
(ගයාන් සූරිය ආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ පැවැති විභාගයට නීතිඥවරුන් දෙදෙනකුගේ සහය ඇතිව නීත්‍යානුකූල නොවන ආකාරයෙන් නීති උපාධිය ලබා ගත් බවට ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.
සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රචාරය වූ සම්මුඛ සාකච්ඡාවකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීතිඥවරුන් දෙදෙනකුගේ සහාය ඇතිව නීති විද්‍යාලයේ පැවති විභාගයට පෙනී සිටිමින් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් නීති උපාධිය ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය නැමැති සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණි
ඒ අනුව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීර සූරිය මහතා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන වලට අනුව විධිමත් පරීක්‍ෂණයක් සිදු කිරීමට උපදෙස් ලබා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු දෙයක් දැන්වත් මතක් වුණ එක හොයන්න
ඉස්සෙල්ලාම මේ වැඩේට උදව් කළ දෙන්නාව හිරේට දාන්න…
අප්පලා පුතාලා සනුහරේම ගෑවුන ගෑවුන තැන හොරකම වංචාව… පුදුම පවුලක්...
අනේ මෙතුමා කොච්චර මහන්සි වෙලා පාඩම් කරලාද මේ උපාධිය ගත්තේ? ඇයි මෙහෙම කරන්නේ... පව්නේ අසරණයා.
අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතුයි... රටම කාබාසිනියා කරා මදිවට හොර නීතිඥ පට්ටමකුත් අරන්
නාමල් අනුරට කරලා තියෙන උදව්වල හැටියට ගහපු මඩ ටික හෝදලා දෙන්නයි යන්නේ. එල්ලෙන්න පිදුරුගස් හොයන මාලිමාව පව්. ඒත් අපේ බදු මුදල් මීට වඩා වැදගත් දේකට වියදම් කලා නම් තමා හොඳ.
අයියෝ…, ඕකට රට පටලන්න දෙයක් නෑ. මෙයාට උඩිනුයි යටිනුයි විභාග අංක තිබුන දෙන්නගෙං අහන්න ඒ දෙන්නට මැදිං මෙහෙම එකෙක් වාඩිවෙලා විභාගෙට ලිව්වද කියලා…!
නාමල් නෙමෙයි, ඒ වෙනුවට නීති විභාගයට ලියුවේ වඳුරෙක් කියලා හොයාගන්නවමයි ! හරියට විදුලිබල ඇමති, කුමාර ජයකොඩි වගේ ! අනිවා !
මේකත් වැරදි දෙයක් හැබැයි මිට වැඩිය හොයන්න ගොඩක් දේවල් තියෙනවා මෙයාලා ගැන බොරුවට මේවා ගැන හොයන වේලාව කාලය යොදවන්න මිනිස්සු රවට්ටන්නේ නැතුව
බොරුවට විශ්වාස කරනවා වගේ පේනවා... ඒත් දැන් මිනිස්සු දන්නවා මේකත් කෝපි කඩේ බොරුවක් කියලා
වහලුන් සතුටින් තබා ගැනීමට තවත් නාට්‍යයක්. නාමල් එසේ කළා යැයි සිතුවහොත්, එය විදුහල්පතිවරයාගේ සහ එම නිශ්චිත විභාගයේදී සුපරීක්ෂාකාරී වූවන්ගේ වගකීමකි. ඔවුන්ට එරෙහිව නඩු විභාගයක් පැවැත්විය යුතුය. මෙය ඉතා හාස්‍යජනක සහ NPP පාලනයේ ගැටළු වළක්වා ගැනීමට කරන නාට්‍යයකි....
නාමල්වත් ක්ලීන් කරනවද?
හොරට ලියලා විභාගේ පාස් වුණා කියන එක ලෝකෙම දන්නවා. ඔවුන්ට මොලේ තියෙන්නේ හොරකමට, වන්චාවට, දූෂණයට, කපටිකයිරාටිකකම් වලට, බොරුවට, රැවටිලිවලට, සුදුවෑන් ඝාතන අතුරුදහන්, මිනීමරු වැඩවලට මිස වෙන මොනවාටද?
ඒ කාලේ තාත්තාට ලියපුවා හෙව්වානං මාත් ගස්...
මේක වැරදි වැඩක්, නමුත් මෙයට වැඩිය ලොකු වැරැදි වැඩ ගොඩක් මේ ගොල්ලන් කරලා තිබෙනවා. විපක්ෂේ ඉන්න කොට ජවිපෙ සාමාජිකයෝ ලිපිගොනු සහ ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරමින් මාධ්‍ය හරහා කතා කළත් දැන් බලය ලැබුණාට පස්සේ... මේ ගොල්ලන් අත්අඩංගුවට අරන් පරීක්ෂණ ආරම්භ නොකරන්නේ කුමක් නිසාද යන සැකය අප තුළ තිබෙනවා... එක්කෝ එම ලිපිගොනු බොරු වෙන්න ඕනේ.. එහෙම නොමැතිනම් මේ ගොල්ලන් සමග ආණ්ඩුවට යටින් ඩීල් එකක් තිබෙන්න ඕනේ...
ඔය හොර අබ්බගාතයා "හොර උපාධිය" ගත්තාට පස්සේ, වැස්සකටවත් උසාවියකට ගොඩවී තිබේද කියා දන්නා කෙනෙක් අපේ රටේ ඉන්නවද කියා මගේ ආච්චි සීයාගෙන් අහනවා. දැන් ඉතින් ඔය කළු ලෝගුවේ දූවිලි ගසා දමා, පරණ ඇඳුම් කඩයකට වික්කා නම්, බේබිට කීයක් හරි හොයාගන්න තිබ්බා!!!
හොරකම්. කරන්න පටන් ගත්තෙ මෙතනින්. නාකි මයිනා. හොර උපාදිය දීලා. කුරහන් පටියත් බෙල්ලට දාලා තමයි ගොනාව අර්න් ගියේ පාර්ලිමන්ට් එකට. ඒ දවස්වල මේයගේ කොන්ඩේ බෙල්ල ලගට පොන්සේකා. කෙනෙක් වගෙ. ඉටපස්සෙ මෙයාගෙ අත් ඔරලෝසු පෙන්වන් න ගත්තා. ඒවත් නාකි මයිනා මුද්ල් ඇමති එයා තමයි ඒ හොරවැඩෙත් කෙරුවේ. මයිනා දන්නවා ගොන්නු තුන්දෙනාට ඉගෙනීමකුත් නැහැ. හොරා කන්න දන්නෙත් නැහැ.
අප්පච්චිගේ උපාධියත් හොර එකක් නේද? බණ්ඩාරනායක යුගයේ ඉදන්ම හොරකම් අංක එක ලංකාවේ
පචයෙන් බලයට පත් වෑඩ බෑරි ආන්ඩුව තාමත් යන්නේ “රාජපක්ශ” “රාජපක්ශ” පචයෙන්…… රෙද්දේ රෙවිලා පචයන්ට…