IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කෝටි 7 ක කේරළ ගංජා සමඟ දෙන්නෙක් අල්ලයි

(    සිතුම් චතුරංග )

ඉන්දියාවෙ සිට ධීවර බෝට්ටුමාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි හතක පමණ වටිනාකමින් යුතු කේරළ ගංජා කිලෝ 284 යි ග්‍රෑම් 415 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු යාපනය අරුකුවේලි හීදි ඊයේ  (12) අත්අඩංගුවට ගත් බව යාපනය,චාවකච්චේරි පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසියට ලැබුණ තොරතුරක් මත සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී  අරුකුවේලි ප්‍රදේශයේ නිවසක සඟවා තිබු කේරළ ගංජා තොගය එලෙස සොයා ගෙන තිබේ.

ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනා කේරළ ගංජා තොගය මෙරට ජාවාරම්කරුවන්ට බෙදා හැරීමට සුදානම් කොට තිබියදි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.

සැකකරුවන් දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන පුද්ගලයන් වන බවත් ඔවුන් තවත් ජාවාරම්කරුවන් පිරිසක් සමඟ එක්ව මෙම කේරළ ගංජා ජාවාරම මෙහෙයවා අ‍ැති බවට තොරතුරු අනාවරණයවූ බවත් පොලිසිය පැවසීය.

 

 

 



අදහස් (0)

කෝටි 7 ක කේරළ ගංජා සමඟ දෙන්නෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site