සජිත් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් හමුවෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී අද (26) පැවැත්විණ. 26 February 2025
ඉෂාරාගේ මව සහ සහෝදරයා රිමාන්ඩ් ගනේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කාර සැකකරු මෙහෙයවූ මහා මොලකාරිය යැයි කියන ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සහෝදරයා ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියෝග කළේය. 26 February 2025
පැය පහකට පසු නාමල් සී.අයි.ඩියෙන් පිටව යයි එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පැය පහක ප්‍රකාශයක් ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පස්වරු 2.00 පමණ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවන් පිටව ගියේය. 26 February 2025
ඖෂධ සැපයුම් දුර්වලතා යළි ඇති වෙන්නේ නෑ සෞඛ්‍ය අමාත්‍යංශය පිළිබඳ ජනතා විශ්වාසය බහුල වශයෙන්ම පළුදු වුයේ ඖෂධ සැපයීමේ දුර්වලතා හේතුවෙන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 26 February 2025
වන අලි පහරදීමෙන් අයෙක් මරුට ගවයන් ගාල්කර නිවසට පැමිණෙමින් සිටි පුද්ගලයෙකුට පාඨාලිපුරම් ප්‍රදේශයේදී ඊයේ (25) අලියකු කළ පහරදීමකින් බරපතල තුවාල ලබා මූතුර් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව සාම්පූර් පොලිසිය කියයි. 26 February 2025
අනවසරයෙන් බූරුවන් ප්‍රවාහනය කළ දෙන්නෙක් අල්ලයි කිසිදු නිත්‍යනුකුල බලපත්‍රයක් නොමැතිව කන්දකුලියෙ සිට ලොරි රථ දෙකකින් ප්‍රවාහනය කරමින් සිටි බූරුවන් හය දෙනෙකු ලොරි රථවල රියදුරන් දෙදෙනාද සමගින් අත් අඩංගුවට ගැනිමට අද(26) නොරෝච්චෝල පොලිසියෙ රථවාහන අංශ නිළධාරීන් සමත්ව තිබුණි. 26 February 2025
පයිප්ප- කම්බි සොරකම්කළ හිටපු පීසී අත්අඩංගුවට රුපියල් 70,000 ක් වටිනා පයිප්ප ආවරණයක් සොරකම් කිරීම සහ වගා භූමියකට ඇතුළු වී රුපියල් 75,000ක් වටිනා යකඩ කම්බි තොගයක් සොරකම් කිරීම යන අපරාධ සිද්ධි දෙකක් සම්බන්ධයෙන් හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 26 February 2025
කෙහෙල් බද්දර පත්මේගේ පාසල් මිතුරාට වෙඩි මිනුවන්ගොඩ පත්තඬුවන සිදු වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි. 26 February 2025
පුද්ගල ඝාතනයකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ නිවසක් බිද මුදල් සොරා ගෙන ප්‍රදේශයෙන් පලා ගොස් මාස අටකට වැඩි කාලයක් සැගව සිටි සැකකරුවෙකු මොරගහහේන කිතුලකන්ද පාර ප්‍රදේශයේ නිවසක සිටියදී අත් අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසයි. 26 February 2025
ගුවන් ගනුදෙණුව ගැන කියන්න නාමල් සී.අයි.ඩීයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ගුවන් යානා ඇණියක් ප්‍රතිස්ථාපන කිරීමේදී සිදු වූ බව කියන මුදල් ගනු දෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 26 February 2025
අකුණක් වැදී ධීවරයා අතුරුදන් කල්පිටිය කන්දකුලිය ධීවර තොටුපළින්, ධීවර රැකියාව සදහා පිටත්ව ගිය ධීවරයෙකු අකුණක් වැදී මුහුදට වැටීමෙන් අතුරුදන්ව ඇතැ යි කල්පිටිය පොලිසිය පවසයි. 26 February 2025
‘කුෂ් ‘ සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන පැමිණි විදේශීය ගුවන් මගී කාන්තාවක් අද(26) කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 26 February 2025
අද කාලගුණය උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 February 2025
නාමල්ගේ නඩුව විභාග කරන මහේස්ත්‍රාත්ට අපහාස කළ අය ගැන සොයයි පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි මුල්‍ය අපරාධ නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාට එරෙහිව මුහුණු පොතේ යම් යම් සටහන් තැබු පුද්ගලයන් පිළිබඳ වාර්තාවක් නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ ප්‍රධාන රෙජිස්ට්රාර්වරයාට අද නියම කළේය. 25 February 2025
කෙහෙල්බද්දර පත්මේගේ බිරියගේ නිවෙස වීඩියෝ කළ දෙකක් මාට්ටු සංවිධානාත්මක අපරාධ කල්ලි ප්‍රබල සාමාජිකයකු බව කියන මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ බිරිඳගේ මහ ගෙදර වීඩියෝ කළ පුද්ගලයන් දෙදෙනකු පන්නල නගරයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. 25 February 2025
E- 8 රැකියා රජයෙන් පමණයි දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර, එම රැකියා අවස්ථා ලබාදෙන්නේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බව එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. 25 February 2025
අයවැය මුදල් හරි විදියට යෙදවීම නිලධාරීන්ගේ වගකීමක් අයවැයෙන් වෙන්කර ඇති මුදල් නිසි අයුරින් අදාළ කාර්යයන් සඳහා ඵලදායීව සහ සාධාරණව යෙදවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 25 February 2025
ඉෂාරා සොයා තෙබුවන පීරයි මෙරට සියලුම ආරක්ෂක අංශ එක්ව අත්අඩංගුවට ගැනීමට සොයන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ මහ මොළකරු ලෙස සැළකෙන ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව තෙබුවන රන්නගල වතුයායේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් නිවසක සැඟවී සිටින බවට ලද තොරතුරක් අනුව එම නිවස ක්ෂණිකව වැටලීමත් සමඟම එහි සිටි කාන්තාවක් නිවසින් පලා ගොස් කැලෑ වැදුණු බව තෙබුවන පොලිසිය කියයි. 25 February 2025
අනවසරයෙන් මැණික් ගැරූ 19ක් අල්ලයි රත්නපුර ප්‍රදේශයේ ගංගාවල මේ දිනවල ජල මට්ටම පහළ යාම හේතුවෙන් නීති විරෝධීව මැණික් ගැරීමේ ජාවාරමේ යෙදුණු පුද්ගලයන් 19 දෙනෙකු අත්අඩංගුවට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්රහාරයක ඒකකය සමත්ව ඇත . 25 February 2025
මඟ නැඟුමේ හිටපු නිලධාරීන් දෙන්නෙක් රිමාන්ඩ් සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කල මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දෙමින් රජයේ මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි අත් අඩංගුවට පත් මඟ නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් දෙදෙනෙකු ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද(25) නියෝග කළාය. 25 February 2025
අයවැය වැඩි ඡන්ද 109කින් සම්මතයි 2025 අයවැය දෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 109කින් සම්මත විය. අය වැයට පක්ෂව ඡන්ද 155 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 46ක් ලැබිණි. 25 February 2025
විදුලි නිෂ්පාදන වියදම ඉහළ යයි වියළි කාලගුණයත් සමඟ තාප විදුලි බලාගාර රැසක් ක්‍රියාත්මක කිරීම නිසා විදුලි නිෂ්පාදනය සඳහා වන පිරිවැය ඉහළ ගොස් ඇති බවත් ජල විදුලියෙන් දහවල් කාලයේ සියයට 20 ක් සහ රාත්‍රී කාලයේ සියයට 40 ක් ලෙස විදුලිය මෙම දිනවල ජනනය කරන බවත් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා අද (25) පැවසීය. 25 February 2025
ගුරු - විදුහල්පති වැටුප් ඉහළම ශ්‍රේණි දහය අතරට විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් ඉහළම ශ්‍රේණි දහය අතරට ගෙනවිත් තිබෙන බව අග්‍රාමාත්‍ය , අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පාර්ලිමේන්තුවේදී අද (25) පැවසුවාය 25 February 2025
ජනපති - යුද හමුදා ප්‍රධානී හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (25) පැවැත්විණි. 25 February 2025
දිළිඳු බවට තිත තියන්න ’’ප්‍රජා ශක්ති’’ එයි දිළිඳු බව තුරන් කිරීම සඳහා බහු විධ ප්‍රවේශ ඇතුළත් ඒකාබද්ධ වැඩසටහනක් වශයෙන් ’’ ප්‍රජා ශක්ති’’ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතියල දී ඇත. 25 February 2025
’’යහපාලන සමයේ අසත්‍ය චෝදනා යළි ගෙන එනවා’’ යහපාලන ආණ්ඩුව සමයේ චෝදනා ඉදිපත්කර ඔප්පු කිරීමට නොහැකිව ඉවත දමා තිබු අසත්‍ය චෝදනා නැවත ප්‍රෝඪාකාරී ලෙස ගෙන එන එමින් එම පක්ෂයේ පාක්ෂිකයා සතුටු කිරීමට ආණ්ඩුව උත්සහ කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (25) පැවසීය. 25 February 2025
අන්තර්ජාතික ගුවන් සම්මුතියකට අපේ කැබිනට්ටුවත් එකඟ වෙයි අන්තර් ජාතික සිවිල් ගුවන් සේවා සම්මුතිය සඳහා වන සංශෝධනයට අදාළ Article 3 bis සන්ධාන පත්‍රය වෙත ප්‍රවේශ වීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී ඇත. 25 February 2025
සංජීව ඝාතනයට 30කගෙන් ප්‍රකාශ ගනියි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන ගනේමුල්ල සංජීව නැමැත්තාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 30 කගේ පමණ ප්‍රකාශ සටහන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. 25 February 2025
ලංකා - පිලිපීන මිතුරු ගිවිසුමක් බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ පිලිපීන ජන රජයේ විදේශ සේවා ආයතනය (FSI) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 25 February 2025
ක්‍රීඩා උත්තේජක එරෙහි පනත සංශෝධනයට ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත සංශෝධනය කිරීමට කැබිනට් ඇනුමැතිය ලැබී ඇත. 25 February 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026