
(අංජුල මහික වීරරත්න)
USAID මගින් මුදල් ආධාර ලබා දුන්නේ කාටද කුමන සංවිධාන වලටද කුමන පුද්ගලයින්ටද යන්න සොයා බැලීම සදහා තේරිම් කාරක සභාවක් පත්කිරීමට කථානායක වරයාට තමන් ලිපියක් බාරදුන් බවත් කඩිනමින් මේ තේරීම් කාරක සභාව පත්කර USAID මගින් ආධාර ලබාදුන්නේ කාටද යන්න බලාගත හැකි බවත් පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇමරිකා තානාපතිනිය ජුලී චන්ග් මහත්මිය මුණ ගැසී පැවසීය.
කොළඹ නෙළුම් මාවතේ පොහොට්ටු කාර්‍යාලයේදී ජුලී චන්ග් සහ නාමල් රාජපක්ෂ හමුව සිදුවිය.
මෙම හමුව සඳහා පක්ෂයේ ජාතික සංවිධායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, මහ ලේකම් සාගර කාරියවසම්, ජාතික කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක, සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.බී රත්නායක, සංජිව එදිරිමාන්න සහ ජයන්ත කැටගොඩ යන මහත්වරු සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක්
විපක්ෂ නායක කරන්න ඕන දෙයක් නාමල් කරන්නේ. USAID ප්‍රශ්නයේදී සජිත් නිශ්ශබ්ද ඇයි? අනුර නාමල්වම ටාගට් කරන්නේ ඇයි? හිතන්න යමක් ඇත.
හැම මුදල් ප්‍රශ්නයකටම කොහොම හරි සම්බන්ධයක් තිබෙනවා කියලා කියන්න ඕනෑ...!
නාමල්ව හම්බවුණා. ජූලි චන්ග් හදිස්සියේම ආවේ ඇයි? හොරාට කළින් කෙසෙල් කැන වැට පැන්නාද?
අනේ ජුලී.. ඔයා පරිස්සමෙන්..
රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා, ඇමරිකාවේ ඉන්න කපුටු බාප්පොච්චි ගැනත් කියන්න ඇති.
පිට කොන්දක් ඇති වැඩක් දැක්කේ කාලෙකින්...
ඕක ක්‍රියාත්මක වුනේ හිටං හා කජු සීයා කාලේ සහ විරුවා මරුවා කාලේ. පස්සේ කජු සීයා ටෙම්පරිය අදින කාලේ ඔය usaid වැඩසටහන අවසන් වූවා. ඉතින් ඕක හොයන්න ඕනෑ. මොකද ඕක වුනේ මේ ආණ්ඩුව එන්න ඉස්සර...!
දියේ ගිලෙන්න යන එකා පිදුරු ගහෙත් එල්ලෙනවලු. තමන්ට එරෙහිව තිබෙන දහසකුත් එකක් චොදනා වලින් ගැලවීමට "බේබි" මාර ගේමක් ගහන්න තටමනවා වගෙයි!!! ඒ මදිවාට දැන් එයාගේ නමට ඉදිරියෙන් "ගරු" පට්ටමකුත් එල්ලලා!!! මාර පොරක්නේ... ජනාධිපතිට වත් දැන් එහෙම පට්ටමක් දෙන්නේ නෑ.
නාමල් බේබිගේ අප්පච්චිට, අම්මන්ඩිට, බේබිලාට, කපුටන්ට දැන් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මුලු රටේම සේසත හූරන් කෑවා... මේක මග ඇරුනේ කොහොමද කියන එකනේ ලැජ්ජාවක් නැහැ. නූගත් කියන්නේ ඒකනේ. මේ ප්‍රශ්නේ විසඳන්න මාලිමාවේ ඕනෑතරම් මොල කාරයින් ඉන්නවා. දැන් උබටයි. අනිත් චුන් චණ්ඩි මල්ලීටයි තියෙනවා මීට වැඩිය. ලොකු මුදල් වංචා... ඒවා වුනේ කොහොමද කියලා දැන ගන්න. ජනතාව කැමැතියි. ඩොන්ල්ඩ් ට්‍ර්ම්ප් බැන්කු ගිණුම් වගේ. ඇති බිස්නස් එකකුත් නැහැ. අර රොකට් මල්ලි... අනිත් සෙවලයින්... එයාගේත් එකවුන්ට් බලන්න කියන්න ඕනෑ... හැන්ගිලා ඉන්නේ. දැන් නාමල් බේබි පුදුමයි නේද? මේ ඇමරිකාවේ ආධාර. අතපසු වුණු එක. එක අතකින් හොඳයි. නැත්නම් වමාරන්න වෙන්නේ. සේරටම කලින්...!
ජුලි චං කියන්නේ බයියන්ගේ වහල්ලියක් හෙට අනිද්දා ගෙදර යන නිසා ලොකු ලණුවක් දෙන්න යන්නේ. යෝගා නොදන්න වුනාට මහින්ද රාජපක්ෂගේ හොදම යාළුවා තමයි රණසිංහ ප්‍රේමදාස. සජිත් කියන්නෙත් නාමල්ගේ යාළුවෝ. කවදාවත් එකාට එකා පාවා දෙන්නේ නෑ.
අපි නමල්ට බයයි.ඔහු සහ ඔහුගේ පව්ල අන්ත දුශිත පිලලයක්.
පේන විදියට රුවන් හඳෙන් පාත් වෙච්ච කෙනෙක් වගේ. එයා දැකලා නෑ අරගලේ වෙලාවේ සහ චන්දේ වෙලාවේ ජූලියා පැලවත්තට රිංගපු රිංගිල්ල. එහේ පදිංචි වෙලා වගේ හිටියේ. ඉලෝන් මස්ක් කියන විදියට අපේ රටෙත් ඇතුළුව යූඑස්ඒඅයිඪ් එකෙන් රටවල්වල ආණ්ඩු පෙරලන්නත් සල්ලි වියදම් කරලා තියෙනවා
නිශාන් ඔයා හරි. ජූලියා හිටියේම අප්පුවත් එක්කමයි.