IMG-LOGO

මේ වසරේ වැඩි අපනයන ආදායම ඇමෙරිකාවෙන්

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙම වසරේ පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාව වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් වැඩිම අදායමක් උපයා ඇත්තේ ඇමෙරිකාවෙන් බවත් ඇමෙරිකාවෙන් පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 965.97 ක වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමක් උපයා තිබෙන බවත් අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය.

එය පසුගිය වසරේ පළමු මාස හතර තුළ ඇමෙරිකාවෙන් උපයා ඇමෙරිකානු ඩොලර් මිලියන 894.94 වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමට සාපේක්ෂව සියයට 7.94 ක ඉහළ යාමක් බවද අපනයන සංවර්ධන මණ්ඩලය පැවැසුවේය. එසේම පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව ඇමෙරිකාවෙන් ඉපැයූ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 190.38 ක් බවත් එය පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 3.82 ක ඉහළ යාමක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඇමෙරිකාවෙන් ඉපැයූ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 183.37 ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පැවැසුවේය.

එසේම මෙම වසරේ පළමු මාස හතර තුළදී ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට වැඩිම වෙළෙඳ භාණ්ඩ අපනයන අදායමක් උපයා ඇත්තේ ඉන්දියාවෙන් බවත් ඉන්දියාවෙන් පළමු මාස හතර තුළදී ඇමෙරිකානු ඩොලර් මිලියන 334.40 ක ආදායමක් ශ්‍රී ලංකාව උපයා ඇති බවත් අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

මේ වසරේ වැඩි අපනයන ආදායම ඇමෙරිකාවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 592 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 336 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 497 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site