
(නිමල කොඩිතුවක්කු)
කුඩා, මධ්‍යම සහ මහා පරිමාන සියලුම වී මෝල් ලියාපදිංචි කිරීමට රජය පියවර ගෙන ඇතැයි වි අළෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසීය.
ඒ සඳහා අවශ්‍ය අයදුම් පත් සියලුම ප්‍රදේශීය ලේකම් කාර්යාල වලින් ලබා ගැනීමේ හැකියාව පවතින බවත් සභාපතිවරයා සඳහන් කළේය.
වී තොග සම්බන්ධයෙන් නිවැරදි දත්ත ලබා ගැනිම අරමුණු කරගනිමින් මෙම පියවර ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
වී අලෙවි මණ්ඩල පනත අනුව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවත් ඒ අනුව වී තොග රැස්කරන පිරිස සම්බන්ධවෙයන් විධිමත් දත්ත පද්ධතියක් ඉදිරියේදී එළි දක්වන බවත් ඔහු කීය.
ලියාපදිංචි නොවූ ම වී මෝල් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සභාපතිවරයා තවදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක්...!
ගොඩක් හොඳයි...!