්තාපල්වරයකු ඇතු`ථ තිදෙනෙකුට එරෙහි නඩුව කැඳවු අවස්ථාවේදී විනිසුරුවරයා එලෙස නියම කළේය.

2023 සැප්තැම්බර් 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී ආරක්ෂාවට යොදවා සිටි පොලිස් පොලිස් විශේෂ කාර්යය බලකා නිළධාරියකුට පහර දී පලා යෑමට කුමන්ත්‍රණය කීරීම, ඒ අනුව පළා යෑමට තැත් කිරීම සහ ඊට අධාර අනුබල දීම ඇතුළු චෝදනා 22 යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා ඇත.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු පොලිස් කොස්තාපත්වරයකු වන රවිඳු සංදීප සහ හරක් කටා රහස් පොලිසියෙන් පිටතට පැනගත් විට ඔහු රැගෙන යෑමට සුදානමින් සිටි වාහනයේ රියදුරු බව කියන හිටපු පොලිස් කොස්තාපත්වරයකු වන දිනේෂ් තරංග නමැත්තන්ය.

හරක් කටා නමැත්තාට බන්ධනාගාරයෙන් පැන යෑමට උදව් කර මේ වන විට අතුරුදන්ව ඇතැයි කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියකු වු රවිදු සංදීප නමැත්තා අත්අඩංගුවට ගැනීමට නියම කරමින් මීට පෙපර අවස්ථාවක වරෙන්තු නිකුත් කර ඇත.

නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකාර නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක කටා නමැත්තා පොලිස් විශේෂ කාර්්‍ය බළකායේ විශේෂ ආරක්‍ෂාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය ආරියදාස මහතා කරුණු දැක්වමින් තම සේවාදායකයාට පුවත්පත් ලබාදෙන ලෙස මීට පෙර අවස්ථාවක අධිකරණයෙන් නියම කර තිබුණත් එම අධිකරණ නියෝගය අනුව තම සේවාදායකයාට පුවත්පත් දීමට කටයුතු නොකරන බව දැනුම් දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ සජිත් බණ්ඩාර මහතා කරුණු දක්වමින් එදිනෙදා පළවන පුවත්පත් එම දිනය තුළදීම විත්තිකරුට  සැපයීමට අපහසු වුවත් විත්තිකරුට අවශ්‍ය පුවත්පත් ඔහුට ලබාදීමට කටයුතු කරන්නේ යැයි කීය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විත්තිකරුගේ පරිහරණයට අවශ්‍ය පුවත්පත් ඔහුට ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පැමිණිල්ලට නියම කළ විනිසුරුවරයා නඩුව ජුනි 09 වැනිදා සිට විභාග කිරීමට දින නියම කළේය.



අදහස් (0)

‘හරක් කටා‘ගේ නඩුවට දින දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site