කුරුවිට ලක්ෂ පහේ කොල්ලයේ තුනක් රිමාන්ඩ්
මීට මාස දහහතරකට පෙරදී මැණික් ගලක් අලෙවි කිරිමට බව පවසා කුරුවිට පුදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසට ඇතුලුවී ගිනි අවි පෙන්වා නිවැසියන්ට පහර දී තුවාල සිදුකර, බියවද්දා රුපියල් ලක්ෂ විසිපහක මුදලක් කොල්ල කෑ අපරාධයේ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙක් මේ මස 27දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත් දුලානි සන්ධ්‍යා මහත්මිය අද (15) නියෝග කළාය.