IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අපේ ශ්‍රමිකයන්ට බහරේනයේ කැමැත්ත

(අංජුල මහික වීරරත්න)

ශ්‍රි ලාංකික පුහුණු ශ්‍රමිකයින් සඳහා බහරේනයේ රැකියා සඳහා පුළුල් අවස්ථා ලබාගත හැකි බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසීය .

ඔහු මෙම අදහස් ප්‍රකාශ කලේ බහරේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල විසින් සංවිධානය කර තිබු බහරේනයේ ක්‍රියාත්මකවන බලපත්‍රලාභී බඳවාගැනීමේ ආයතනවල නියෝජිතයින් සමග අන්තර් ක්‍රියාකාරී ජාලකරණ සැසියට සහභාගි වෙමිනි.

ශ්‍රම සංක්‍රමණය පිළිබඳ ද්වි පාර්ශවික සහයෝගිතාව ශක්තිමත් කිරීම හා බහරේනයේ සිටින ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ සුභසාධනය හා ආරක්ෂාව වැඩිදියුණු කිරිමේ අරමුණෙන් එරට බලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා  කාර්යාංශ සභාපති එරට සංචාරයක නිරත විය. විදේශ රටවල සේවය කරන ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් හා ගෞරවය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කැපවී සිටින බව කී සභාපතිවරයා  බහරේන් රාජ්‍යයේ රැකියා සඳහා බඳවාගැනීමේ නියෝජිතායතනවල අඛණ්ඩව සහයෝගය හා සම්බන්ධතාවය  අගය කළේය.

මෙහිදී අදහස් දැක්වූ බහරේනයේ ශ්‍රි ලංකා තානාපතිනි ශානිකා දිසානායක මහත්මිය, විදේශයන්හි පුහුණු ශ්‍රම බලකාය පුළුල් කිරීමට හා රැකියා ප්‍රමාණය වැඩිදියුණු කිරීමට ශ්‍රි ලංකාව දරණ උත්සහයට අනුකූලව, පුහුණු ශ්‍රමිකයින් රැකියා සඳහා බඳවාගැනීම ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළාය.

 

 



අදහස් (1)

අපේ ශ්‍රමිකයන්ට බහරේනයේ කැමැත්ත

fairoos Wednesday, 28 May 2025 05:39 PM

ඉතාම හොඳයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site