(ගයාන් සූරිය ආරච්චි)
කොටහේන සුමිත්තාරාම ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සිටි පුද්ගලයකුට සහ කාන්තාවකට වෙඩි තබා පලා ගිය වෙඩික්කරු හඳුනා ගැනීම සඳහා පොලිස් මූලස්ථානය මහජන සහාය ඉල්ලයි.
එම වෙඩි තැබීම ඉකුත් 16 වැනිදා සිදු කර තිබූඅතර වෙඩික්කරුවන්ට පලායෑම සඳහා ආධාර අනුබල දුන් සැකකරුවෙකු කොටහන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී වෙඩික්කරුගේ යයි සැක කරන ඡායාරූපයක් අපරාධ වාර්තා කොට්ඨාශයේ නිලධාරියකු විසින් චිත්‍රණයට නඟනු ලැබීය.
එම වෙඩික්කරු වයස අවුරුදු 30 ත් 35 ත් අතර පසුවන උස අඩි 5 ක් සහ අඟල් 9 ක් උසින් යුත් තලෙලු රවුම් මුහුණක් ඇති පුද්ගලයකු බව පොලිසිය පවසයි.
සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් කොටහේන පොලිසියේ ස්ථානාධිපති 0718591571 යන දුරකථන අංකයෙන් අමතන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
කොටහේනේ වෙඩික්කරු අල්ලන්න මහජන සහාය ඉල්ලයි
ගුණරත්න Wednesday, 28 May 2025 02:45 PM
මොවුන්ගේ අල්ලන ලැයිස්තුව දවස ගානේ දික් වෙනවා ඒත් අල්ලපු කෙනෙක් නැහැ... අර සෙව්වන්දි කියන කෙනා විසි පාරක් විතර ඇල්ලුවා කියලා නිවුස් ගියා, අල්ලා තියෙන්නේ කොහේවත් යන අහිංසක මනුස්සයෙක්, පොලිසියත් ආණ්ඩුව වගේ ජෝක් එකක් වෙලා..!