IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ජිවන වියදම ගැන ආචාර්ය සී. අමරසේකර කතා කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන වියදම 2021 වසරට සාපේක්ෂව පසුගිය වසර වනවිට දෙගුණයකින් ඉහළ ගොස් තිබෙන බවත් 2023 වසර සමග පසුගිය වසරේ ජීවන වියදම සංසන්දනය කළහොත් එහිදී ජීවන වියදම ඉහළ ගොස් ඇත්තේ ඉතාමත් අඩු ප්‍රමාණයකින් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය සී. අමරසේකර මහතා ප්‍රකාශ කළේය.

රජය කලින් කලට සේවකයන්ට වැටුප් වර්ධක ලබාදුන්නත් එම වැටුප් වර්ධක ලබාදෙන්නේ ඵලදායිතාව සලකා බලා නොවන බව ඔහු සඳහන් කළේය. ආර්ථික විද්‍යාඥයකු ලෙස තමාගේ මතය නම් වැටුප් වර්ධක ලබාදිය යුත්තේ ඵලදායීතාව සළකා බලා යැයි ආචාර්ය අමරසේකර මහතා පැවැසුවේය.

ජනතාවට උද්ධමනය පහළ යෑම වාසිය වර්තමානයෙත් ලැබෙන බවත් නමුත් 2021 වසර සමග සංසන්දනය කළහොත් තවමත් ජනතාවට ජීවන බර දැනෙන මට්ටමක තිබෙන බවත් ආචාර්යවරයා පැවැසුවේය.

උද්ධමනය පහළ මට්ටමක තිබුණත් ජනතාවගේ ජීවන වියදමට සහනයක් නොදැනීමට හේතුව ආර්ථිකයේ මුළු ආදායම් මට්ටම ඉහළ නොයාම බවත් ආර්ථිකය කඩා වැටීම ආරම්භ වීමට පෙර තිබූ තත්වයට පැමිණීමට තවත් අවුරුදු දෙක, තුනක කාලයක් අවම වශයෙන් ගත වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය සී. අමරසේකර මහතා  ප්‍රකාශ කළේය.

මෙරට ආර්ථිකය දෙස ආපසු හැරී බලනවිට 2019 සිට 2023 වසර දක්වා කාලයේදී ධනාත්මක ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇත්තේ 2021 වසරේ පමණක් බවත් අනෙක් සෑම වසරකම මෙරට ආර්ථිකය හැකිළී තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය සී. අමරසේකර මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2019 වසරේ සියයට 0.2 කින් සහ 2020 වසරේදී සියයට 4.6 කින් හැකිළී තිබෙන බවත් 2022 වසරේදී සියයට 7.3 කින් සහ 2023 වසරේදී සියයට 2.3 කින් හැකිළී තිබෙන බවත් ආචාර්යවරයා පැවැසුවේය.

එලෙස මෙරට ආර්ථිකය වසර කීපයක්ම පහළ මට්ටමක පැවැතී ඇති බවත් ඊට ආර්ථිකය අර්බුදය, පාස්කු ප්‍රහාරය ඇතුළු හේතු කීපයක් බලපෑ බවත් සහකාර අධිපතිවරයා ප්‍රකාශ කළේය.

ආර්ථිකය කඩා වැටීමට පෙර 2018 වසරේදී රුපියල් ට්‍රිලියන 13.2 ක මූර්ත දළ දේශීය නිෂ්පාදිතයක් තිබී ඇති බවත් එම දළ දේශීය නිෂ්පාදිතය 2022 වසරේදී රුපියල් ට්‍රිලියන 12.2 දක්වා පහළ ගොස් තිබෙන බවත් ආචාර්යවරයා ප්‍රකාශ කළේය. එය 2023 වසර වනවිට රුපියල් ට්‍රිලියන 11.9 ක් දක්වා තවත් පහළ ගොස් තිබෙන බවද ආචාර්ය සී.අමරසේකර මහතා පැවැසුවේය.

දළ දේශීය නිෂ්පාදිතය යනු ආර්ථිකයේ මුළු ආදායම බවත් එය 2019 සිට 2023 දක්වා කාලයේදී ආර්ථිකයේ ආදායම මෙලෙස පහළ ගොස් ඇති බවත් ආචාර්යවරයා ප්‍රකාශ කළේය. එසේම පසුගිය වසර කීපයේදී හැකිළුණු මෙරට ආර්ථිකය 2024 වසරේදී සියයට 5 ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බවත් ඒ හේතුවෙන් හැකිළුණු දළ දේශීය නිෂ්පාදිතය ප්‍රසාරණය වීම ආරම්භ වූ බවත් සහකාර අධිපතිවරයා පැවැසුවේය.

ඒ අනුව පසුගිය වසරේදී මෙරට මූර්ත දළ දේශීය නිෂ්පාදිතය රුපියල් ට්‍රිලියන 12.5 ක් දක්වා වැඩිවී තිබෙන බවද ආචාර්ය අමරසේකර මහතා ප්‍රකාශ කළේය. තමාගේ මතය අනුව 2018 වසරේදී තිබූ ආර්ථිකය මුළු ආදායමට ශ්‍රී ලංකාවට ළඟාවීමට තවත් අවුරුදු දෙක තුනක් ගත වනු ඇතැයි ආචාර්ය සී.අමරසේකර මහතා පැවැසුවේය.

වැඩිවී තිබෙන මිල මට්ටම් හා ජීවන වියදම හේතුවෙන් පවුල් ඒකක වශයෙනුත් පුද්ගලයන් වශයෙනුත් තවමත් ශ්‍රී ලාංකිකයන් අපහසුතාවලට මුහුණ දෙන බව ආචාර්යවරයා ප්‍රකාශ කළේය. එක් අතකින් පසුගිය වසර කීපයේදී මෙරට ආර්ථිකය හැකිළී තිබෙන බවත් ඒ හේතුවෙන් ආර්ථිකයේ මුළු ආදායම පහළ බැස තිබෙන බවත් ආචාර්ය සී.අමරසේකර මහතා පැවැසුවේය.

උද්ධමනය හේතුවෙන් මූර්ත ආදායම පෞද්ගලිකව පහත වැටී තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ධනාත්මක ආර්ථික වර්ධන වේගයක් අඛණ්ඩව පවතීවි යැයි මහ බැංකුව විශ්වාස කරන බවත් එවැනි ආර්ථිකයක් මහජනතාවගේ වැටුප් වැඩිවීම සඳහා රට තුළ තිබිය යුතු බවත් සහකාර අධිපතිවරයා පැවැසුවේය. රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ මෙන්ම ව්‍යාපාරවල ආදායම ඉහළ යෑමට එවැනි ආර්ථික වර්ධනයක් පැවතිය යුතු බව ඔහු ප්‍රකාශ කළේය.

එවැනි ආර්ථික වර්ධනයක් රටතුළ ඇතිවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එවිට ක්‍රමක්‍රමයෙන් ජනතාවට අහිමිවූ ආදායම නැවත ලැබෙනු ඇති බවත් මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය සී.අමරසේකර මහතා ප්‍රකාශ ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ ආර්ථික විවරණ වාර්තාව පිළිබඳව අද පැවැති මහජන දේශනයකදී මහ බැංකු සහකාර අධිපති ආචාර්ය සී.අමරසේකර මහතා මෙම අදහස් පැවැසුවේය.

 



අදහස් (2)

ජිවන වියදම ගැන ආචාර්ය සී. අමරසේකර කතා කරයි

Asela Wednesday, 28 May 2025 10:00 AM

ලංකාවේ තිබිය යුතු ජීවන වියදම අපේ කලාපේ අනිත් රටවල් වලට ගියාම බලාගන්න පුළුවන්, ඉන්දියාවේ බිරියානි එකක් ලංකාවේ මුදලින් 250 ක් වගේ තමයි වෙන්නේ..., මේ ගානට තමයි අපිත් කකා හිටියේ දැන් කෑගහන විපක්ෂේ හොරු 2021 දී අපේ රුපියල කඩා වට්ටන්න කලින් , මහබැංකු අධිපතිතුමා සැරෙන් සැරේ පහුගිය අවුරුද්දත් එක්ක උත්දමනය ගණන් බලලා එක එක දේවල් කියුවත් හරි උත්දමනය බලන්න ඕනේ රුපියල කඩා වැටුණු අවුරුද්දත් එක්ක සසඳලා...

:       4       0

seneWednesday, 28 May 2025 03:18 PM

හැම දේටම විපක්ෂය හොරු, ඒ නිසා නොවැ ආණ්ඩුව මාරු කොලේ නේ? කෝ බොරුවලින් පිරි අලුත් ආන්ඩුවේ වැඩ, තවමත් ඔබ වගේ හැම දෙයක්ම පෙර ආන්ඩුවලට පටවමින් රට එකම තැන පල් වෙනවා...

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 642 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 532 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 437 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site