
(යොහාන් භාසුර)
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වෙසෙන කොළඹ ආනන්ද සහ නාලන්දා විදුහල්වල ආදි සිසුන් අතර 15 වැනි වාර්ෂික ක්‍රිකට් සහ රග්බි තරග අජ්මාන්හි රාජකීය ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී හෙට (15) දිනය පුරා පැවැත්වේ.
මෙවර ආනන්ද විදුහල් පළමු පෙළ ක්‍රිකට් පිලේ නායකයා ලෙස කුෂාන් විජේවර්ධන ද, නාලන්දා විදුහල් පළමු පෙළ ක්‍රිකට් පිලේ නායකයා ලෙස එරංග ජයසිංහ ද, කටයුතු කරති.
ආනන්ද සහ නාලන්දා විදුහල් දෙවැනි පෙළ ක්‍රිකට් කණ්ඩායම්වල නායකත්වය පිළිවෙළින් ලක්මින් අභයවර්ධන සහ චානක සේනතිලක දරති.
දෙවිදුහල් අතර රග්බි තරගයේදී ආනන්ද විදුහල් පිල අමිත නුවන් ද, නාලන්දා විදුහල් පිල අසේල වීරසූරිය මෙහෙයවති.
දෙවිදුහල්වල ආදි ශිෂ්‍ය ක්‍රිකට් සහ රග්බි කණ්ඩායම්වලට එම විදුහල් පලමු පෙළ ක්‍රිකට් සහ රග්බි කණ්ඩායම් නියෝජනය ක්‍රීඩකයන් රැසක් ඇතුළත්ව සිටින අතර ඒ හේතුවෙන්ම මෙම වඩාත් තරගකාරී මුහුණුවරක් ගනී.
ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක, ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.
මෙම අවස්ථාවට සහභාගි වන ලෙස එම විදුහල්වල එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ආදි ශිෂ්‍ය සංගම් එරට වෙසෙන ආදි සිසුන් ආරාධනා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා වෙන්නේ කොහොමද? කෝ අධ්‍යාපනයේ විෂමතාව නැති කරන්න ආපු ආණ්ඩුව. කෝ අගමැතිතුමිය...?
මේකත් පත්තරේ දාන්න තරම් දෙයක්?
පිටරටක ගිහිල්ලාත් එකට ඉන්න බැරි හැටි