IMG-LOGO

මැතිසබා සේවකයන්ටත් නුවරඑළියේ බංගලාවක්

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නවාතැන් ගැනීමට නුවරඑළියේ  පවත්වාගෙන එන නිවාඩු නිකේතනය (General's House) ආසන්නයේ පාර්ලිමේන්තු සේවකයන් වෙනුවෙන්ද නිවාඩු නිකේතනයක් පිහිටුවීමට කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මන්ත්‍රීවරුන්ගේ නිවාඩු නිකේතනය ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක් ඒ සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.

මෙය  පාර්ලිමේන්තු සේවකයන් කාලයක සිට කරන ලද ඉල්ලීමක්  ඉටු කිරීමක් බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

මේ අතර පාර්ලිමේන්තුවේ  සියලුම කාර්යාලවලට පානීය ජල පහසුකම්( ලොකු ප්‍රමාණයේ ජල බෝතල්) ලබා දෙන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා  අදාළ නිලධාරීන්ට උපදෙස්දී ඇත.

බොහෝ කාර්යාලවල පානීය ජල පහසුකම්  නොමැති බව  පෙනී යෑමෙන් පසු කතානායකවරයා  මෙසේ උපදෙස්දී ඇත.



අදහස් (9)

මැතිසබා සේවකයන්ටත් නුවරඑළියේ බංගලාවක්

වලේසුදා Wednesday, 28 May 2025 12:01 PM

⁣දිනපතා නොමිලේ කෑම සහ සැප ගැනීමට බංගලා. ඒකත් නරකම නෑ. පහුගිය ආණ්ඩු කරපු දේවල්ම තමයි. මෙයාලා කරන්නේ වෙනත් විදිහකට... හැබැයි ඒකමයි. අන්න ඒකයි වෙනස...

:       5       17

පුංච‍ාWednesday, 28 May 2025 02:15 PM

නිවාඩු නිකේතන පහසුකම් තියෙන්නේ පාර්ලිමේන්තු සේවක‍යින්ට විතරද? හොයලා බලන්න පොඩ්ඩක්. රාජ්‍ය සේවයට එන්න උත්සාහ කරලා එන්න බැරි වෙච්චි එකේ තරහ පිරිමහන්නද හදන්නේ...! 

:       2       2

සමන් ගනිඅච්චි Wednesday, 28 May 2025 12:10 PM

පාර්ලිමේන්තු සේවකයන් සඳහා නුවරඑළියේ නිවාඩු නිකේතනයක් පිහිටුවීමේ තීරණය නැවත සලකා බැලිය යුතු යෝජනාවක් විය යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සේම සාමාන්‍ය රජයේ සේවකයින්ට වඩා සැලකිය යුතු ප්‍රමාණයක වරප්‍රසාද ලබන නිලධාරී පිරිසකට නිවාඩු ගතකිරීම සඳහා රජයේ මුදලින් නිවාඩු නිකේතන පිහිටුවීමට යාම පැරැණි නාස්තිකාර ක්‍රමයටම නැවත පණ දීමේ උත්සාහයකි. බදු ගෙවන පොදු ජනයා වෙනුවෙන් කළයුතු අත්‍යාවශ්‍ය දේවල් අතිමහත් ප්‍රමාණයක් තිබියදී මෙවැනි තීරණ ගැනීම නිවැරැදි නොවේ. පුවතේ සත්‍ය අසත්‍ය භාවය නොදන්නා නමුත් එය සත්‍ය පුවතක් නම් එම තීරණය අනවශ්‍ය හා වියදම්කාරී එකක් ලෙස දකිමි...

:       2       16

පුංචාWednesday, 28 May 2025 02:15 PM

නිවාඩු නිකේතන පහසුකම් තියෙන්නේ පාර්ලිමේන්තු සේවක‍යින්ට වතරද? හොයලා බලන්න පොඩ්ඩක්. රාජ්‍ය සේවයට එන්න උත්සාහ කරලා එන්න බැරි වෙච්චි එකේ තරහ පිරිමහන්නද හදන්නේ...!

:       1       2

Bunny Preena Wednesday, 28 May 2025 12:13 PM

සේවක මණ්ඩලයේ සුබසාධනය ගැන හිතන එක ලොකු දෙයක්. ලීටර 19 පානීය ජල බෝතල් ස්ථාපනය කළ හැකි මැටිවලින් සාදන ලද ජලකරාම සවිකළ ගුරුලේත්තු භාවිතා කළා නම් බොහොම සිසිල් වූ ජලය පානය කරන්න පුළුවන්. ශීතකරන වෙනුවට හොඳ විකල්පයක්...

:       0       14

JayasekaraWednesday, 28 May 2025 02:53 PM

ඉස්සර රජයේ මැති ඇමැති කෙනෙක් හිටියට වැඩක් වෙලාම නෑනේ. එයා කළේ අහිංසක මිනිස්සුන්ට කනේ පාරවල් ගහන එක.

:       1       1

Chinthaka Herath Wednesday, 28 May 2025 12:18 PM

පේනවනේ එක පෑන් පාරයි.

:       1       10

don Wednesday, 28 May 2025 04:10 PM

නිවාඩු නිකේතන හදලා කට්ටියව නිවාඩු ඇරලා සැප දෙන්න නොවෙයි මිනිස්සු මේ පාර ඡන්දෙ දුන්නේ... වසර 5ක් යද්දී කළින් අයට වඩා වෙනසක් නැති වුණොත් යහපාලනයට වඩා පච ආණ්ඩුවක් වේවි. අලුත් කට්ටිය කිසිම දෙයක් නොදන්නා කමට සියල්ල උගන්වනවාට දෙන තිළිණයක් නේද මේ?

:       1       4

ගුණරත්න Wednesday, 28 May 2025 05:03 PM

මහජන මුදලින් නිකමුන්ට සැප දෙමු! මේ ආණ්ඩුවේ පුනරුදේට කියන අලුත්ම නිර්වචනය...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 596 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 336 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 497 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site