
(සුමිත් පොතුපිටිය)
ලුණුගම්වෙහෙර සිට කොළඹ බලා ධාවනය වූ අර්ධ සුඛෝපභෝගී බස් රථයක් අද අළුයම පානදුර ගුවන් පාලම යට පෙරළී යාමෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.
මෙසේ රෝහල් ගතකර ඇත්තේ බසයේ ගමන් ගත් කාන්තාවන් තිදෙනෙකු බව පොලිසිය කිය.
අනතුර සිදුවන අවස්ථාවේ බසයේ මගීන් 50 කට ආසන්න ප්‍රමාණයක් සිට ඇති බව බසයේ කොන්දොස්තර වරයා පැවසීය.
තුවාල ලැබූවන් පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කීය.
බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පානදුර මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාඋල්ල මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශය පරීක්ෂණ පවත්වති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිංතූරයෙ පේන විදියට පුද්ගලික බස් රථයක්. පුද්ගලික බස් ධාවනය කරන්නේ හරිම අපරීක්ශාකාරි අන්දමට. ඒ ගොල්ලනගේ බස් වල ඇතුලෙ යන මිනිස්සුන්ටත් අමාරුයි වාඩි වෙලා යන්නත් සීට් එකෙනුත් විසිවෙනවා. මේ සම්බන්ධව, බලධාරීන්, දැඩි ක්‍රියා මාර්ග ගත යුතුයි.