IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


එජාපයේ තවත් කෑල්ලක් හැලෙයි

(ප්‍රසාද් රුක්මල්)

මහියංගන එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක කරු වීරරත්න මහතා සිය ආසන සංවිධායක ධූරයෙන් අද ඉල්ලා අස්විය.

එම ඉල්ලා අස්වීමේ ලිපිය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරිය වන තලතා අතුකෝරාළ මහත්මියට ලැබීමට සැලස් වූ බවද කරු වීරරත්න මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙන්ම එක්සත් ජාතික පක්ෂයට තමන් ආදරේ බවත් , පක්ෂය වැටී අසරණ වූ අවස්ථාවේ පක්ෂය වෙනුවෙන් විශාල කැපවීමෙන් කටයුතු සිදු කලබවත් හෙතෙම කීය .

නමුත් එක්සත් ජාතික පක්ෂයට අරක් ගත් ,මහපොළොවේ පය නොගහපු කිහිප දෙනෙකුගේ ක්‍රියාකලාපය නිසාවෙන් එක්සත් ජාතික පක්ෂය තවදුරටත් කඩා වැටෙමින් අගාධයකට යන බවත් ඔවුන් ආසන සංවිධායකවරුන්ගේ ප්‍රශ්න ගැටලුවලට ඇහුම්කන් නොදීම නිසාවෙන් තමන් කලකිරී මෙම තීරණය ගත් බවද කරු වීරරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය .

 



අදහස් (4)

එජාපයේ තවත් කෑල්ලක් හැලෙයි

Sisindya Wednesday, 28 May 2025 03:59 PM

මේ ලපටි සංවිධායකයෝ. මොන පක්ෂයකටවත් ගන්නැහැ.

:       1       7

Nimal 1 Wednesday, 28 May 2025 04:00 PM

අලියා කපෝතියි, දුරකථනයත් සුන්...

:       6       11

m. saman perera Wednesday, 28 May 2025 04:14 PM

එජාපයත් තියෙනවද දැන්?

:       6       10

Neel Wednesday, 28 May 2025 04:23 PM

රනිල්ට ආදරයිලූ, බලාගෙන ගියාම රනිල්ට ගොඩාක් අය ආදරය කරන බව පැහැදිලියි... නමුත් මැතිවරණ වලින් පරාදයි.

:       4       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 757 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 569 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site